(ඉන්දිකා රාමනායක)
කටුගස්තොට පොලිසියේ නිලධාරින් 65 දෙනකු ට වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරුව්මි ලබා දි ඇති බව පොලිස් මුලස්ථානය කියයි.
කොටසක් විනය විරෝධි හේතුමත ද තවත් පිරිසක් දිර්ඝ කාලයක් එකම ස්ථානයක රාජකාරි කිරිම යන හේතුව මත ද මෙම ස්ථාන මාරුව්ම් ලබා දි ඇති බවද පොලිසිය කියයි.
මෙම ස්ථානමාරු ලැබු පිරිස අතර පොලිස් පරික්ෂකවරුන් තිදෙනකු, උප පොලිස් පරික්ෂකවරුන් හය දෙනකු , පොලිස් සැරයන්වරුන් 17 දෙනකු, කොස්තාපල්වරුන් 36 දෙනකු, සහ පොලිස් සැරයන් රියදුරුවරුන් තිදෙනකු ඒ අතර වන බව පොලිස් මුලස්ථානය පවසයි.
නිල නෙවන පොලිස් ආරංචි මාර්ග සඳහන් කරන්නේ හෙරොයින් වැටලිමකට සම්බන්ධ වාර්තා පොතක් අස්ථාන ගතවීමේ සිද්ධියක් මුල්කරගෙන මෙම ස්ථාන මාරුවීමි ලබා දි ඇති බවයි.
මධ්‍යම පළාත බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා විසින් මෙම ස්ථාන මාරුව්මි ලබා දි ඇති බවද පොලිස් මුලස්ථාන ආරංචි මාර්ග වැඩි දුරටත් පැවසිය.
COMMENTS
වැටත්, නියරත් ගොයම් කා නම් කාට කියන්නද?
අපරාධයකට පොලිස් දෙපාර්තමේන්තුවේ දෙන දඬුවම ස්ථාන මාරුවයි. අපූරු ලන්තයක්නේ ලංකාව. රාලහාමිලාට බැරිද මේ වංචාවට සම්බන්ධ රාළහාමිලා ටික අල්ලලා අච්චු කරන්න?
රාජ්‍ය සේවකයන්ට එක ස්ථානයක අවුරුදු හතරේ කාලසීමා සෑම ආයතනයකම ක්‍රියාත්මක කලානම් දූෂණ අඩුවෙයි හා කාර්යක්ෂමතාව වැඩිවෙයි.
මුළු ලංකාවේම නැතුව ඇති මේවගේ පොලිසියක්....
මොනවා මේ පොලිසියේ 65? මොකක්ද...
අලුත් පොලිස් ස්ථානයකට ගියාම හොරකම නොකර ඉඳීවි....කටුගස්තොට පොලිස් ස්ථානයේ වරදක් නම් අලුතෙන් එන රාලහාමිලත් ඔය වරදම කරාවි. ඒ නිසා ඔය පොලිස් ස්ථානය වසා දමන්න...
ඔය වගේ පගාමරුවෝ ඉන්න පොලිසියක් මට හමුවී නැත. ඔවුන් යැවිය යුත්තේ ගෙවල්වලට...