IMG-LOGO

2025 ජනවාරි මස 19 වන ඉරිදා


එම්.කේ.ඒ.ඩි.එස්. ගුණවර්ධන ශාලාව මහින්ද රාජපක්ෂ නමට

( අමදෝරු අමරජීව)

ත්‍රිකුණාමල දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිවරයෙකු වු දිවංගත අමාත්‍ය එම්.කේ.ඒ.ඩි.එස්. ගුණවර්ධන මහතා නමින් නම්කර ලබන අගෝස්තු 10 වැනිදා  ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන  මහතා ගේ ප්‍රධානත්වයෙන්  විවෘත කිරිමට නියමිතව තිබු  කන්තලේ නගර ශාලාව මහින්ද රාජපක්ෂ  නගර ශාලාව ලෙස නම් කිරිමට තීරණය කර තිබේ.

ශ්‍රී ලංකා පොදු ජනපෙරමුණු බලය හිමි කන්තලේ ප්‍රාදේශිය සභාව  මෙම තීරණය ගෙන ඇත.

ශ්‍රි ලංකා පොදුජන  පෙරමුණේ ප්‍රාදේශිය සභා  මන්ත්‍රිවරුන් බහුතරයකගේ අදහස වි ඇත්තේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් මෙම නගර ශාලාව ඉදිකිරිමට මුදල් ලබාදිම නිසා එසේ කළ යුතු බවය.

මේ සම්බන්ධයෙන් මන්ත්‍රිවරු ගත් තීරණය පිළිබදව  අදහස් දැක්වු කන්තලේ ප්‍රාදේශිය සභාවේ  සභාපති  සමන් ඒකනායක මහතා   මෙසේ පැවසීය.

‘ හිටපු ජනාධිපති මහින්ද  රාජපක්ෂ පාලනය සමයේ  ආර්ථික  සංවර්ධන අමාත්‍ය බැසිල්  රාජපක්ෂ මහතා උතුරු නැගෙනහිර  පළාත් පාලන ආයතන යටිතල පහසුකම් දියුණු කිරිමේ  ව්‍යාපෘතිය යටතේ මුදල් ලබාදි මෙම නගර ශාලාව  ඉදිකළ බවය.

එහි අඩුපාඩු රැසක් තියෙනවා.විවෘත කිරිමට  ප්‍රථම ඒවා සකස් කිරිමට  මිලියන 13ක ඇස්තමේන්තුවක් නැගෙනහිර ආණ්ඩුකාරවරයා වෙත ඉදිරිපත් කළා.ඉන් මිලියන 07ක්  ලැබුණා. සම්පුර්ණ මුදල නොලැබුණ හොත් එදාට ජනාධිපතිතුමාට කලින් අපේ මන්ත්‍රිවරු නගර ශාලාව විවෘත කරාවි. එවිට මටත් මන්ත්‍රිවරු පාලනය කරගන්න බැරිවේවි යැයි කීය.



අදහස් (33)

එම්.කේ.ඒ.ඩි.එස්. ගුණවර්ධන ශාලාව මහින්ද රාජපක්ෂ නමට

ramani Wednesday, 25 July 2018 09:48 AM

මහින්ද ජනාධිපතිතුමාට ගරු කිරීමක් ලෙස මේ ක්‍රියාව නොකරන මෙන් පොදු ජන පෙරමුණෙන් ඉල්ලනවා. මියගිය කෙනෙක් නමට දෙයක් කරන්න යනවා නම් එය කරන්න දෙන්න. ඔය ශාලාවක නමක් නැහැ කියා මහින්ද ජනාධිපතිතුමාට අඩුවක් වෙන්නේ නැහැ. ඔය නම වෙනස්කිරීම නරකක් වෙන්න පුළුවන්...

:       813       678

amila Wednesday, 25 July 2018 10:04 AM

2019 බලයට ආවට පස්සේ මහින්ද මහත්තයට කරන්න වැඩ ඕන තරම් තියනවා. එතකොට ඕන විදියට නම දාගන්න පුළුවන්. මේ ආණ්ඩුවට මේ අවසාන කාලේ සතුටින් ගත කරන්න දෙන්න.

:       1231       1346

දිමුත් Wednesday, 25 July 2018 10:05 AM

මහින්ද මහත්තයගේ පෞද්ගලික ධන පරිත්‍යාගයක්ද? අනේ මෙහෙමත් මෝඩ මිනිස්සු!

