IMG-LOGO

2025 මැයි මස 11 වන ඉරිදා


ඒකාබද්ධයේ රැළියේ දී මහජන සාමයට බාධා කළොත් නීතිමය ක්‍රියාමාර්ග

(සුජිත් හේවාජුලිගේ )

කොළඹදී  පැවැත්වෙන ඒකාබද්ධ විපක්ෂයේ උද්ඝෝෂණයේදී ජන ජීවිතයට හා මහජනතාවගේ සමායට බාධා ඇති කළහොත් සුදුසු උපරිම  නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව පොලිස්පති පුජිත ජයසුන්දර මහතා පැවසීය.


ජන ජීවිතයට  මහජන සාමයට බාධා නොවන අයුරින් කටයුතු කරන්නැයි  උද්ඝෝෂක සංවිධායකයින්ගෙන් තමා ඉල්ලීමක් කරන බවද පොලිස්පතිවරයා කීවේය.

උද්ඝෝෂණය පැවැත්වෙන 05 වැනිදා  කොළඹ නගරයේ ආරක්ෂාව සඳහා පොලිස් විශේෂ කාර්ය බළකායද  යොදවන බව කී   ජයසුන්දර මහතා පිට පළාත් වලින්ද පොලිස් කණ්ඩායම් කිහිපයක්ම කැඳවන බවද  ප්‍රකාශ කළේය.


පාර්ලිමේන්තුව ඇතුළු  නගරයේ වැදගත්ම ස්ථාන රැසකට විශේෂ ආරක්ෂාව යොදවන බවත්  අමතර බුද්ධි අංශ කණ්ඩායම්, කැරලි මර්ධන කණ්ඩායම්,  රථ වාහන පොලිස් නිලධාරීන් ද සීරුවෙන් තබන බවත් පොලිස්පතිවරයා සඳහන් කළේය.


 නියෝජ්‍ය පොලිස්පතිවරුන්ද  කැඳවා මේ සම්බන්ධයෙන් උපදෙස ලබා දුන් බවද  හෙතෙම සඳහන් කළේය.



අදහස් (53)

ඒකාබද්ධයේ රැළියේ දී මහජන සාමයට බාධා කළොත් නීතිමය ක්‍රියාමාර්ග

Athula Sunday, 02 September 2018 02:28 PM

උතුරට, දකුණට, නැගෙනහිරට සහ බටහිරට එකම නීතියක් ද ? හරි සන්තෝසයි.

:       58       255

ravi Sunday, 02 September 2018 02:34 PM

අනිවාර්යෙන්ම පාලනය කල යුතු අවස්ථාවක්.., ගඩොල්..බාග වලින් පොලිසියට සහ මහජනයාට පහර දීමත් රජයේ දෙපලට අලාබ..හානි කිරීමටත් මෙයාලගේ ලොකු බලාපොරොත්තු සහ හපන්කම් බවත් අපි දන්නවනේ ..

:       2541       2743

samankMonday, 03 September 2018 04:26 AM

ඒක අර, මහබැංකු මංකොල්ලයටත් වඩා ලොකු හපන්කමක්ද?

:       351       466

JCN Sunday, 02 September 2018 02:34 PM

කැම්පස් ළමයින්ගෙ ඔලු පලනවා, භාවනා නොකරන විදුලි සෝපාන ක්‍රියාකරුවන්ගේ කන පලනවා වගේද කරන්න යන්නේ?

:       1139       1361

ranasinghe Sunday, 02 September 2018 02:45 PM

රටේ කිසිම ප්‍රශ්නයක් නැති අවස්ථාවක මෙවැනි පහත් උද්ඝෝෂණයන් හොඳින් හෝ නරකින් අනිවාර්යෙන්ම නැවැත්විය යුතුයි. ලෝකේ ගොඩක් රටවල හිටපු නායකයෝ පැරදි හෝ තමන්ගේ වාර ගණන ඉකුත්වූ පසු රටට අවශ්‍ය ගුරුහරුකම් දෙමින් රට ගොඩනැගීමට උදවු කරයි. අපේ රටේ නායකයින් පැරදිලා හොම්බෙන් ගිහිනුත් රට ගිනි තියමින් රට අරාජික කරන්නම දතකයි..

