IMG-LOGO

2025 ජුලි මස 19 වන සෙනසුරාදා


ඒකාබද්ධ ප්‍රහාරයෙන් සිරියා හමුදා යානයක් කඩා වැටෙයි

දමැස්කස්හිදීය (ඒ.එෆ්.පී/රොයිටර්)

ඇමෙරිකා ප්‍රමුඛ ඒකාබද්ධ හමුදාවට අයත් යානයක් එල්ල කළ ප්‍රහාරයකින්  සිරියානු හමුදාවට අයත් යානයක් කඩා වැටුණු බව වාර්තා විය. 

සිරියානු රජයේ හමුදාවලට අයත් එම ප්‍රහාරක යානය අයි.එස් සංවිධානයට එරෙහිව සටන් වදින තම මිත්‍ර පාර්ශවලට ප්‍රහාර එල්ල කළ බවත් එමනිසා ඊට වෙඩි තැබූ ඇමෙරිකාව ප්‍රමුඛ ඒකාබද්ධ හමුදා සඳහන් කළේය. 

ඇමෙරිකාව ප්‍රමුඛ හමුදා සිරියානු රජයේ හමුදාවලට අයත් ප්‍රහාරක යානයක් බිමහෙළු පළමු අවස්ථාව මෙය විය. මෙය බරපතල ප්‍රහාරයක් යැයි ද දරුණු ප්‍රතිවිපාකවලට මුහුණ දීමට සිදුවනු ඇතැයි ද ප්‍රහාරය හෙළා දකිමින් සිරියා ආණ්ඩුව ප්‍රකාශ කර තිබිණි.  

සිරියානු යුද්ධය මේ වනවිට සයවැනි වසරටත් දිග්ගැස්සෙමින් තිබෙන අතර ඉතා සංකීර්ණ සහ දරුණු යුද්ධයක් බවට පත්ව තිබේ. රකාහි අයි.එස් ඉලක්ක වෙත තම හමුදා ප්‍රහාර එල්ල කරන බව ඇමෙරිකාව ප්‍රමුඛ ඒකාබද්ධ හමුදා ප්‍රකාශ කරන අතර ඇමෙරිකාව ප්‍රමුඛ ඒකාබද්ධ හමුදා විපක්ෂ කණ්ඩායම්වලට සහයෝගය දක්වන බවට සිරියානු ආණ්ඩුවත් රුසියාවත් චෝදනා කරයි. 

වත්මන් තත්ත්වය තවත් සංකීර්ණ කරමින් ඉරානය ඉරිදා (18) දිනයේදී අයි.එස් ඉලක්ක වෙත ප්‍රහාර එල්ල කළ බව වාර්තා විය. තම රටට එල්ල වූ ප්‍රහාරයට පළිගැනීමක් ලෙස සිරියාවේ උතුරු නැගෙනහිර ප්‍රදේශවල පිහිටි දීර් ඊසෝර් පළාතේ අයි.එස් ඉලක්ක වෙත ප්‍රහාර එල්ල කළ බව ඉරානය නිවේදනය කළේය. 

අයි.එස් ජිහාද්වාදීන්ට එරෙහිව සටන වදින සිරියානු ප්‍රජාතන්ත්‍රවාදී බලකායට ඇමෙරිකාව ප්‍රමුඛ ඒකාබද්ධ හමුදාවලට සහාය හිමිව තිබේ. එම බලකාය කුර්දි සහ අරාබි සටන්කරුවන්ගෙන් සමන්විතය. රකා යනු අයි.එස් සංවිධානයේ සිරියානු බලකොටුවයි. රකා සටනට සිරියානු රජයේ හමුදා එක්ව නොසිටින අතර රජයේ හමුදා නගරයේ නිරිත දිග ප්‍රදේශවල සටන්වදියි. 

 

055



අදහස් (0)

ඒකාබද්ධ ප්‍රහාරයෙන් සිරියා හමුදා යානයක් කඩා වැටෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 405 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 564 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 232 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site