(නිමල කොඩිතුවක්කු)
එක රටක් එක නීතියක් යනුවෙන් පවසා බලයට පත් වූ වත්මන් ආණ්ඩුව ප්‍රභූන්ට එක නීතියකුත් රටේ සාමාන්‍ය ජනතාවට තවත් නීතියක් ක්‍රියාත්මක කරමින් සිටින බව හිටපු අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා කොළඹදී පැවසීය.
සුරංගනා ලෝක මවමින් ආණ්ඩුව බලයට පත්වුවත් මාස හයක් යන්නට මත්තෙන් ආණ්ඩුවේ සැබෑ ස්වරූපය ජනතාවට ඒත්තු ගැන්වී ඇතැයිද කිරිඇල්ල මහතා සඳහන් කළේය.
ඇතුල්කෝට්ටේ සමගි ජනබලවේගයේ පක්ෂ කාර් යාලයේ අද (16) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව පැවසීය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ලක්ෂ්මන් කිරිඇල්ල මහතා මෙසේද කීය.
‘’2015 ට කලින් තාක්ෂණ විෂය පාසල් දරුවන්ගේ විෂය මාලාවට ඇතුළත් කළා. තාක්ෂණ විෂය තිබුණත් උසස් පෙළින් එහාට තාක්ෂණ උපාධියක් ලබා ගන්න බැරි තත්ත්වයක් තමයි තිබුණේ.
සියලුම විශ්ව විද්‍යාලවල තාක්ෂණික පීඨ ආරම්භ කරන්න කියලා 2015 මං උසස් අධ්‍යාපන ඇමැති වුණාට පස්සේ විශ්වවිද්‍යාල ආචාර් යවරු මට කිව්වා.
ඒ අනුව මම ඇමති කාලේ කැබිනට් පත්‍රිකා ගණනාවක් ඉදිරිපත් කරලා ශ්‍රී ජයවර්ධනපුර, කොළඹ, කැලණිය, රජරට, මොරටුව, සබරගමුව, වයඹ, නැගෙනහිර, පේරාදෙණිය, ශ්‍රී ලංකා භික්ෂු විශ්වවිද්‍යාලය යන විශ්වවිද්‍යාල දහයේ තාක්ෂණ පීඨ ආරම්භ කළා.
උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ නිලධාරීන් ගේ විශාල කැප කිරීමක් මත අපි මේ කටයුතු සිදු කළා. මුලදී ගොඩනැගිලි තිබුණේ නැහැ තාවකාලික ගොඩනැගිලිවල මේවා ආරම්භ කළේ. මෙයට සමගාමීව යන හැම විශ්වවිද්‍යාලයකම නේවාසිකාගාර දෙක බැගින් ලබාදීමට අපි කටයුතු කළා.
පාර් ලිමේන්තුවේ සභා නායක ලෙස කටයුතු කළ නිසා මෙවැනි ස්ථාන විවෘත කරන විට ඒවාට සහභාගි වීමට පවා මට නොහැකි වුණා. ඒ නිසා මගේ ආරාධනයෙන් වෙනත් ඇමතිවරු මෙම පීඨ විවෘත කළා.
මෙම සංකල්පය සම්පූර්ණයෙන්ම උසස් අධ්‍යාපන මධ්‍යස්ථාන නිලධාරීන්ගේ සංකල්පයක්. ඔවුන් මේ වෙනුවෙන් විශාල කැපකිරීමක් කළා. නමුත් පසුගිය කාලයෙහි උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ නිලධාරීන් කිසිම ඇගයීමක් වෙලා නැහැ කියලා මේ ගැන දැනුවත් කරන්න කියලා ඒ නිලධාරීන් මගෙන් ඉල්ලීමක් කළා
පිටිපන විද්‍යාපීඨ පටන් ගත්තෙ බස්නාහිර සංවර්ධන අමාත්‍යංශයේ ඉඩමක. මේවාට අදාළ සියලු කැබිනට් පත්‍රිකා මම මාධ්‍යයට ඉදිරිපත් කර තිබෙනවා. උසස් අධ්‍යාපන අමාත්‍යංශයේ නිලධාරීන් සිදුකළ කැපකිරීම රටේ ජනතාව දැනගත යුතුයි.