:       5945       5817

K PereraSunday, 02 September 2018 05:08 PM

ඔබගේ අදහසට සීයට සීයක්ම එකඟවෙනවා.

:       332       220

Thilina Sunday, 02 September 2018 05:23 PM

මොන රටේද මහත්තයෝ ජීවත් වෙන්නේ. පඩිය බැංකුවට යනකොට ආපහු ගන්නකොට බඩු ගන්නකොට හැමදේටම බදු පිට බදු ගහලා පුදුම අමාරුවෙන් මේ රටේ අති බහුතරයක් ජීවත් වෙන්නේ. පොඩි දේටත් හාමුදුරුවන් හිරේ දාලා උතුරේ ජාතිවාදීන් නිදහසේ පිනුම් ගහද්දී මහ ජාතියට කෙණෙහිලිකම් කරද්දී පක්ෂ වෙනුවෙන් කඩේ යන උන්දලාට මේවා පේන්නේ නැහැ.

:       473       548

anandaSunday, 02 September 2018 05:37 PM

රටේ කිසිම ප්‍රශ්ණයක් නැති අවස්ථාවක? කරුනාකරල කියන්ඩ පුලුවන්ද මේ අවුරුදු තුනේ ප්‍රශ්ණයක් නොතිබුන දවසක් සමහරු හිතන් ඉන්නවා රට සුඛිත මුදිත වෙලා කියලා.

:       380       422

BamunuarachchiMonday, 03 September 2018 12:22 AM

ප්‍රශ්නයක් නැතිවෙලාවක? මෙයා ඉන්නේ වෙන ග්‍රහලෝකයකද? තමන්ට ප්‍රශ්න නැතිනම් මිනිස්සු උද්ගෝෂණ වලට එකතුවෙවිද? ජීවන බර වැඩිවීම, බදු බර වැඩිවීම, රටේ වගකිවයුතු ආයතන කඩා වැටීම. පරිපාලනය කඩාවැටීම ඔබට ප්‍රශ්නයක් නොවුනාට රටේ ජීවත්වන සෙසු ජනතාවට ප්‍රශ්නයක්.

:       342       463

ramaniMonday, 03 September 2018 01:07 AM

රණසිංහ මොන ලෝකෙද ඉන්නේ රටේ කිසිම ප්‍රශ්නයක් නැහැ කියන්නේ. ඔබ ඉන්න රටේ පඩි ගොඩක් ලැබෙනවා ඇති. ජීවන බර මහජනයාට නැතුව ඇති. මහා බැංකුව පරිස්සමෙන් ඇති. ටයර් සෑයවල් හෝ ත්‍රස්තවාදී යුද්ධයක් නැති නිසා රටේ කිසිම ප්‍රශ්නයක් නෑ කියන්නේ කොහොමද. අනික බොහොම රටවල නායකයෝ පැරදුනාම ආපහු ඉල්ලනවා. අපේ රනිල් වික්‍රමසිංහ අගමැතිතුමා තමයි හොඳම උදාහරණය. ඩඩ්ලි සිරිමා වැනි පැරණි පාලකයනුත් නැවත ආවා. මැලේෂියා ඉන්නෙත් එහෙම කෙනෙක්. අපේ ආණ්ඩුව එතුමාව ඉතා අගය කරා පහුගිය මාස දෙක තුනේ. ඔයා නම් මේ පෘතුවියේ ඉන්න කෙනෙක් නෙවෙයි.

:       315       363

BamunuarachchiMonday, 03 September 2018 03:01 AM

හිටපු නායකයෝ පැරදි හෝ තමන්ගේ වාර ගණන ඉකුත්වූ පසු රටට අවශ්‍ය ගුරුහරුකම් දෙමින් රට ගොඩනැගීමට උදවු කරයිලු ඒ ගුරුහරුකම් තමයි අන්තිමට ව්ජාතිකයෙකු සමග එකතුවී මහා බැංකුවටත් කොල්ලකාලා නැවතුණේ. කියන්නකෝ බලන්න ගුරුහරුකම් වලින් මේ රටට මේ අවුරුදු 3 ට වෙච්ච සුබ සිද්ධිය. මේ යාලුවා යුරේනස් වල ඉඳන් කථා කොරනවා වගෙයි. අනේද කියන්නේ

:       816       613

athuraMonday, 03 September 2018 04:22 AM

ඔබතුමාගේ හිටපු නායකයා විදුලි පුටුවෙන් බේරගත්ත එකම සුභසිද්ධියක් නෙමෙයිද මහත්මයා.

