IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


එජාප 71 වැනි සංවත්සරය කල් දමයි

(ප‍්‍රින්ස් රත්නායක)

එක්සත් ජාතික පක්ෂයේ 71 වැනි සංවත්සරය මෙවර රත්නපුරයේ දි පැවැත්වීමට සියලූ කටයුතු සූදානම් කර තිබුණ හදිසිසේ ඇති වු අධික වර්ෂාව හේතුවෙන් එය කල් දැමීමට සිදුවූ බව අධිකරණ හා විදේශ රැකියා ඇමතිනී නීතීඥ තලතා අතුකෝරළ මහත්මිය ප්‍රකාශ කළාය.

‘එක්සත් ජාතික පක්ෂයේ 71 වැනි සංවත්සරය උත්කර්ෂවත් විදියට රත්නපුරයේ දී සැප්තැම්බර් 10 වැනි දා පවත්වන්න සියලූ කටයුතු සූදානම් කරලා තිබුණා. නමුත් අපි බලාපොරොත්තු නොවන විදියට කාලගුණය වෙනසක් සිදුවුණු නිසා පුංචි කල් දැමීමක් සිදු කළා. අපේ පක්ෂයේ නායකතුමා බලාපොරොත්තු වෙනවා මේ මාසය අවසන් දිනය වන විට රත්නපුරයේ දී එය පවත්වන්න. ඒ පිළිබඳ යම් කිසි කෙනෙකුට අපහසුතාවයක් ඇති වුණා නම් ඒ ගැන කණගාටුව ප‍්‍රකාශ කරනවා. සියලූ දෙනාම නැවත දන්වන දිනයේදී රත්නපුරයට ඇවිත් අපේ පක්ෂයේ අභිමානය ආරක්ෂා කරන්න අවශ්‍ය සහයෝගය ලබාදෙන්න කියලා මම ඉල්ලාසිටිනවා.’ යැයි ඇය සඳහන් කළාය.



අදහස් (3)

එජාප 71 වැනි සංවත්සරය කල් දමයි

sil maathawoo Friday, 08 September 2017 09:04 AM

අපිට පූජාකරපු සිල් රෙද්දට මෙහෙම කරන්න හොඳ නැහැ. පඩිසන් දෙනවා.

:       0       209

කිං දාවිත් Friday, 08 September 2017 10:15 AM

රටේ නීතිය කියලා එකක් තියනවා. අවුරුදු 70ක් රට විනාශ කරපු පක්ෂයකට නීතියක් නැහැ. ඒ කරුමය රටේ තාමත් තියනවා. ස්වභාව ධර්මයවත් මේ අයට දඬුවම් දෙන්න ඕනෑ..

:       1       88

parakkrama Friday, 08 September 2017 10:21 AM

අනේ සිල්මාතාවරුනි ! මෙතන සිල් රෙද්දට නම් කොහොමවත් මොකුත් කරලා නැහැ. නමුත් මේක ලියපු සිල් මෑණියන්වහන්සේ නම් ලියලා තියෙන්නේ , මේ සිල් රෙදි අරගෙන තියෙන්නේ මහජනයාගේ පිං පඬුරුවලින් නොව කිසිදු අනුමැතියකින් තොරව මහජන මුදල් අවභාවිතයෙන් කියන එකත්, එමෙන්ම ධාර්මිකාව උපයාගත් මුදලින් නොවන බව...ඉතින් හතර පෝයට සිල් ගන්නා සිල්මාතාවරුනි, හයක් හතරක්වත් නොදන්නා කෙනෙකුට, ඔබ අට සිල් හෝ දස සිල් හෝ සමාදන්වී අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කරන්නේ කොහොමද?

:       88       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 110 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 748 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 370 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site