අද ගොවීන්ට පොහොර නැහැ. නිෂ්පාදන වලට මිලක් නැහැ. අද ගොවීන් විශාල අපහසුතාවයකට ලක් වෙලා තියෙනවා. ඒ වෙනුවෙන් මේ ආණ්ඩුවේ කිසිදු වැඩපිළිවෙළක් නැහැ.
බ්‍රේක් නැති වාහනයක් වගේ අද රට යනවා. නිරෝධායනය නීති සාමාන්‍ය ජනතාවට විතරයි ප්‍රභූන්ට වෙන නීතියක්. දළදා පෙරහැරට නිරෝධායන නීති දාලා ජනතාවට එන්න බැහැ. ප්‍රභූන්ගේ උත්සව වලට එහෙම බාධාවන් නැහැ.
මේ ආණ්ඩුව බලයට ආවේ එක රටක් එක නීතියක් කියලා අද ඒවා සිද්ධ වෙන්නේ නැහැ
දැන් කොරෝනා වසංගතය මැද්දේ මැතිවරණයකට යන්න රජය සූදානම් වෙනවා. මැතිවරණයකට මුහුණ දෙන්නෙ කොහොමද කියල නීතිරීති සකස් කරන ඉස්සෙල්ලා තිබුණේ ඡන්දේ ඉල්ලන අපෙන් අදහස් ගන්නයි . අපි තමයි දන්නෙ මෙහි තියන ප්‍රායෝගික ගැටලු.
දැන් මේ නීතිරීති දිහා බැලුවාම ඡන්දය කියන්න නෙමේ නොතියන්න හදපු නීති රීති බව පෙනී යනවා. මේ නීති රීති යටතේ ඡන්දය තිබ්බොත් සියයට හතළිහක් වත් ඡන්දය දෙන්නෙ නැහැ.
දැන් ඡන්දය තියන්න පුළුවන් කිව්වට අනිත් පැත්තෙන් සෞඛ්‍ය අංශ කියනවා කොරෝනා දෙවෙනි රැල්ලක් ඇති වෙන්න පුළුවන් කියලා. ආණ්ඩුව දැන් ප්‍රශ්නයක් ඇති වුණොත් එකෙන් බේරෙන්නත් කතා කරනවා. කවුද ඇත්ත කියන්න කියලා ජනතාවට දැන් ගැටලුවක් ඇති වෙලා තියෙනවා.
මැතිවරණය තිබ්බොත් සමගි ජන බලවේගය විදිහට අපි බහුතරයක් අරගෙන ජනතාවාදී ආණ්ඩුවක් පිහිටුවනවා. ඒ සඳහා සහාය දෙන්න කියලා අපි ජනතාවගෙන් ඉල්ලා සිටිනවා’’ යැයි ද යයිද ඔහු වැඩිදුරටත් සඳහන් කළේ ය .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔන්න උම්බෑගානවා.
62කට සුදුසුකම් නැතිව රස්සා දුන්නා.. ඒ අය හිතවතුන් සහ නෑදෑයෝ. ඒකත් ලිස්ට් එකට දාන්න. ඕනම ගොනෙකුට යුද්ධ කරන්න පුළුවන් කියලා අපිට ඉගැන්නුවෙත් ඔබතුමා. ඒ කිව්වේ සරත් ෆොන්සේකා ගැනද? එයත් මතක් කරන්න.
ඔය ප්‍රභූන්ට වෙනම නීතියක් කියන එකට හොඳම උදාහරණය තමයි හොර 5000 නෝට්ටු දීපු සිද්ධිය... වෙන කෙනෙක් නම් කෙළින්ම රිමාන්ඩ්..