:       167       514

raviMonday, 03 September 2018 04:37 AM

අවුරුදු 60ක්..70ක් කරපු පව් , අවුරුදු 3කින් ගෙවන්න අපහසුයි ..

:       26       424

BamunuarachchiMonday, 03 September 2018 02:23 PM

මොනවද මේ කතා ඒ අවුරුදු 60-70වෙන් භාගයකට වැඩිය හිටියේ... නිදහසින් පස්සේ හිටියේ මේ අයගේම මහප්පලා සීයලානේ. ඉතින් පව් වැඩිවෙනවා මිස අඩුවෙන්නේ නැත.

:       0       0

sarathMonday, 03 September 2018 04:03 AM

ප්‍රශ්නයක් නැත්තේ කොහොමද? පළාත්සභා මැතිවරණයට යන්නේ නැත්තේ ප්‍රශ්න නැති හින්දද.?

:       227       199

ThilakMonday, 03 September 2018 04:12 AM

ඔබ හරියට හරි

:       58       45

samMonday, 03 September 2018 04:34 AM

රටේ කිසිම ප්‍රශ්නයක් නැති අවස්ථාවක - රණසිංහ ඉන්නේ කොයි රටේද? ලෝකේ ගොඩක් රටවල හිටපු නායකයෝ පැරදි හෝ තමන්ගේ වාර ගණන ඉකුත්වූ පසු - රණසිංහට රනිල් වික්‍රමසිංහ අමතක වෙලා. මැලේසියාවේ මහතීර්, ඕස්ට්‍රේලියාවේ දැන් ඉන්න රෑනම, එතකොට ඉන්දියාව, මේ වගේ ගොඩක් රටවල නායකයෝ පැරදිලා ආපහු ආවේ සිල් රැකලා නෙවෙයි කියලයි පත්තරවල යන්නේ. රණසිංහ ඉන්නේ කුමන ග්‍රහ ලෝකයේද?

:       216       55

BamunuarachchiMonday, 03 September 2018 07:17 AM

එතකොට අර 30 වතාවක් පැරදුණු කෙනා ගියේ කොයි පැත්තෙන්ද? හොඳට මතකතියා ගන්න... පැරදුණාට මහින්ද මහතාට ගලගහන්න ජගතෙක් නොසිටිය බව. සිටියේ ගෙදරට ගොස් සැපදුක සොයපු සාමාන්‍ය මිනිස්සු.

:       323       152

samankMonday, 03 September 2018 08:56 AM

අයියෝ රණසිංහ! නැට්ටේ හිටන් ගොම ගාගෙනනේ...

:       0       17

සතයපාල Sunday, 02 September 2018 04:10 PM

මෙයා මොකාටද මේ එන්න හදන්නේ.

:       1       8

rohana Sunday, 02 September 2018 04:54 PM

නඩු වලින් ගැලවෙන්න විදියක් හොයනවා.

:       13       13

sirimal Sunday, 02 September 2018 05:28 PM

මේවා රටට ආදරේට කරන දේවල් නොවේ. රට අස්ථාවර කරන්නට ගන්නා උත්සාහ. නියපොත්තෙන් කඩන්න තිබුන දේ දැන් රූස්ස ගස් වෙනකල් බකන් නිලාගෙන හිටිය තකතීරු පාලකයන්ට තමයි තලන්න ඕනෑ.

:       31       127

Saman Sunday, 02 September 2018 06:29 PM

මේක නාමල් බේබිව උඩට ගන්න කරන වැඩක්නෙ. විශේෂ අධිකරණයත් පටන් ගත්ත නිසා 2020 වෙනකන් ඉවසන්න අමාරු ඇති.

:       18       0

චාන්දනී ද සිල්වා Sunday, 02 September 2018 08:43 PM

හැබැයි...ප්‍රවේශමෙන් ..ඔබ " මාර පුජාව " පටන්ගත්තොත් එදාට ...ඔබගේ පිනට ලැබුණ " පොලිස්පති " පට්ටම ගලවෙන්නත් බැරි නැහැ...මොනවා වුනත් ඔබ එදාට වැඩ දැම්මොත් මීළඟට පත්වෙන රජයෙන් ඔබව තරු පටි ගලවලා ගෙදර යවන එකනම් ෂුවර්..