:       65       1129

sirimal Wednesday, 25 July 2018 10:10 AM

රට තමන්ගේ සගයෙකුගේ අච්චු කන්තෝරුවලින් කොටි ගණන් සල්ලි දීලා සකස් කරගත්තු දර්ශනීය රූප රාමු පොල් ගස් උසට එල්ලගෙන මහ ජනතාවගේ හදවත් දිනා ගැනීමේ පරණ වසංගතය නැවත බෝ කිරීමට වගෙයි යන්නේ...

:       132       565

පාලිත Wednesday, 25 July 2018 10:20 AM

මේක මොකක්ද? එම්.කේ.ඩී.එස්. ගුණවර්ධනට නාමල් කතා කළේ මචං ගුණේ කියලයි. මේවා දැක දැක තමයි ශ්‍රීලනිප ජ්‍යෙෂ්ඨයෝ තවමත් පොහොට්ටුවට රිංගන්න හදන්නේ. පොහොට්ටු කාරයින් දවසක බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ නම වෙනස් කළත් පුදුමවෙන්න දෙයක් නෑ.

:       1143       2158

tommy Wednesday, 25 July 2018 10:22 AM

මේවා ඉදිකර ඇත්තේ මහජන බදු මුදලින්. මේවට තම තමන්ගේ අයවලුන්ගේ නම් දා ගන්නා සංස්කෘතිය අපේ රටේ වෙනස් වන්නේ කවදාද?

:       0       506

දිවංගත වුවන්ගේ තරගය Wednesday, 25 July 2018 10:29 AM

මහින්ද රාජපක්ෂ ජනපති දිවංගත වූයේ 2015 ජනවාරි 16 උදේ පාන්දර... අමාත්‍ය ගුණවර්ධන මහතා දිවංගත වූයේ ඉන්පසුවයි. එ්නිසා පොහොට්ටු යෝජනාව සාධාරණයි.

:       760       501

chandana Wednesday, 25 July 2018 10:31 AM

බාලාංශ වැඩ තමයි.

:       49       278

සතපාල Wednesday, 25 July 2018 10:38 AM

තමන්ගේ මන්ත්‍රීවරු පාලනය කරගන්න බැරි සභාපතිවරයෙක් කොහොමද ප්‍රාදේශිය සභාවක් පාලනය කරන්නේ. රටේ මහජනතාවගේ බදු මුදල් වලින් හදන ගොඩනැගිලි හා අනෙකුත් ඉදිකිරීම්වලට තමන්ගේ නම දාගන්නේ නොදියුණු මානසිකත්වයක් ඇති පුද්ගලයන් වන අතර වහල් මානසිකත්වයක් ඇති ඔවුන්ගේ අනුගාමිකයෝද ඔවුන්ම අනුකරනය කරති.

:       25       579

චාන්දනී Wednesday, 25 July 2018 11:04 AM

මහින්ද නම දමාගත්තේ නැත්තේ ප්‍රසිද්ධ වැසිකිළිවල විතරයි. එයා හොරකම් කරපු සියල්ලම හොයාගත්තට පසුව කොළඹ ප්‍රසිද්ධ වැසිකිළියට එයාගේ නම දමනවා.

:       142       566

RNG Wednesday, 25 July 2018 01:34 PM

චාන්දනී, ඒ මනුස්සයා කරපුවා එහෙමත් තියෙනවා. ඒත් මේ යමපාලකයෝ මොනවද කරලා තියෙන්නේ..? අඩුම තරමේ තමන්ගේ නමක් දාගන්න පොදු වැසිකිළියක්වත් කරවලා තියේද..? මේ අය ආපු දවසේ ඉඳන් කරේ හදපු ඒවා විකුණපු එක විතරයි..

:       562       732

Dilshan Wednesday, 25 July 2018 11:10 AM

රටේ මහජනතාවගේ බදු මුදල් වලින් හදන ගොඩනැගිලි හා අනෙකුත් ඉදිකිරීම්වලට තමන්ගේ නම දාගන්නේ නොදියුණු මානසිකත්වයක් ඇති පුද්ගලයන් වන අතර වහල් මානසිකත්වයක් ඇති ඔවුන්ගේ අනුගාමිකයෝද ඔවුන්ම අනුකරනය කරති.

