
(දසුන් රාජපක්ෂ)
වැලිකඩ බන්ධනාගාරයේ හිටපු කොමසාරිස් එමිල් රංජන් ළමාහේවා මහතා දේශපාලන පළිගැනීම් පිළිබඳ විමර්ශනය කරන ජනාධිපති කොමිසමට කර ඇති පැමිණිල්ලට අදාළව යහපාලන ආණ්ඩුවේ හිටපු අමාත්‍යවරියක ඇතුළු තිදෙනෙකු වගඋත්තරකරුවන් ලෙස එම ජනාධිපති කොමිසමේ සභාපති විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු උපාලි අබේරත්න මහතා විසින් අද (11) නම් කරනු ලැබ සිටියේය.
එලෙස වගඋත්තරකරුවන් ලෙස නම් කෙරුණේ හිටපු අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය තලතා අතුකෝරළ , අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පත් පූජිත් ජයසුන්දර සහ සහකාර බන්ධනාගාර කොමසාරිස් ධම්මිකා වික්‍රමසිංහ යන මහත්ම මහත්මීන් තිදෙනාය.
එමිල් රංජන් ළමාහේවා මහතා වෙනුවෙන් ජනාධිපති කොමිසම හමුවේ කරුණු දැක්වූ නීතිඥ චමින්ද ප්‍රනාන්දු මහතා කළ දැනුම් දීමක් කෙරෙහි අවධානය යොමුකළ විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු උපාලි අබේරත්න මහතා එම නම් කිරීම් කර සිටියේය.
වැලිකඩ බන්ධනාගාරය තුළ 2012 නොවැම්බර් 10 වැනි දින සිදුවූ කැරැල්ලට සම්බන්ධ සිරකරුවන් ඝාතනය කිරීමට එවකට ආරක්ෂක ලේකම්ව සිටි ගෝඨාභය රාජපක්ෂ වත්මන් ජනාධිපතිවරයා නියෝග කළ බවට බොරු සාක්ෂි ඉදිරිපත් නොකිරීම නිසා තමන්ව අත්අඩංගුවට ගෙන වසරක් සිරබාරයේ තැබීම සහ සිය සුදුසුකම්වලට අදාළව උසස්වීම් ලබානොදී සිටීම හරහා යහපාලන ආණ්ඩුවේ ඇතැම් දේශපාලඥයින් තමාගෙන් දේශපාලනිකව පලිගෙන ඇති බව සඳහන් කර එමිල් රංජන් ළමාහේවා මහතා මෙම පැමිණිල්ල මගින් ජනාධිපති කොමිසමට දැනුම් දී තිබුණි.
එම පැමිණිල්ල ජනාධිපති කොමිසම හමුවේ අද (11) යළි කැඳවු අවස්ථාවේ එමිල් රංජන් ළමාහේවා මහතා වෙනුවෙන් පෙනී සිටි නිතීඥ චමින්ද ප්‍රනාන්දු මහතා කරුණු දක්වමින් තලතා අතුකෝරළ , පූජිත් ජයසුන්දර සහ ධම්මිකා වික්‍රමසිංහ යන මහත්ම මහත්මීන් පැමිණිල්ලේ වග උත්තරකරුවන් ලෙස නම් කරන ලෙස ඉල්ලා සිටියේය.
මේ වනවිට ජනාධිපති කොමිසම බාරයේ ඇති වැලිකඩ ඝාතන සිද්ධිය අළලා කසුන් පුස්සවැල්ල මාධ්‍යවේදියා ලියූ ‘‘වැලිකඩ‘‘ කෘතිය තම සේවාදායකයාට මුදා හරින ලෙසද නීතිඥ චමින්ද ප්‍රනාන්දු මහතා ජනාධිපති කොමිසමෙන් ඉල්ලා සිටියේය.
ඉදිරිපත් වූ කරුණු සළකා බැලූ ජනාධිපති කොමිසමේ සභාපති විශ්‍රාමික ශේෂ්ඨාධිකරණ විනිසුරු උපාලි අබේරත්න මහතා අවශ්‍ය විටෙක කොමිසමට ලබාගැනීමට හැකිවන පරිදි “වැලිකඩ“ කෘතිය එමිල් රංජන් ළමාහේවා මහතාට මුදාහරින ලෙස නියම කර මෙම පැමිණිල්ල ලබන 24 වැනි දින යළි කැඳවීමට නියම කළේය.
2025 දෙසැම්බර් මස 04
74
0
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
355
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
367
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
එමිල් රන්ජන්ගෙන් දේශපාලන පළිගැනීම් ගැන තිදෙනෙකුට චෝදනා