:       1       7

lalith Monday, 03 September 2018 12:11 AM

අන්න හරි රාළහාමි දෙන්න ඕන පාරේ යන අයටත් එක්කලා.

:       55       31

Bamunuarachchi Monday, 03 September 2018 12:27 AM

සර්ලා ෆෝන් එකෙන් කියාවි කොරන්න ඕන දේවල්. එතකොට කුළු පොලු අරගෙන වැඩ පටන් ගන්නකො.

:       8       42

පිටිගල මිලානෝ Monday, 03 September 2018 03:48 AM

මේ රටේ මෙවැනි රැස්වීම් වලට ස්ථානය, වෙලාව සහ දල වශයෙන් පැමිණෙන පිරිස ගැන දන්වා පොලිසියෙන් අවසර ගත යුතු නැද්ද?

:       40       158

duminda Monday, 03 September 2018 05:00 AM

ඇයි මේ උද්ඝෝෂණ ඉරිදට දාන්න බැරි සෙනඟ පෙන්නන්න බැරි වෙයි කියලා බය ඇති, 5 වෙනිදා රජයේ, බැංකු, වෙළද නිවාඩුවක් දෙන්න ...ඇපත් නැතිවෙයි කට්ටියට...

:       17       124

RIHAN Monday, 03 September 2018 05:39 AM

ඌ මට ගහනවා මට ඌ ගහනවා දෙපත්තන්ම ගුටි කන්නේ මහජනතාවයි.

:       0       3

Bamunuarachchi Monday, 03 September 2018 06:52 AM

"මේවා රටට ආදරේට කරන දේවල් නොවේ. රට අස්ථාවර කරන්නට ගන්නා උත්සාහ... නියපොත්තෙන් කඩන්න තිබුණු දේ දැන් රූස්ස ගස් වෙනකල් බකන් නිලාගෙන හිටියා තකතීරු පාලකයන්ට තමයි තලන්න ඕනෑ." ඔව් ඔව් සහෝදරයා 2020දී අපි දෙන්නම් දුවන්න. එලෝ එලෝ දෙන්නම් හිටිය තකතීරු පාලකයන්ට. රටේ මොනවද හලෝ තව අස්ථාවර වෙන්න තිබෙන්නේ...? පිටරට ඩ්‍රයිවර් වැඩ කරන අය දන්නේ නැහැ ලංකාවේ වෙන්නේ මොනවද කියලා... රට අස්ථාවර කලේ අර මැට්ටෝ 62 ක. ද්‍රවිඩයෝ බලය ඉල්ලුවෙත් නැහැ පළාත් සබාකාරයෝ ලක්ෂ හයා මාරේ පුටු ඉල්ලුවෙත් නැහැ.

:       218       149

kap Monday, 03 September 2018 07:18 AM

බමුනා, අර විමලේ නි. පොලිස්පතිගේ තොප්පිය ගලවලා, හිටපු ලේකම්ට කතා කරන්න ෆෝන් එක දුන්නේ ඇයි? ඔයා කියන්නෙ ඒවගේ කරන්න කියලද? ඔයාගෙ ඔලුව බිත්තියෙ වැදුණු පාරට අතීතේ අමතක වෙලා...

:       1       116

savanthMonday, 03 September 2018 07:55 AM

අපේ ජනාධිපතිතුමා යාපනයේදී කිව්වා උතුරේ ජනතාවට විරෝධය පල කරන්න පුළුවන් කියලා. ඒ වෙලාවේ අපේ පොලිසියට හරි මොකක් හරි දෙයකට විරුද්ධව යාපනේ පෙළපාලි. එහෙමනම් දකුණේත් විරෝධතා තියන්න පුළුවන්. පොලිස්පතිට වැඩිය ජනාධිපති ලොකුයි නේද?

:       0       60

BamunuarachchiMonday, 03 September 2018 08:19 AM

හලෝ මම කාගෙවත් තොප්පි ගැන කතා කරන්නේ නැත. රටේ ජනතාව හෙවත් අපිට විඳින්නට වෙන ප්‍රශ්න ගැනයි කතා කරන්නේ... ප්‍රශ්නය අහපු විදිහටයි, අහපු ප්‍රශ්නෙනුයි තේරෙනවා ගොබ්බයෙක් බව...