:       3       218

nishan Wednesday, 25 July 2018 11:29 AM

සිහින දකින්න එහෙත් ගරු කල යුත්තන්ට ගරු කරන විදිය යාලුවන්ට කියලා දෙන්න. ඒ.කේ. ඩී. එස්. නැත්නම් සේරුවිල ජනපද නැහැ...

:       0       145

kap Wednesday, 25 July 2018 11:38 AM

අමිල, හීනෙන් නැගිටින්න. දැන් දවල් වෙලා...

:       69       54

RNG Wednesday, 25 July 2018 04:49 PM

ඔයා තමයි තවම හීනෙන් කියවන්නෙ

:       14       17

Keppetipola Wednesday, 25 July 2018 11:52 AM

මෙහි අදහස් ප්‍රකාශ කර ඇති වැඩි දෙනෙක් සමග මම එකඟ වෙමි. ජනතාවගේ බදු මුදල් වලින් රට ණය කරලා මහා පරිමාණයෙන් කොමිස් ගහලා තමන්ගේ නම උඩින්ම දාගන්න ඉතා පහත් මානසිකත්වයක් තිබෙන දේශපාලකයින් ඉන්න රට ලංකාවයි. මහින්ද රාජපක්ෂ වරාය, මහින්ද රාජපක්ෂ ශ්‍රවණාගාරය, මහින්ද රාජපක්ෂ ගුවන් තොටුපොල, බණ්ඩාරනායක ගුවන් තොටුපොල, බණ්ඩාරනායක ශාලාව... මේ අයගේ සල්ලි වලින් හදලා නම දාගත්තට කමක් නැහැ. රටේ අහිංසක මිනිසුන්ගේ සල්ලි වලින් ගොඩනැගිලි ව්‍යාපෘති හදලා තමන්ගේ නම දාගන්න ලැජ්ජාවක් නැද්ද... ඇත්තටම..?

:       57       194

amilaWednesday, 25 July 2018 12:48 PM

ලෝකේ ගොඩක් රටවල නායකයෝ තමන්ගේ පාලන සමයේ ඉදිවෙන ගොඩනැගිලි වලට විතරක් නෙමේ පාරවල් වලට පවා තමන්ගේ නම දානවා. රටට වැඩක් කරලා නම දාගත්තට කමක් නෑ. මෙයාලට හිතට එකඟව නම දාගන්න බෑ. මොකද කරපු ඉටි ගෙඩියක් නැති නිසා.

:       16       173

සතයපාලWednesday, 25 July 2018 02:18 PM

අමිල අපිට උදාහරණ කීපයක් දෙන්න පුළුවන්ද ඒකාධිපති පාලකයෝ හැර...

:       29       15

amilaWednesday, 25 July 2018 04:17 PM

මහින්ද මහත්තයා ඒකාධිපතියෙක්නම් අදටත් හොදින් හෝ නරකින් ලංකාවේ ජනපති එතුමා. එහෙම වෙලා තිබ්බනම් අද රටට මෙච්චර විනාසයක් වෙන්නේ නෑ.

:       89       122

සමන්ත Wednesday, 25 July 2018 01:13 PM

තමන්ගේ නම දාගන්න එක බාලාංශ වැඩක් තමා.. මොකද සුද්දා රටින් ගියදා ඉඳලා මහජන මුදල්වලින් හදපු දේවල්වලට නම් දාගත්තා. ඒත් මතක ඇතිනේද කට්ටියට බණ්ඩාරනායක ගුවන් තොටුපලේ නම එජාප ආණ්ඩුව විසින් කොළඹ ගුවන් තොටුපල ලෙස වෙනස් කළා... ඉතින් කවුද පලි ගැනීමෙන් බාලාංශ වැඩ කරන්නේ කියලා හොඳට හොයලා බැලුවොත් පෙනේවි...

