IMG-LOGO

2025 මැයි මස 13 වන අඟහරුවාදා


එල්ලුම් ගහ ගේන්නේ නොහැකියාව නිසයි - කැප්පෙටියාගොඩ නාහිමි

(චමිල් රුපසිංහ)

 
එල්ලුම් ගස ක්‍රියාත්මක කිරීමට රජය සුදානම් වන්නේ රට තුල නිසියාකාරව පාලනයක් කර ගැනීමට රජයට ඇති නොහැකියාව නිසා බව ගැටඹේ රාජෝපවනාරාම විහාරාධිපති කැප්පෙටියාගොඩ සිරිවිමල හිමියෝ පැවසූහ.
 
ගැටඹේ රාජෝපවනාරාම විහාරාධිපති කැප්පෙටියාගොඩ සිරිවිමල හිමියන් මෙසේ පැවැසුවේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ සභාපති ජී එල් පීරිස් මහතා අද (22) නාහිමියන් බැහැ දැකීමට ගිය අවස්ථාවේදීය.
 
නාහිමියෝ මෙසේ ද පැවසූහ.
 
‘‘රටේ එල්ලුම් ගහ ගේන්න හදන්නෙ රජයට රටේ ඇති දූෂණ,මත්ද්‍රව්‍ය ජාවාරම නිසියාකාරව පාලනය කිරීමට  ඇති නොහැකියාව නිසයි. මත්ද්‍රව්‍ය ජාවාරම රටේ සිදුවෙනවා නම් ඒවා රට තුලට ගෙන එන ක්‍රමවේද නැවැත්විය යුතුයි. නමුත් ඒව කරන්න තරම් දක්ෂතාවයක් රටේ නායකයන්ට නෑ.එන්න එන්නම රට විනාශ වෙන එක තමයි වෙන්නෙ.‘‘



අදහස් (27)

එල්ලුම් ගහ ගේන්නේ නොහැකියාව නිසයි - කැප්පෙටියාගොඩ නාහිමි

පිටිගල මිලානෝ Sunday, 22 July 2018 01:27 PM

එතකොට අර කවුද හිට්ලර්ව ගේන්න කිව්වේ මොකක් නිසාද අපේ හාමුදුරුවනේ?

:       1096       1619

nishanMonday, 23 July 2018 01:44 AM

එල්ලුම් ගහට එකඟ නැතිවුණාට හිර ගෙදරට පැනලා වෙඩි තියලා මරණ එකට එකඟයි. ඒකට හාමුදුරුවෝත් එකඟයි, මහාචාර්යවරයාත් එකඟයි.

:       0       0

ලලිත් Sunday, 22 July 2018 01:31 PM

නායකයින්නේ හාමුදුරුවනේ කුඩු ගෙනෙන්නේ... ඔය පාර්ලිමේන්තුවේ ඉන්න ඔක්කොම එල්ලලා දැම්මා නම් ... හෙට සිට අපේ රට සමෘද්ධිමත් වේවි... ඔබ වහන්සේ මොකද කියන්නේ...?

:       45       389

රවින් Sunday, 22 July 2018 01:32 PM

මත්ද්‍රව්‍ය වුවදුර ලෝකයේ තියන උග්‍රම ව්‍යවසනයක්... ලෝක බලවතුන්ට හෝ දැනට පවතින නීත්‍යානුකූල කිසිම රජයකට පාලනය කිරීමට දුෂ්කර කාර්යයක්. මරණ දඬුවම දීලා හරි නතරකරන්න පුළුවන් නම් ලොකු දෙයක්...

:       14       485

Perakum Sunday, 22 July 2018 01:52 PM

හරිහරි හාමුදුරුවනේ... බන්ධනාගාර කාර්ය මණ්ඩලය පාලනය කරගන්න බැරි ජනාධිපති කෙනෙක්ගෙන් ...මීට වඩා වෙන මොනවද?

:       747       787

නිසංසලා Sunday, 22 July 2018 02:58 PM

රටේ තියෙන කුණු ටික කළමනාකරණය කරගන්න බැරි, රටේ හිටපු ලොකුම හොරා හෙවත් ගං කබරයාව කූඩුවට දක්කන්න බැරි ජනාධිපති මිනිස්සු එල්ලාවිද..? අහුවෙන්න එපා හාමුදුරුවනේ... ඕවා කෙප්ප. පොළොන්නරුවේ කෙප්ප.

:       447       526

akilaMonday, 23 July 2018 01:54 AM

ලෝකේ හැම රටකම වගේ කුඩු රජාලා හිරේදී ජීවත් වෙන්නේ රජාලා වගේ තමයි... ඒ අයගේ සල්ලිවලින් ඕනෙම කෙනෙක්ව බාගන්න පුළුවන්..