:       1       118

kapMonday, 03 September 2018 09:25 AM

මා හරි ජගතා, මා හරි උගතා යැයි කියනා බමුණා මෝඩයෙකි.

:       41       21

kapMonday, 03 September 2018 09:26 AM

ඔබ දේශපාලන වහලෙකි.

:       20       60

BamunuarachchiMonday, 03 September 2018 02:25 PM

කැප්,... අනුවණයෙක් කීවේ කට කසනවට නොවෙයි, ඒ බව ඔප්පු කළ නිසා.

:       0       8

රොහාන් දයාදර පැරිස් Monday, 03 September 2018 09:16 AM

ශ්‍රී ලංකාවේ ප්‍රථම ව්‍යවස්ථා සභාවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී තුමන්ලාගේ ඡන්දයෙන් පත්වූ ශ්‍රී ලංකාවේ ප්‍රථම පොලිස්පති පුජිත් ජයසුන්දර මතිදුනි ඔබතුමාගේ මතයට මම ද එකග වෙමි .නමුත් සියලු ශ්‍රී ලාංකික ජනතාවට දේශපාලන පක්ෂ වලට පොදු ජනයාට අවහිර බාදා නොවනසේ විරෝධතා පැවැත්වීමේ පුර්ණ අයිතියක් ඇති බව කරුණාවෙන් මතක්කරන්න කැමැත්තෙමු ස්තුතියි .

:       0       30

ravi Monday, 03 September 2018 09:26 AM

"දන්සැල්" මත්පැන් සහ මත්ද්‍රව්‍ය දන්සැල් ගැනත් ඉතා කරුණාවෙන් සැලකිලිමත් වන්න..!!!

:       6       0

isuru Monday, 03 September 2018 09:29 AM

පොලිස්පතිතුමාගේ අදහසට අපි එකඟයි.

:       12       5

kamil Monday, 03 September 2018 09:31 AM

පොලිස්පතිතුමනි, නීතිය තදින් ක්‍රියාත්මක කරන්න.

:       0       10

karunapala Monday, 03 September 2018 09:34 AM

පොලිස්පති පුජිත් මහත්තයෙ රැලියේ කලබල ඇතිකලොත් දැඩි දඩුවම් දෙන්න පසුව අධිකරණය වෙත යොමුකරන්න .

:       0       0

kamalaani Monday, 03 September 2018 09:38 AM

දැගලුවොත් කලබල කලොත් ... බැටන් ,රබර් බුලට් , ජාල ,ප්‍රහාරයෙන් හොදට සලකන්න .

:       3       0

jayanth Monday, 03 September 2018 09:40 AM

කලබල ඇති කලොත් අඩු කඩන්න ...

:       8       0

thridu Monday, 03 September 2018 09:42 AM

කලබල කලොත් නීතිය නවල ඇට කුඩු කරන්න ...

:       0       39

ROHAN Monday, 03 September 2018 10:42 AM

පොලිස්පති තුමනි රටේ ජනතාව ඔබතුමා සමගයි. ඔබතුමා, නීති ගරුක, උතුම්, නිහතමානි, අවංක , උගත් , බුද්ධිමත්, පළපුරුදු , බුද්ධාගමට, ජාතියට, රටට ලෙන්ගතු තදින්ම ආදරය කරන, පන්සිල් රකින භාවනාකරන උත්තමයෙක්. රටේ සිවිල් ජනයා ඔබ තුමාට බාරයි 5 වෙනිදා වෙන්න යන සුනාමියෙන් රට බේරා ගන්න. ඔබතුමාට දළදා සමිදු පිහිටයි.!

:       39       11

BamunuarachchiMonday, 03 September 2018 02:28 PM

ඒ බව සර් වෙලාවට ටෙලිෆෝන් එකෙන් කියාවි. අර ලිෆ්ට් ඔපරේටර්ට කොහොමද දන්නේ නැහැ නේද? දැන් එයාට සනීපයිද?

:       0       21

Bamunuarachchi8Monday, 03 September 2018 02:31 PM

හැබැයි අර ලිෆ්ට් ඔපරේටර් ඔහොම හිතන්නේ නැතුව ඇති. අහිංසක මිනිහාට කනේ පාර දෙනවා දුටු අපිත් එසේ හිතන්නේ නැත.