:       34       78

Chanak Los angeles Wednesday, 25 July 2018 02:24 PM

මැදමුලනේ සල්ලි වෙන්න ඇති දීලා ඇත්තේ? නම් කරනවා නොවෙයි රටේ ජනතාවගේ සම්පත් අවභාවිතා කරගෙන තිබෙන විදිහට නම අසාදු ලේඛනයටයි යන්න ඕනේ... අනෙක් කරුණ බලෙන් විවෘත්ත කරාවි කියා කියන්නේ... අපි අහන්න කැමතියි කාටද පුළුවන් රටේ ස්ථාපිත නීතිය කඩකරලා හිට්ලර් වගේ තමන්ට ඕන තීරණ ගන්න? මෙහෙම කියා තර්ජනය කරන එක නීතියට මෙන්ම තමන් රාජකාරිය ලබනකොට දෙනු ලබන දිවුරුම් ප්‍රකාශයටත් එරෙහිව යාමකි.. බලනකොට විජයකලාගේ ප්‍රකාශයේයි, මොහුගේ ප්‍රකාශයේයි වෙනසක් පෙනෙන්නේ නැහැ ..

:       228       100

dasunThursday, 26 July 2018 02:09 AM

චන්ද්‍රිකා වැව, සේනානායක සමුද්‍රය, ටිරෝන් ප්‍රනාන්දු ක්‍රීඩාංගනය. මේවත් පුද්ගලික දේපලින්ද හැදුවේ.

:       0       14

BamunuarachchiThursday, 26 July 2018 09:41 AM

උත්තර නැහැ නේද? ඕව ඔහොම තමයි?

:       0       1

RNG Thursday, 26 July 2018 04:09 AM

හරියට ඔප්පු කරන්න පුළුවන්ද හොරකම් කරලා කියලා? කවුරුවත් කියන පලියට නිකන් දොඩවන්නෙ නැතුව ඉන්න.

:       0       1

rohana Wednesday, 25 July 2018 03:46 PM

මෙතන චානක් ලොස් ඇන්ජලිස් විතරයි නියම කොමෙන්ට් එකක් දාල තිබුනේ. ලංකාව පුරාම එතුමාගේ නමින්නේ හැම එකම තියෙන්නේ.. පොඩි එකාගේ ආසාවනේ ඔන්න ඔහේ දාගත්ත දෙන්. දැන් ඔය ඇවිත් තියෙන්නේ කරපු දේවල්. එයා ගහන්න පටන් ගත්තේ හෙල්පින් හම්බන්තොට මුදල් හොරකම් කරලා නේද?

:       208       106

ramanSaturday, 28 July 2018 10:03 AM

රෝහණ දැක්කද චානකට ලැබුණු කමෙන්ට් එක චන්ද්‍රිකා වැව ගැන එහෙම. ඉතින් ඒකට චානක කට වහගත්තා නේද? ඔයාවත් උත්තරයක් දෙන්නකෝ...

:       0       0

dhammika perera Wednesday, 25 July 2018 06:23 PM

පොදු පෙරමුණෙයි, වමේ පක්ෂවලයි, විතරයි රටට ආදරය කරන දේශප්‍රේමින් ඉන්නේ. මේ යුන්පි කාරයෝ අර මහවැලි ජලාශ වලට හරි තමන්ගේ නම දාගන්න තරම් බැරි උන කට්ටියක්නේ. අර මහරගම තරුණ සේවා එකටවත් අඩුගානේ ජේ ආර් හරි රනිල් කියලවත් දාගන්න බැරි උනානේ.

:       0       0

vidya Wednesday, 25 July 2018 10:07 PM

බලයට අසීමිත කෑදරකම කියන්නේ ඕකනේ

:       0       0

සිසිර Thursday, 26 July 2018 03:38 AM

ඔව් ඉතිං පොහොට්ටුවන්ට වෙන නමක් ඇත්තෙම නැහැනේ. නමකුත් නැහැ කෙනෙකුත් නැහැ. මහින්ද මහත්තයාගේ පුද්ගලික බූදලයෙන්ද සල්ලි දුන්නේ දන්නෑ.

:       3       0

amila Thursday, 26 July 2018 05:01 AM

අපේ සල්ලි නිසාම තමයි දිමුත්, මහින්ද මහත්තයට ස්තුති කරන්න ඕන. ඒ මනුස්සය අපේ සල්ලි වලින් යුද්දේ කරලා අපිට නිදහස දිනලා දීල අපේ සල්ලි වලින් සංවර්ධනෙත් කරලා ගෙදර ගියා. මේ ආණ්ඩුව අපේ සල්ලි තිබ්බ මහ බැංකුව කොල්ල කාල එක ශේප් කරන්න අපිටම බදු ගහල ඒවත් කාල රටේ රටත් කොටියට පාවල දීල, ණයත් අර ඒවා ගෙවන්න අපිටම බාර දීල ලබන අවුරුද්දේ ගෙදර යනවා.

