IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


කංගැට්ටා අල්ලන්න වරෙන්තු

නිමන්ති රණසිංහ
 
ජාතික කෞතුකාගාරයට අයුතු ලෙස ඇතුළු වී පෞරාණික භාණ්ඩ සොරකම් කරන ලදැයි කියන සිද්ධියේ පළමු සැකකරු වූ ලන්සගේ ප්‍රියන්ත මෙන්ඩිස් නොහොත් ‘කංගැට්ටා’ නොහොත් ‘බලවලූවා’ අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට දැනුම් දෙමින් කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් රංග දිසානායක මහතා වරෙන්තු නිකුත් කළේය.
 

සිද්ධියට අදාළ නඩුව අධිකරණය හමුවේ යළි කැදවූ අවස්ථාවේදී මෙම සැකකරු සහ අටවැනි සැකකරු (ජේ. ඒ.සේනාධිරගේ එස්ටිනා මිලිනා) අධිකරණය හමුවේ පෙනී නොසිටීම හේතුවෙන් මහේස්ත‍්‍රාත්වරයා එලෙස නියෝග කළේය.
 
ලන්සගේ ප්‍රියන්ත මෙන්ඩිස් නොහොත් ‘කංගැට්ටා’ නොහොත් ‘බලවලූවා’ නැමැති මෙම සැකකරු සිද්ධියට අදාළව වසර පහක් රක්ෂිත භාරයේ පසුවූ අතර, කොළඹ මහාධිකරණයෙන් ලද ඇප නියෝගයක් ප‍්‍රකාරව රුපියල් ලක්ෂ පහක පුද්ගලික බැදුම්කරයකට සහ රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට මහේස්ත‍්‍රාත් අධිකරණයෙන් නියෝග නිකුත් වී තිබුණේ ඉකුත් 2017 වර්ෂයේ මාර්තු මස (31) වැනිදාය.



අදහස් (3)

කංගැට්ටා අල්ලන්න වරෙන්තු

පිටිගල මිලානෝ Monday, 30 July 2018 12:15 PM

හොඳ වෙලාවට බන්ධනාගාර සමූල ඝාතනය වෙලාවේ කන්ගැට්ටා එහි නොසිටියේ.... හිටියා නම් මෙයාගේ නමත් අඬ ගහයි. කඩුනේ හොරකම් කළේ...

:       0       58

erdi Monday, 30 July 2018 12:46 PM

අනේ කන්ගැට්ටා අනුන්ගේ පරිප්පු කාලා ඉවරයක් නෑ. කටුගේ කඩපු කන්ගැට්ටලා යහතින් ආයෙත් බලයට එන්නත් හදනවා. රට සුඛිත මුදිත කරන්න. මෙහෙමත් නෝන්ජල් මිනිස්සු ඉන්න රටක්. ඕනෙම කුණු ගොඩක් පොඩි මිනිහගෙ ඇඟට දාො ලොකු එකා ආරක්ෂා කරන වහල්ලු ඉන්න රටක්.

:       1       72

සතයපාල Monday, 30 July 2018 12:48 PM

ඒ සැරේ කං ගැට්ටාවත් අතුරුදහන් කරලා වගේ...

:       0       30

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 243 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 176 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 982 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site