:       0       13

karunaa Monday, 03 September 2018 10:46 AM

ගරු පොලිස්පති තුමාට දළදා සමිදු පිහිටයි.!

:       22       12

kaanthi Monday, 03 September 2018 10:47 AM

රට විනාශ කරන ඒකාබද්ද සුනාමියක් ද මේ.?

:       26       24

RNG Monday, 03 September 2018 01:56 PM

කරුණාපාල, කමලානි, ජයනාත් වෙත. ඔබලාගේ නියෝග යමපාලකයෝ දැනටමත් කදිමෙට ක්‍රියාත්මක කරනවා. ඒ ගැන ඔබලා අමුතුවෙන් නියෝග කිරීමට අවශ්‍ය නෑ..

:       0       0

darmasiri Monday, 03 September 2018 06:29 PM

5 වෙනිදා මහින්දගේ එකාබද්දේ දෙවෙනි සුනාමිය. 2004 දෙසැම්බර් 26 සුනාමියෙන් වාසි උනෙත් මහින්දටයි . රට ජනතාවට හෙන ගැහුවත් කමක් නෑ බලයට එන්න ඇත්නම් අපේ මිනිස්සුන්ට කවදා ඇස් ඇරේවිද මන්දා.

:       0       0

josap Monday, 03 September 2018 06:33 PM

පොලිස්පති තුමනි නීති කඩකළොත්.... දනිස්සෙන් පල්ලහෙයාට නෙමෙයි ඔලුවට තියන්න මැතිවරණ කොමසාරිස් තුමා ගේ නීතිය වගේ.

:       0       0

jaanaki Tuesday, 04 September 2018 11:34 AM

පොලිස්පතිතුමනි, රට ආරක්ෂා කරගන්න.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

ගින්නට හසු වූ තිදරු පියා මරුට
2025 මැයි මස 11 520 0

කොස්ලන්ද මීරියබැද්ද ප්‍රදේශයේ පුද්ගලයෙකු නිවසේ දී ගින්නකට හසු වී අද (11) ජීවිතක්ෂයට පත්වී ඇති බව කොස්ලන්ද පොලීසිය පැවසීය.


‘තුවාල වූ අය බේරගන්න උපරිමය කරන්න‘
2025 මැයි මස 11 1440 0

කොත්මලේ බස් අනතුරින් තුවාල ලැබූවන් සුවපත් කර ගැනීම සඳහා හැකි උපරිමයෙන් දායකත්වය ලබා දෙන්නැයි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රදේශයේ රෝහල් වලටත


රැඳවියන්ට වෙසක් තෑග්ගක්
2025 මැයි මස 11 412 0

වෙසක් පුර පසළොස්වක පෝය දිනය නිමිත්තෙන් බන්ධනාගාර ගත රැඳවියන්ට විවෘතව අමුත්තන් බැලීම සඳහා (OPEN VISIT) මැයි මස 12 හා 13 විශේෂ අවස්ථාවක් ලබාදීමට බන්ධනාගාර දෙ


සිද්ධස්ථාන දෙකක් පූජා භූමි කරයි
2025 මැයි මස 11 1502 0

2025 රාජ්‍ය වෙසක් මහෝත්සවය වෙනුවෙන් සිද්ධස්ථාන දෙකක් පූජා භූමි ලෙස ප්‍රකාශයට පත් කර තිබේ.


වෙසක් සඳ ඔක්කොම එක් කරයි
2025 මැයි මස 11 579 0

රාජ්‍ය වෙසක් දින උත්සව සැමරුම සඳහා සිංහල, දෙමළ සහ මුස්ලිම් සියලු ජනතාව එකාවන්ව සහභාගී වී සිටීම විශේෂත්වයක් විය.


අහසට වෙඩි තබා අසල්වැසියා බය කරලා
2025 මැයි මස 11 847 0

ගිනි අවියකින් අහසට වෙඩි තබා අසල්වාසී පුද්ගලයකුට මරණීය තර්ජනය කළ සැකකරු අත්අඩංගුවට ගත් බව ගල්කිස්ස මූලස්ථාන පොලිසිය කියයි.


මේවාටත් කැමතිවනු ඇති

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1032 0
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1444 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 374 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

Our Group Site