( තිළිණි ද සිල්වා )
එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයාගේ තරුණ කටයුතු පිළිබඳ නව නියෝජිත ලෙස ශ්‍රී ලංකාවේ ජයත්මා වික්‍රමනායක මහත්මිය පත්කළ බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසයි.
එක්සත් ජාතීන්ගේ මහලේකම් ඇන්තෝනියෝ ගුටරෙස් විසින් අදාළ පත්වීම් සිදුකරනු ලැබීය. මින් පෙර එම පදවිය හෙබවූයේ ජෝර්දානයේ අහමඩ් අල්හෙන්දාවි විසිනි.
2030 වසර දක්වා වන එක්සත් ජාතීන්ගේ තිරසර සංවර්ධනයවූ න්‍යාය පත්‍රයේ සාර්ථකත්වය උදෙසා තාරුණ්‍ය බලගැන්වීම එම සංවිධානය විසින් සිදු කරනු ලබන අතර ඒ යටතේ අදාළ පත්වීම සිදු කරනු ලැබ තිබේ.
ජාත්‍යන්තර මට්ටමින් ගෝලීය තරුණ ව්‍යාපාර අවස්ථා කිහිපයකදීම නියෝජනය කර ඇති ජයත්මා වික්‍රමනායක තරුණ සංවර්ධන ක්ෂේත්‍රයේ ප්‍රවර්ධනය උදෙසාද විශේෂ කාර්යභාරයක් ඉටුකළ චරිතයකි.
වයස අවුරුදු 21දී ගෝලීය තරුණ සංවර්ධන වැඩසටහන් නියෝජනය කළ ජයත්මා වික්‍රමනායක ලෝක තරුණ නිපුණතා දිනය ප්‍රකාශයට පත් කිරීම ඇතුළු එක්සත් ජාතින්ගේ ඉහළ පෙළේ වැඩ සටහන් රැසක් සඳහා දායක වූ බවද එක්සත් ජාතීන්ගේ සංවිධානය සඳහන් කර සිටී. ඇය තරුණ සංවර්ධනය උදෙසා ශ්‍රී ලංකා තරුණ පාර්ලිමේන්තුව හරහා ජාතික මට්ටමෙන් ද ප්‍රමුඛ කාර්යයක් ඉටු කර ඇති බවද එම සංවිධානය වැඩිදුරටත් කියා සිටී.
මේ වනවිට ශ්‍රී ලංකා පරිපාලන සේවා නිලධාරිනියක ලෙස කටයුතු කරන ඇය 2016 සිට 2017 දක්වා කාලය තුළ ශ්‍රී ලංකා පාර්ලිමේන්තු මහලේකම්වරයාගේ ලේකම්වරිය ලෙස ද කටයුතු කළ අතර, ඊට පෙර තරුණ කටයුතු පිළිබඳ ව්‍යාපෘති නිලධාරී වශයෙන්ද ,2014 වසරේදී පැවති ලෝක තරුණ සමුළුවේ ජාත්‍යන්තර තරුණ බලකායේ නායිකාවක ලෙසද කටයුතු කළාය.
1990 වසරේදී උපත ලැබු ඇය මේ වන විට 27 හැවිරිදි වියේ පසුවන අතර කොළඹ විශ්වවිද්‍යාලයේ විද්‍යාවේදී උපාධිධාරිණියකි. දැනට ඇය එම විශ්ව විද්‍යාලයේම සංවර්ධන අධ්‍යයන කටයුතු පශ්චාත් උපාධිය හදාරමින් සිටින්නීය. ජයත්මා වික්‍රමනායක අධ්‍යාපනය ලබා ඇත්තේ අලුත්ගම සංඝමිත්තා බාලිකා විද්‍යාලයෙන් සහ කොළඹ විශාඛා විද්‍යාලයෙනි.
2025 දෙසැම්බර් මස 04
74
0
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
355
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
367
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
එජා ලේකම්ගේ තරුණ කටයුතු නියෝජිත ලංකාවෙන්
rohan Wednesday, 21 June 2017 01:17 PM
අපට සහ රටට ඔබ ආඩම්බරයක්... ඔබට අපගේ සුබපැතුම් !!!
upali Wednesday, 21 June 2017 02:11 PM
එතකොට ඔබතුමියගේ කවුරු හරි දේශපාලනය කරනවාද?