ඔබතුමාගේ නමේ අගට කිරිඇල්ල කියලා ආවේ කොහොමද කියලා පාලිත තෙවරප්පෙරුම මහත්තයා කිව්වා. පහුගිය ආණ්ඩුවේ හොඳම ඇමතිකම අරගෙන දුව ඇමති පුටුවේ වාඩි කළා කියලත් කීවා. ඒ ඇමතිකම පාලිත තෙවරප්පෙරුම මහත්තයාට තිබුණා නම් යූ.ඇන්.පී ආණ්ඩුව කවදාවත් පරාජය කරන්න බෑ කියලා වැඩිදුරටත් කිව්වා...
මේ ආණ්ඩුව ආවට පස්සේ හැමදේම නැහැලු... ඔව් ඔව් ගොන්නුන්ට පුන්නක්කුත් නැහැ.. ක්‍රොටන් කොලත් නැහැ.. පියා ඇමති කාලේ දුවගේ කෙරුවාව අපි දන්නවා.. නුවර අතුරුමාර්ගවල කොන්ක්‍රීට් ගල් අල්ලපු කොන්ත්‍රාත්තුව දුව කරපුවිදිය අපි දන්නවා.. නැට්ටෙ ගොම ගාගන්නේ නැතුව වලිගේ උස්සලා කාරිය කරගන්න උම්බෑ නොකියා....
එක රටක වෙනවෙනම නීති... ඔයාට වැරදිලා...
වරක් පාර්ලිමේන්තුවේදී කිව්වා බැංකුව මිලියන 300ක් 400ක් තියනවා කියලා...
ඔනෑ දෙයක් කියන්න පුළුවන්
ඔයගොල්ලන් යහපාලන සිද්ධාන්ත මත නීතිය හරියටම ඉෂ්ඨ කළානේ. මහත්තයෝ ඔය ගොක් කොළ, මල්වඩම් පේන කාලෙට කියැවෙන කතා...
කිරිඇල්ලට බැනපුවාම අලි කමල්ට රිදිලා.. ඕන ගොනෙකුට පේනවා ගාල තියෙන තැන...
ඒ කියන්නේ දැන් තීරුබදු රහිත කාර් 225ටම ලැබෙන්නේ නැතිද.?
කොහෙද මෙරටේ ප්‍රභූ කියලා ජාතියක් ඉන්නේ. මිනිස්සු පගා ගහලා කොමිස්ගහලා අයුතුලෙස පොහොසත් වූන පලියට අපිට ප්‍රභූලා නොවෙයි.
මේ කතාවලින් පැහැදිලි වෙන්නේ ''ගොන්කමම'' තමයි. වෙන මොනවද? අවුරුදු 5ක් තප්පුලෑවා. වෙන මොනවද කළේ?
පිස්සෝ, මෝඩයෝ,වංචාකාරයෝ ප්‍රභූ වෙන්නේ කොහොමද?
ඕන ගොනෙකුට නීති දාන්න පුළුවන්... නමුත් ඒක ක්‍රියාත්මක කරගෙන යන්න බැහැ.
කතා කරලා වැඩක් නැහැ මැතිතුමා මේ ආණ්ඩුව ගැන, මේකත් හරියට අර යහපාලන ආණ්ඩුව වගේම තමයි. ඕන ගොනෙකුට පුළුවන් ඉතින් මෙහෙම ආණ්ඩු කරන්න.
කවුද " ප්‍රභූන් " කියන්නේ..? එහෙම වර්ගයක් මෙහෙ නැහැ. සමහර මෝඩයින් හිතාගෙන ඉන්නවා ඒ අය රභූන් කියලා.
අන්න හිරුණිකාට සිතාසි එවලා... එයාට ඔයාලා පැය 2න් ඇප දුන්නෙත් ඔය ප්‍රභූ නීතිය යටතේද?