
(ටී.කේ.ජී.කපිල )
රුපියල් දෙකෝටි හතලිස් අට ලක්ෂයක් වටිනා (2,48,00,000) මත්පෙති 4960 ක් ඇඟලුම් බහාලූ පෙට්ටියක සඟවා කටුනායක භාණ්ඩ නිශ්කාශන මධ්‍යස්ථානය වෙත ගුවන් මගින් එවා තිබියදී රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් අද (11) අත්අඩංගුවට ගෙන ඇති බව රේගු මාධ්‍ය ප්‍රකාශක අතිරේක රේගු අධ්‍යක්ෂ ජනරාල් සුනිල් ජයරත්න මහතා පැවසීය.
කොළඹ 15 ප්‍රදේශයේ ලිපිනයකට නෙදර්ලන්තයේ සිට මෙම ඇඟලුම් බහාලුම ලැබී තිබුණ ද එය මෙතෙක් භාර ගැනීමට කිසිවෙකු නොපැමිණි නිසා ඒ පිළිබඳව සැක සිතූ රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් මෙම පෙට්ටිය විවෘත කර පරීක්ෂා කර බලා තිබේ.
එහිදී මෙම කාඩ්බෝඩ් ඇසුරුම් පෙට්ටියේ ව්‍යාජ ලෙස සකස් කළ බිත්ති තුළ මෙම මත්ද්‍රව්‍ය පෙති තොගය සඟවා තිබියදී සොයා ගැනීමට රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් සමත් වී තිබේ.
මේ වනවිට මෙම බහාලුමේ සඳහන් ලිපිනය පිළිබඳව සොයා බැලූ බවත් එහි නම සඳහන් අයෙකු සොයා ගැනීමට නොහැකි වී ඇති බවත් හෙයින් කිසිවෙකු මේ පිළිබඳව අත්අඩංගුවට ගෙන නොමැති බවත් රේගු මත්ද්‍රව්‍ය පාලන අංශය සඳහන් කළේය.
මේ පිළිබඳව වැඩිදුර විමර්ශන කටයුතු රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් විසින් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් වෙත භාර දී තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙම අගනා පෙති වර්ගය ළඟදීම ඔබට ආසන්නතම පොලිස් ස්ථානයෙන් ලබාගන්න...
අර නාකොටික් 13දෙනාගෙන් අහන්නකෝ. එයාලා දන්නවා ඇතිනේ කවුද ඒජන්තයා කියලා...