(රොමේෂ් මධුෂංඛ)
බෝතල් කල පානීය ජලය සපයන පෞද්ගලික සමාගමක වෙළඳ නියෝජිතයින් වශයෙන් පත් කරන ලෙස පවසා යාපනයේ වෙළෙන්ඳන්ගෙන් රුපියල් ලක්ෂ ගණනින් මුදල් වංචා කළ දෙදෙනෙකු යාපනය නල්ලූර් ප්‍රදේශයේදී ප්‍රදේශවාසීන් පිරිසක් විසින් අල්ලා පහර දී යාපනය පොලීසිය වෙතට භාර දී ඇත.
2011 වසරේ සිට යාපනයේ වෙළෙන්ඳන් මෙසේ රවටමින් තත්ව සහතිකයකින් යුතු බෝතල් කල පානීය ජලය බෙදා හැරීමේ පෞද්ගලික සමාගමකට යාපනය දිස්ත්‍රීක්කයට වෙළඳ නියෝජිතයින් පත් කරන බවට ගිවිසුමකට එලඹ වෙළෙන්ඳන්ගෙන් රුපියල් ලක්ෂ ගණනින් මුදල් වංචා කොට ඇත.
මුදල් වංචාවට ලක් වූ වෙළන්ඳන් කියා සිටියේ දන්නා තරමින් මේ වන විට යාපනයේ වෙළෙන්ඳන් 15 දෙනෙකුගෙන් රුපියල් කෝටියකට අධික මුදලක් වංචා කොට ඇති අතරම එම වෙළෙන්ඳන්ගේ රුපියල් ලක්ෂ 13 සිට ලක්ෂ 5 දක්වා මුදල් අවස්ථා කිහිපයකදී ලබා ගෙන ඇති බවටයි.


COMMENTS
නව නීති ක්රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.