(මුදිතා දයානන්ද)
එක්සත් ජාතික පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරු බහුතරයේ කැමැත්තෙන් තෝරාගත යුතු යැයි ජාතික හෙළ උමරුයේ ප‍්‍රධාන ලේකම්, මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා අද (16) පැවසීය.
දැනට එම පෙරමුණෙන් යෝජනා වී ඇති එජාපයේ නායක රනිල් වික‍්‍රමසිංහ හා නියෝජ්‍ය නායක සජිත් පේ‍්‍රමදාස මහත්වරුන්ගේ නම් දෙකෙන් එකක් තෝරා ගැනීම සඳහා එම ඡන්දය පැවැත්විය යුතු බවද අමාත්‍යවරයා පැවසීය.
ඔහු මේ බව පැවසුයේ ශ‍්‍රි ලංකා පදනම ආයතනයේ පැවති ජාතික හෙළ උරුමය පක්ෂයේ මාධ්‍ය හමුවකදීය.
එක්සත් ජාතික පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා තෝරා පත් කරගැනීමට පෙර පුලූල් සන්ධානයක් හැදිය යුතු බවට යෝජනාවී තිබූ අතර මේ වන විට එම පුළුල් පෙරමුණට අදාල ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනය සකස් වී ඇති බවද එය එක්සත් ජාතික පෙරමුණේ අනෙකුත් පක්ෂ විසින් පිළිගෙන ඇති බවද රණවක මහතා පැවසීය.
එහෙත් තවමත් ජනාධිපති අපේක්ෂකයා කවුද යන්න සම්බන්ධයෙන් තීරණයකට එළැඹීමට එක්සත් ජාතික පක්ෂය අසමත්ව තිබෙන බවද ඒ සඳහා තවදුරටත් කාලය ලබාදීමෙන් ඵලක් නොවන බව හැගී යන හෙයින් මෙම යෝජනාව ඉදිරිපත් කරන බවද රණවක මහතා පැවසීය.
අපේක්ෂකයා තෝරාගැනීම සඳහා පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරු අතර පැවැත්වෙන ඡන්දය රහස් ඡන්දයක් වන්නේ නම් වඩාත් උචිත බවද ඔහු පැවසීය.
ජනාධිපතිවරණයට නාම යෝජනා කැඳවීම සඳහා මැතිවරණ කොමිසමට දැන් බලය ලැබී ඇති බැවිත් මසක් ඇතුළත ඊට දින වකවානු නියම වනු ඇතැයි විශ්වාස කරන අතර එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂකයා නම් කිරිම තවත් ප‍්‍රමාද වීම සුදුසු නොවන බවද ඔහු පැවසීය. මේ විසඳුමටත් එජාප නායකත්වය සුදානම් නොවන්නේ නම් තම පක්ෂය ගතයුතු ක‍්‍රියාමාර්ග පිළිබඳව ඉදිරියේදී තීරණයක් ගන්නා බවද රණවක මහතා වැඩිදුරටත් පැවසීය.
මෙම අවස්ථාවට ජාතික හෙළ උරුමයේ සම සභාපතිවරුන් වන හැඩිගල්ලේ විමලසාර හිමි, නියෝජ්‍ය අමාත්‍ය කරුණාරත්න පරණවිතාන, ජාතික සංවිධායක නිශාන්ත වර්ණසිංහ මහත්වරුන් හා මධ්‍යම කමිටු සාමාජිකයෝ පිරිසක්ද එක්ව සිටියහ.
COMMENTS
හලෝ චම්පික, ඔය එක්සත් ජාතික පෙරමුණ හදපු ප්‍රතිපත්ති ප්‍රකාශය රටේ ජනතාවට හෙළි කළොත් නරකද? එතකොට ජාතිවාදී දෙමල සහ මුස්ලිම් පක්ෂවල ඡන්ද ලබාගැනීමට රට පවාදී ඔවුන්ට ලබාදෙන දොළ පිදේනි මොනවද කියලා ජනතාවටත් දැනගත හැකිවෙනවා...
යකඩ මිනිහට අගමැතිකම දෙන්න සාපෙළ අසමත් අය පොරොන්දු වෙලා නේද?
බදුර්දීන් හරි, හිස්බුල්ලා හරි සපෝට් කරන අපේක්ෂකයා පරදවමු.
නොකියා කීම: එජාපයේ ජනපති අපේක්ෂකයා බහුතර කැමැත්තෙන් තෝරාගත යුතුයි.
කාගේවත් පක්ෂයකට හේත්තුවෙලා ඔවුන්ට නියෝග දෙන්නේ කොහොමද? තමන්ට ගැලපෙන්නේ නැතිනම් එලවන්න කලින් අයින්වෙනවා.
මෙහෙමනේ වෙන්න යන්නේ, එක්සත් ජාතික පක්ෂයේ බහුතර කැමැත්ත තියෙන්නේ සජිත්ටයි. නමුත් රනිල්ට ඕන ඡන්දෙට එන්න. එජාපෙට තනියම දිනන්න බැරි නිසා එ්කට පෙරමුණක් ගහන්න යනවා. මෙව්වගේ නායකයින්ට ඇමතිකම් දෙන්න පොරොන්දුව පිට තමයි මෙයාලා පෙරමුණට එකතුවෙන්නේ... ඒ වුණත් ඒ එකතුවෙන සමහර පක්ෂ තනියම ඉල්ලුවොත් අඩුතරමින් එක මන්ත්‍රී කෙනෙක්වත් පත්නොවෙන පක්ෂ... මෙයාලා රනිල්ට කැමති කරවාගෙන ඉන්නේ. දැන් මුළු මහත් එක්සත් ජාතික පාක්ෂිකයින්ගේ කැමැත්තම ඉවට දාලා මේ ඇමතිකම් දෙන පොරොන්දුව පිට එකතුවෙන පැරෂුට් කාරයින්ට කැමති විදියට තමයි පක්ෂයේ අපේක්ෂකයා තෝරන්න යන්නේ... අන්තිමේ පක්ෂයත් කාලා, එක්සත් ජාතික පාක්ෂිකයිනුත් බලුකරලා දාලා තියෙන්නේ. දැන් මේ කතා කරන උත්තමයාගේ පක්ෂයට තනියම ඡන්දෙ ඉල්ලුවොත් ආසන කීයක් දිනයිද? එ්ත් මේ කරන්න හදන්නේ දැවැන්ත එක්සත් ජාතික පක්ෂයේම නායකයා තීරණය කරන්න. එක්සත් ජාතික පක්ෂයට සහ එහි සාමාජිකයින්ට "අනිච්චාවත සංකාරා" තමයි.
එතකොට මොහු දැන් යූ.එන්.පී. අනේ හොඳා!!! ඔය කාට හරි ගොට්ට පොජ්ජක් මංගච්චලා හැමදාම ඇමති පොජ්ජක් කර තියාන හොරා බුදින්න ඇහැකි නොවැ. හැබැයි ඉතින් ඡන්දෙ දෙන හූරන්ට මොළේ පොජ්ජ තියෙනවා නම් මෙයාව දමන්නේ කුණු බක්කියට තමා...
මොන පක්ෂේ වුණත් වැඩක් කරන කෙනෙක්. චම්පිකගේ කතාව හරි...