(උපාලි ආනන්ද)
ශ‍්‍රි ලංකා යුද හමුදාවේ ගජබා රෙජිමේන්තුවේ හිටපු සේනා විධායක කර්නල් ජයන්ත සුරවීර මහතා ඝාතන සිද්ධියේ විත්තිකාර කොටි සමාජිකයින් දෙදෙනාගේ ඉල්ලීම පිළිගන්නේද නැද්ද යන්න නියෝගය ඔක්තෝබර් 11 වැනි දා ප‍්‍රකාශයට පත් කිරීමට අනුරාධපුර විශේෂ මහාධිකරණයේ විනිසුරු මහේෂ් වීරමන් මහතා තීරණය කළේය.
කැබ් රථයකින් ගමන් කරමින් සිටියදි සුරවීර මහතා ඇතුළු අට දෙනකු විල්පත්තුව ජාතික වනෝද්‍යානය තුළදී වෙඩි තබා ඝාතනය කරනු ලැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් ගොනු කර ඇති අධිචෝදනා ලිහිල් කරන්නේ නම් වරද පිළිගැනිමට තමන් සූදානම් බවට බවට එම විත්තිකරුවන් දෙදෙනා අධිකරණයට දන්වා තිබිණි.
ඔවුන් දෙදෙනා ඔක්තෝබර් 11 වැනි දා දක්වා තවදුරටත් රිමාන්ඩ් කරන ලෙසටද නියෝග කෙරිණ.
ඔවුන් වෙනුවෙන් පෙනී සිටින නීතිඥ කාලිංග රවින්ද්‍ර මහතා අධිකරණයට දැනුම් දුන්නේ විත්තිකරුවන්ට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනු කරනු ලැබූ අධිචෝදනා ලිහිල් කරන්නේ නම් අදාළ චෝදනාවන්ට වරද පිලිගැනිමට විත්තිකරුවන් කැමැත්තෙන් සිටින බවයි.
මෙම අපරාධය සිදු කළ බවට අධිචෝදනා ලබා දැනට වසර හයකට අධික කාලයක් රිමාන්ඩ් කරනු ලැබ සිටින්නේ සූරියකාන්තන් ජෙයචන්ද්‍රන් සහ ශිව ප‍්‍රකාශන් ශිවශීලන් යන දෙදෙනාය.
COMMENTS
ඔව් ඔව් ඔක්කොම ලිහිල් කර නිදහස්කරන්න, එතකොට ඊළඟ කොටි නැටුමට ලැහැස්ති වෙන්න බැරිය රට යන විදිහට.
මරුනේ. දැන් ත්‍රස්තවාදීනුත් අපේ මැති ඇමතිවරුන්ව ෆොලෝ කරනවා වගේ.
කේපීට මෙන් දැඩි දඬුවම් දෙන්න. දන්නේ නැති හින්දා අහන්නේ, මේ දෙදෙනාටත් පිටරට බැංකුවල මුදල් සහ නැව් තියෙනවද?