ඉන්දිකා රාමනායක
පතාල සාමාජිකයෙක් විසින් නෙදර්ලන්තයේ සිටි මෙරටට එවා තිබු කොකේන් ග‍්‍රෑම් 22 යි මිලි ග‍්‍රෑම් 170 ක පාර්සලයක් සමඟ දෙදෙනකු කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුවේ දී අත්අඩංගුවට රේගුව පවසයි.
වත්තල ප‍්‍රදේශයේ පදිංචිකරුවකුගේ නමින් මෙම පාර්සලට ඉකුත් ජනවාරි මස මෙරටට එවා ඇති අතර සැකකරු මෙතක් එය ලබා ගැනීමට ඉදිරිපත් නොවීම නිසා මෙය සැකකටයුතු පාර්සලයක් වශයෙන් රේගු බාරයට ගෙන තිබුණි.
මෙම සැකකරු එහි සේවයකුට අල්ලස් ලබා දී නීති විරෝධී ලෙස මෙම පාර්සල මුදා ගැනීමට පැමිණි අවස්ථාවේ රේගු නිලධාරීන්ට අත්අඩංගුවට ගෙන අද (22) වැඩිදුර පරීක්ෂණ සඳහා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය වෙත බාර දී ඇත.
පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය සැකකරුවන් සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වයි.




COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.