(ප්‍රසාද් මුතුකුඩ)
මීගමුව දිස්ත්‍රික් මහ රෝහලේ ඖෂධවේදීන් පිරිසක් අද (30) සිය සේවා කටයුතු වලින් ඉවත්වීම නිසා බාහිර රෝගීන් විශාල පිරිසක් දැඩි අපහසුතාවයකට පත්වූ බව එම රෝහලේ උසස් නිළධාරියෙක් ලංකාදීයට පැවැසීය.
මීගමුව දිස්ත්‍රික් මහ රෝහලේ ඖෂධ නිකුත් කිරීමේ අංශයට නව ඖෂධ සංයෝජකයින් සිවු දෙනෙකු බඳවාගැනීමට විරෝධය පළකරමින් ඔවුහු මෙලෙස සේවයෙන් ඉවත් වූහ.
රෝහල් අධක්ෂිකා නිලන්ති පතිරණ මහත්මිය රෝහල් පොලීසියේද සහය ඇතිව දමා වසා තිබු ඖෂධ නිකුත් කිරීමේ අංශයේ දොරටුවල අගුළු කඩා විවෘත කර ඖෂධ නිකුත් කිරීමට කටයුතු කළාය. 


COMMENTS
නව නීති ක්රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.