:       0       0

නිරුත්තර Sunday, 22 July 2018 01:57 PM

ආගමක් යනු මිනිසුන්ගේ ජීවන රටාව සකස් කරනා යම් දැනුම්, විශ්වාස, ඇදහිලි පද්ධතියකි. ආගම පවත්වාගෙන යාමට ඒ සමාජය විසින් තෝරාගත් පිරිසක්ද සිටී. බොහෝවිට ආගමික පරිසරයේ ඒකාධිකාරී බලයන්ද ඔවුන් සතුය. රටේ මිනිසුන්ගේ ධර්මය පිරිහීම ගැන වගකිව යුත්තේ කවුරුන්ද?

:       111       420

ජවුෆෙර් ලෙබ්බේ Sunday, 22 July 2018 02:54 PM

ඔබත් ඇතුළු සියලුම පූජකවරුන්...

:       1       423

ChandimaSunday, 22 July 2018 03:05 PM

මතකද ඒ කාලේ පානදුරේ අරියධම්ම හාමුදුරුවන්ගේ බෝධි පුජා වැඩසටහන නිසා සමාජයේ යම් සහනදායි තත්වයක් තිබුණා. හැබැයි මොනවා වුණත් දැන් නම් වංක දේශපාලකයෝ කීපදෙනෙක් තමයි රට විනාශයට ගෙනියන්නේ. මිනිස්සුන්ට එ්ක එච්චර තේරෙන්නේ නැහැ. මත්ද්‍රව්‍ය රටට ගෙනෙන වංක දේශපාලකයෝ මැතිවරණ වලදී හොඳට දිනනවා.

:       0       347

liyanage Sunday, 22 July 2018 02:17 PM

රජ කාලෙත් මරණ දඬුවම තිබුණා නේද...? ඒ කාලේ මේ මත් උවදුර නැතත්.. ඒ වගේම.. ඇමෙරිකාවෙත්... මැද පෙරදිග රටවලත්.. මේ නීතිය ක්‍රියාත්මකයි... ඒ ආණ්ඩුවේ නොහැකියාවද...? තමන්ගේ කෙනෙක්ට මේ දේ වූ දවසට.. මේ නීතිය තිබුනොත් හොඳයි කියා සිතේවි... වෙනත් පාට කන්නාඩි පැළඳ.. මේ ආණ්ඩුව කරන කියන සැමදෙයක්.. ඒ ඇසින් බලන්න එපා.. අනේ..හාමුදුරුවනේ... දනක් වළඳලා.. බණක් වදාරලා ..ශාසනයට යමක් කළොත්...හොඳයි නේද?

:       157       1065

SIRIMAL Sunday, 22 July 2018 02:46 PM

අවසරයි අපේ නායක හාමුදුරුවනේ. වහෙන් ඔරෝ නැතුව කෙලින්ම "රාජපක්ෂ මහත්තයට නැවත බලය දුන්නානම් සේරම හරි " කියල කීවා නම් අහවරයිනේ.

:       1584       2065

SKB Sunday, 22 July 2018 03:02 PM

මේ හාමුදුරුවන්ට මේ අාණ්ඩුව මොනවා කළත් වැරදියි. උන් වහන්සේ අදහන්නේ රාජපක්ෂ ධර්මයයි. මේ කල්ලියට අාවැඩීම හැර කරනා වෙනත් යමක්ද නැත.

:       1306       2148

චාමරMonday, 23 July 2018 07:39 AM

අවසරයි හාමුදුරුවනේ, ඒ කාලේ ගෝඨා කොළඹ හිටිය අහිංසක හිඟන්නන්ට මරණ දඬුවම දුන්න කාලේ ඔබ වහන්සේ හිටියේ කොහෙද කියා දැනගන්න සතුටුයි...

:       129       214

td Sunday, 22 July 2018 11:36 PM

පුරාණ රජ කාලයේ නම් රජවරුන්, මහනායක හිමිවරුන්ගෙන් රාජ්‍ය පාලනය සම්බන්ධව උපදෙස් ගත්බව කියවා අසා ඇත්තෙමි. අප ජීවත් වන්නේ 21 වන ශත වර්ෂයේය. පුරාණ රජකාලයේ තිබූ සහ ක්‍රියාත්මක කල සියල්ල නූතන ලෝකයේ ක්‍රියාත්මක කිරීමට හැකියාවක් නොමැත.

:       0       0

amila Monday, 23 July 2018 12:28 AM

මේක ක්‍රියාත්මක වුනොත් මෛත්‍රිපාල මහත්තයට දේශපාලන වාසියක් ලැබෙයි කියලා හොර කල්ලියේ සෙට් එක බයවෙලා. දැන් ඒ උත්සාහය නතර කරන්න ඔය වගේ දේවල් කියනවා. ඡන්දයෙන් අගතියට යන්න එපා. දැන් ගිහියන්ට වෙලා මෙයාලට බණ කියන්න.