:       0       101

BamunuarachchiThursday, 26 July 2018 09:48 AM

එහෙම හිතන්න තරම් මොලේ දියුණු නැහැ. තුවාලයක් සනීප වුනාම කලින් තිබුන වේදනාව මතකත් නැහැ සනීප කල වෙදා මතකත් නැත. මෙහෙව් අයගේ දෙමව්පියෝ තමයි වයසට ගියාම මහා පාරට වැටෙන්නේ.

:       0       0

Bamunuarachchi Thursday, 26 July 2018 09:38 AM

දිමුත් දේශපාලුවන්ගේ නම් ගහගෙන තිබෙන හැම ව්‍යාපෘතියක්ම ඒගොල්ලන්ගේ ධනයෙන් කරපුවාද? අනේ මෙහෙම මෝඩ කතා

:       0       0

faizel Monday, 30 July 2018 04:30 AM

යකෝ අප්පේ බදු සල්ලි

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 

එසැණ පුවත්

දුම්රිය ආසන තත්පර 30න් අවසන්
2025 ජනවාරි මස 19 115 0

උඩරට මාර්ගයේ දුම්රිය ආසන මාර්ගගත ක්‍රමයට වෙන් කිරීමේදී ඊයේ (18) දිනට සියලුම ආසන තප්පර 30 ක් ගතවීමට පෙර අවසන් වූ බව දුම්රිය වෘත්තිය සමිති නියෝජිතයෝ පවසති.


ත්‍රිරෝද රථ අනතුරින් දැරියක් මරුට
2025 ජනවාරි මස 19 43 0

මහනුවර රන්දෙනිගල රජ මාවතේ මයිලපිටිය ප්‍රදේශයේදී අද දහවල් බස් රථයක් හා ත්‍රීරෝද රථයක් එකිනෙක ගැටීමෙන් සිදුවූ රිය අනතුරකින් ත්‍රීරෝද රථයේ ගමන් ගත් වය


උපස්ථායක,සාත්තු සේවක වෙයි
2025 ජනවාරි මස 19 74 0

රෝහල් උපස්ථායක සේවක සේවිකාවන්ගේ නිල නාමය සාත්තු සේවක (CAREGIVER) ලෙස මින් ඉදිරියට භාවිත කිරීමට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අවසර දී ඇත.


‘‘හිටපු ජනපති නිවාස තක්සේරු කරනවා‘‘
2025 ජනවාරි මස 19 138 0

අප රටේ ජනතාව මේ රටේ විශාලතම දේශපාලන හැරවුම ඇති කිරීමට දායක වුණා. ඒ වගේම පසුගිය මාස දෙකක කාලය තුල මේ රටේ දේශපාලන සංස්කෘතියේ සුවිශාල පරිවර්තනය ඇති කිරීමට


මන්නාරම් වෙඩි තැබීමට හමුදා සෙබළකු ඇතුළු තුනක් මාට්ටු
2025 ජනවාරි මස 19 1274 0

මන්නාරම අධිකරණය අසලදී පුද්ගලයන් දෙදෙනකුට වෙඩි තබා ඝාතනය කිරීම සහ තවත් දෙදෙනකුට බරපතළ තුවාල සිදුකිරීමේ සිද්ධියේ වෙඩික්කරු ලෙස කටයුතු කළ නාරාහේන්පිට


නැගෙනහිර පාසල් හෙට වැසෙයි
2025 ජනවාරි මස 19 252 0

පවතින අයහපත් කාලගුණය සැලකිල්ලට ගෙන හෙට (20) දින නැගෙනහිර පළාතේ පාසල් නොපැවැත්වෙන බව පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව කියයි.


මේවාටත් කැමතිවනු ඇති

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 372 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 599 2
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

ඩෙන්ටා, සුන්දර සිනාවක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි 2024 දෙසැම්බර් මස 20 327 0
ඩෙන්ටා, සුන්දර සිනාවක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි

දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’ සිය සුවිශේෂී ‘වැඩෙන සිනහවට ඩෙන්ටල් සත්කාරය

Our Group Site