සුජිත් හේවාජුලිගේ
රුපියල් කෝටි දෙකක අල්ලස් ගත් ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී හා රාජ්‍ය දැව සංස්ථාවේ සභහපතිවරයා අත්අඩංගුවට ගැනීම සාර්ථකව කළ අල්ලස් කොමිසමේ වැටලීම් අංශයේ නිලධාරීන් හත් දෙනාට පොලිස් දෙපාර්තමේන්තුවෙන් දෙන ත්‍යාග මුදලට අමතරව කොමිසමෙන්ද යම් ත්‍යාග මුදලක් පිරිනැමීමට තීරණය කර ඇත.
මේ වැටලීම් සම්බන්ධයෙන් කොමිසමේ ප්‍රධානීන් එම කොමිසමේදී අද (04) පැවැත්වු සාකච්ඡාවේදී මේ තීරණය ගෙන ඇත.
මෙවැනි විශේෂිත ගණයේ වැටලීම් කරන නිලධාරීන්ට අල්ලස් කොමිසමෙන් ද යම් දිරිගැන්වීමක් කිරීම වැදගත් බව කොමිසමේ නිලධාරීන් පිරිසක් මෙහිදී පෙන්වා දී ඇත.
මේ පිළිබඳ අප කළ විමසුමකදී අදහස් දැක්වූ පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා පැවැසුවේ මේ සම්බන්ධයෙන් අදාළ අංශවලින් නිර්දේශ ඉදිරිපත් කෙරුණු පසුව තමා ඒ නිලධාරීන් දිරිගැන්වීමට පියවර ගන්නා බවයි.
COMMENTS
“අවංක පුරවැසියන්” යන සංවිධානයක් සාදා හොරුන්ව අල්ලන නිලධාරීන්ට උනන්දු කිරීම සඳහා වෙනම ගෙවීමක් කිරීමට කාලය ඇවිදින්... ලෝකයේ අන්ත දූෂිත රටවලින් එකක් වෙලයි තියෙන්නේ...
ඉතාමත් බලවත්... හොරුන්ගේ රෙදි රටටම පෙනෙන ආකාරයට ගලවා දැමූ වීර නිලධාරීන්ට අපගේ ප්‍රණාමය. මේ හොරුන් දෙදෙනා හා සම්බන්ධ තවත් වටිනා දේ තිබෙනවා නිසැකයි. ඒ සියලු දේ වහාම සොයා බලා ඒවාටද නීතියේ දැල එලීම කඩිනමින් සිදුවිය යුතුයි. එමෙන්ම මේ වීර නිර්භීත නිලධාරීන් හට නිසි ආරක්ෂාවක්ද සැපයීමට පොලිස්පතිතුමා කටයුතු කිරීම ඉතාමත්ම වැදගත්. මෙවන් අවංක නිලධාරීන් සැමදා වාසනාවන්. ඔවුන් දෙවියෝ රකිත්වා!!!
මෙම නිලධාරීන් විසින් තම රාජකාරිය නිසිලෙස කිරීම පිළිබඳව මාතෘ භූමියට අවංකව ආදරය කරන සියලු පුරවැසියන්ගේ ආචාර්ය පුද කරන්නෙමු. තවද මෙම "මහත්ම මහත්මීන්" විසින් කල අවංක සේවය වෙනුවෙන් මොවුන්ව තව තවත් දිරිගැන්විය යුතුය. ඔබලාගේ සියලු අනාගත බලාපොරොත්තු ඉටුවේවා !!!
මහබැංකුවේ හොරකම අල්ලපු කෝප් කමිටුවේ ටී.ඒ.එන්. එකටයි, යූ.එන්.පී. එකේ සිරිසේනටයි තෑගි නැද්ද?
මේ පිටුපස ඉන්න බලවේගය අධ්යක්ෂ ජනරාල් සරත් ජයමාන්න බව මං විශ්වාස කරනවා. කීර්තිමත් නමක් ඇති ඔබතුමාට ඉදිරියට යාමට හැකි බව නිසැකයි. ජයවේවා!!!
ඉල්ලපු ගානයි, කරන්න බාරගත්ත වැඩෙයි, අනුව මට නම් හිතෙන්නේ තවත් හොරු ඉන්නවා කියලයි. එම හොරුත් අඩුම තරමේ හෙළිකරන්න මෙතුමන්ලාට ධෛර්යය ලැබේවා!!!
දූෂණ අල්ලන නිලධාරියා දිරිගැන්වීමට දැනට නම් කරන්නේ දුෂ්කර පළාතකට ස්ථාන මාරුවක් ලබා දීමයි.
ධනවාදී සමාජයෙන් නෙලාගත්, ජාතික දේශපාලනෙන් අහුලාගත්, මජර, නූගත් ස්වාර්ථය පමණක් අගය කරන දේශපාලකයින්ගෙන් කොපිකර ගත් අල්ලස, අහම්බයක් වූ අසුවීම මගින් නිමාවට පත් කළ නොහැක. කෙසේවෙතත් අදාල නිලධාරීන්ට අපේ ප්‍රණාමය...!!!
මෙවන් පුද්ගලයින් අසාදු ලේඛනගත කළ යුතුයි.
පසුගිය කාලයේ මේ හා සමාන තනතුරු දැරූ අය කොහොම මේ වැඩ කරන්න ඇතිද...?
මෙහෙයුම කල නිලධාරීන්ට අපේ ප්‍රශංසාව හිමිවේ. ඔවුන්ට අමතරව මේ ගැන පැමිණිලි කළ මහතාටත් අපි තුති පුදමු!