:       0       0

dilal Monday, 23 July 2018 05:28 AM

මේ රටේ සේරම ප්‍රශ්න ඇතිවෙන්න පටන්ගත්තෙත්, ජනතාව තෝරාපත්කරගත් රජයකට නිසිලෙස කටයුතු කරන්න බැරිවුනේත් හාමුදුරුවරු දේශපාලනයට අවාට පසුවයි.

:       0       0

Mahee Monday, 23 July 2018 05:55 AM

එහෙමයි අවසර, වයස් ගත වෙනකොට සමහරුන්ට නොහැකියාව හින්දා මොනවා කියනවද කියලවත් වැටහීමක් නැතුව ඔහේ කියවනවා.

:       0       0

kalani Monday, 23 July 2018 06:17 AM

ලෝකයේ බොහොමයක් රාජ්‍ය පාලනයන් සමඟ පුජ්‍ය පක්ෂය ළඟ සම්බන්ධකම් පැවැත්වීම සාමාන්‍ය කරුණකි. එසේම ප්‍රජාතන්ත්‍ර ව්‍යුහය තුළ පුරවැසියකුට ඕනෑම මතයක්, අදහසක් දැරීමට ඇති අයිතිය අපට ප්‍රතික්ෂේප කළ නොහැකිය. දේශපාලකයින්ගේ මුග්ධ ක්‍රියාවලියන් වැළඳ ගනිමින්,කොන්ද කෙළින් තබාගෙන ධර්මගාමි අර්ථයෙන් ම කටයුතු නොකරමින්, සමාජ අභ්‍යන්තරයේ පුපුරු ගසමින් කැකෑරෙන ජනතා කෝපය තේරුම් නො ගනිමින් උන්වහන්සේලා වදාරණ අදහස් නිසා විවේචනයට ලක්වෙයි. කිසිම අදහසක්, මතයක් එකම සම්මත සත්‍යයක් ලෙස ලෝකයා පිළිනොගනියි. ලෝකයේ ආගම් බොහොමයක් තිබෙන්නේ එම නිසාය. දේශපාලන මතවාද ද එසේය. මත්ද්‍රව්‍යය ජාවාරම්කරුවන් එල්ලා මරා දැමිය යුතුය යන අදහස ද එසේය. එහෙත් අපේ මව්බිම අර්ථයෙන් ගතහොත් සමස්ත ජාතියම විනාශය වෙත තල්ලු කරන නරුමයින් එල්ලා මැරීම සාධාරණය. උත්තර මානව සමාජයක් පිළිබඳ සිහිනය සැබෑවෙන දිනය දක්වා අප බලා සිටිය යුතු නැත. තරුණ ජවයෙන් සුවදවත් ජීවමාන තරුණ පරපුරක් වෙනුවෙන් අපි බලා සිටින්නෙමු.

:       0       1

Hafeel Monday, 23 July 2018 06:27 AM

නීතිය හරියාකාර හෝ දඬුවම් ක්‍රියාත්මක කරනකොට කියන්නේ නොහැකියාව කියලා. මේ දෙකම නොකර ඉන්නකොට කියනවා හිට්ලර් කෙනක් හරි ඕනයි කියලා.

:       0       3

Buddika Monday, 23 July 2018 06:35 AM

හාමුදුරුවනේ මේක නැහැ කියනවා නොවෙයි. වරදට නීත්‍යානුකූලව දඬුවම් දිය යුතුයි. ඒත් මෙතෙක් කල් නොකළ නිසයි වැරැදි වැඩිවෙන්නේ. මේක නැහැ කියනවා නම් මේ රටේ ඇතැම් භික්ෂූන් කරන වැරැදි, ආගම විකුණාගෙන කෑම, නායක හිමිවරු ඒවාට පියවර නොගැනීම, නොහැකියාව නොවෙයිද? රට වගේම ඊටත් වඩා උතුම් බුදුදහම අපිට වටිනවා. ඒත් ඒක විනාශ කරන බහුතරය කවුද?

:       0       1

සතයපාල Monday, 23 July 2018 06:58 AM

මොනවද මේ කතා හාමුදුරුවනේ? හැකියාව තියන පාලකයින් හෙලිකොප්ටර්වලින් ගිහිල්ලා හරි කූඩු කාරයින්ව බේරා ගත්තු හැටි අපිට තාමත් මතකයි.

:       0       117

dhamneth Monday, 23 July 2018 08:14 AM

ආගමික නායකයින්ගේ නොහැකියාව ගැන කතාකරන්න හොඳ නැහැනේද? අපේ හාමුදුරුවනේ... අද සමහර චීවරධාරීන් නිවන්මග සලසාගන්න හදන්නේ දේශපාලකයින් පසුපස ගිහින් නේද අපේ හාමුදුරුවනේ...

