IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


කැකිරාවේ නිවසක පිපිරීමකින් පාසැල් දැරියකට බරපතල තුවාල

කුෂාන් ජයවර්ධන
 
කැකිරාව මල්දෙණිපුර ප‍්‍රදේශයේ නිවසක අද (02) සිදුවූ පිපිරීමකින් 18 හැවිරිදි පාසැල් දැරියක බරපතල තුවාල ලබා ප‍්‍රතිකාර සඳහා රෝහල් ගතකර තිබේ.

 
පිපිරීමට ලක්ව බරපතල තුවාල ලැබූ දැරිය කැකිරාව ප‍්‍රාදේශීය රෝහලට ඇතුළත් කිරීමෙන් පසු වැඩි දුර ප‍්‍රතිකාර සඳහා අනුරාධපුර මහ රෝහලට මාරු කර යවා තිබේ. පිපිරීමෙන් දැරියගේ පාදවලට හා හිසට හානි සිදුව ඇති බව රෝහල් ආරංචි මාර්ග පවසයි.
 
මින් දින දෙකකට ඉහතදී දැරියගේ පියාට හමුව තිබී හදුනා නොගත් කුඩා ගුලියක් වැනි යමක් එම නිවසට ගෙනැවිත් තබා ඇති බවත් අද එම හදුනා නොගත් ගුලිය පුපරා යාමෙන් මෙම අනතුර සිදුව ඇති බව පොලිසිය කියයි.
 
සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන පොලිසිය එම ස්ථානයේ තිබී ඊයම් ගුලි කොටස් කිහිපයක්ද සොයා ගෙන තිබේ. ඒ අනුව දේශීය නිශ්පාදනය කරන ලද පුපුරණ යමක් මෙලෙස පුපුරා යන්නට ඇතැයි පොලිසිය අනුමාන කරයි.  
 
සිද්ධිය  සම්බන්ධයෙන් කැකිරාව පොලිසියේ හා අනුරාධපුර අපරාධ ස්ථාන පරීක්ෂණ නිලධාරීහු විමර්ශණ සිදු කරති.   



අදහස් (4)

කැකිරාවේ නිවසක පිපිරීමකින් පාසැල් දැරියකට බරපතල තුවාල

rocky Friday, 02 March 2018 01:54 PM

මේ ගැන අපේ කොටි විශේෂඥ ගම්මන්පිල මැතිතුමාගේ මතය විමසා බැලීම සුදුසුයි!

:       509       1010

ranjith Friday, 02 March 2018 03:12 PM

කොටි විශේෂඥ ගම්මන්පිල මැතිතුමාගේ මතය විමසා බැලීම සුදුසුයි.. එයානේ අද මේ විෂය දන්නේ...

:       110       312

Aluthgama A. Samathasena. Friday, 02 March 2018 03:50 PM

වර්තමානයේදී සමහර දඩයක්කරුවන් විසින් සතුන් දඩයම් කිරීමට මෙවන් දේ නිපදවනු ලබනවා. මේවා 'හක්ක පටස් ' යනුවෙන් හදුන්වනවා. සතෙකු මෙය විකනා විට එම සතාගේ බෙල්ල කදින් ගැලවී විසිවෙනවා. මට නම් හැගෙන්නේ මෙය එවන් දෙයක් බවයි. අහිංසක දැරිය ගැන කණගාටුයි. මේවා කරනා නොමිනිසුන්ට දැඩි දඩුවම් දිය යුතුයි.

:       0       0

Nishantha Saturday, 03 March 2018 07:53 AM

ගම්මන්පිල ආවද සිද්ධිය බලන්න? හැකි ඉක්මණින් දැනුම් දෙන්න.

:       29       166

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 691 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 331 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1117 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site