:       0       48

Samathasena A . Aluthgama Monday, 23 July 2018 08:15 AM

"කුඩ්ඩන් පාතාලයන් පිරිලා සතර අතේ " " පෙනුනේ නැතිද ? ඒ බව හිමි බුද්ධ පුතේ " " පක්ෂය පාට ගෙන හිත තුල තිබෙන මතේ " " බුදු වදනක් ලෙසින් සිසිලස ගෙනෙනු නැතේ "

:       0       260

Malkanthi Monday, 23 July 2018 08:26 AM

හාමුදුරුවරුත් මිනීමරණ රටක් මේක. ඉතින් මොන අනුශාසනාද?

:       0       16

Raveendra Monday, 23 July 2018 11:41 AM

අවසරයි අපේ හාමුදුරුවනේ, තාම අපිත් මැරිලා ඉපදුනේ නැති නිසා අපට නම් පෙන්නේ මේ අය විතරක් නොවේ මීට පෙර හිටපු සියලුම අයගේ නොහැකියාව නිසා තමයි රටේ මෙවන් භයානක, තරුණ පරපුර විනාශ කරන මෙවන් අය බිහි වුනේ. එබැවින් දැනට බලයේ ඉන්න අය විතරක් නොවේ මිට දශක කීපයකට පෙර බලයේ හිටපු අයත් මේ සදහා හොද දායකත්වයක් දීලා තියෙන්නේ අප හාමුදුරුවනේ.....

:       0       0

prakaash Monday, 23 July 2018 11:55 PM

මේ පාලකයින්ට ඇත්තේ නොහැකියාවයි, බොරුවයි, හොරකමයි, කුමන්ත්‍රණයයි ,පාවාදීමයි හැර කුමක්ද? අපරාධකාරයින් සමග ඉන්න ආණ්ඩුවක් මේක.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

කොත්මලේ අනතුර ගැන සොයන කමිටුව කොත්මලේට
2025 මැයි මස 13 163 0

කොත්මලේ රම්බොඩ ගැරඩිඇල්ල ප්‍රදේශයේ ඉකුත් 11 වන දින සිදු වූ බස් රථ අනතුර සම්බන්ධයෙන් සොයා බැලීමට වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා පත් කළ කමිටු


ගල්ගමුවේ වැවක දැරියන් දෙදෙනකු ගිලි මරුට
2025 මැයි මස 13 408 0

ගල්ගමුව පාළුකඩවල වැවේ දිය නෑමට ගිය පාසල් දැරියන් දෙදෙනකු දියේ ගිලි මියගොස් ඇතැයි පොලිසිය කියයි.


ත්‍රිරෝද රථ ගැටී හයක් රෝහලට
2025 මැයි මස 13 348 1

පොළොන්නරුව මනම්පිටිය නගරයට ආසන්නව කදුරුවෙල දෙසට ධාවනය කළ ත්‍රීරෝද රථයක් තවත් ත්‍රිරෝද රථයක් ඉස්සර කිරීමට යෑමේදී, එම ත්‍රීරෝද රථ දෙක එකිනෙක ගැටී මාර්


ජපානය කනස්සල්ලෙන්
2025 මැයි මස 13 1911 3

ජපානයෙන් ශ්‍රී ලංකාවට ආනයනය කරන වාහන සඳහා පනවනු ලබන ඉහළ බදු අනුපාත පිළිබඳව මෙරට ජපාන තානාපති අකියෝ ඉසොමාටා මහතා පසුගියදා පැවැති වටමේස සාකච්ඡාවකදී කණ


වෙසක් නරඹා එද්දී ලොරිය හැපිලා 10ක් රෝහලේ
2025 මැයි මස 13 516 1

කොළඹ වෙසක් සිරි නරඹා ආණමඩුව වෙත ගමන් කරමින් තිබු ලොරි රථයක් මූදුකටුව ප්‍රදේශයෙදී මාර්ගයෙන් ඉවතට පැන සිදුවු අනතුරීන් තුවාල ලැබු දස දෙනකු මාරවිල මූලික


නීති විරෝධී යතුරු පැදි 16ක් අල්ලයි
2025 මැයි මස 13 1482 6

නීති විරෝධී අයුරින් කොටස් ආනයනය කර එකලස් කළ බව කියන රුපියල් කෝටි 2 - 1/2 කට අධික වටිනා අධිබලැති යතුරුපැදි හතරක් හා යතුරුපැදි 16 ක් සමග තරුණයන් 16 දෙනක අත්අඩංග


මේවාටත් කැමතිවනු ඇති

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1268 0
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1533 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 400 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

Our Group Site