(ඩයනා උදයංගනී)
පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමෙන් මුදල් ගෙන ඇති බවට කණ්ඩායමේ එක් අයෙකුට චෝදනාවක් එක් වූ පමණින් සියල්ලන් ඒ ගොඩට දැමිය නොහැකි බව පාර්ලිමේන්තු මන්ත්‍රී සුසිල් ප්‍රේමජයන්ත මහතා පැවසීය.
ඔහු මේ බව පැවසුවේ විපක්‍ෂයට එක්වූ 16 දෙනාගේ කණ්ඩායමේ සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා බැඳුම්කර වංචාව පිළිබඳ චෝදනා එල්ල වන පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමෙන් මුදල් ගෙන ඇති බවට එල්ල වන චෝදනා සම්බන්ධයෙන් මාධ්‍යවේදියෙකු නැගූ පැනයකට පිළිතුරු දෙමිනි.
එම වංචාව සම්බන්ධයෙන් සොයාබැලීමට පත් කළ ජනාධිපති කොමිසම අතරමගදී කෝප් කමිටුවේ සිටි පස්දෙනෙක් කමිටුවේ පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ හිමිකරුට දුන් දුරකථන ඇමතුම් ගැනත් හෙළි වූ බැවින් ඒවා ගැනද සොයා බැලිය යුතු බවයි.
එම සමාගමෙන් මුදල් ගත් බව කියන 118 දෙනාම මන්ත්‍රීවරුන් විය නොහැකි බව කී සුසිල් ප්‍රේමජයන්ත මහතා තමන් එම සමාගමේ හිමිකරු පළමුවරට දුටුවේ පුවත්පත්වල පළවූ ඡායාරූපවලින් බවද කීවේය.
එබැවින් එම චෝදනා එල්ල වූ 118 දෙනා ගැන තොරතුරු දැනගැනීමේ පනත යටතේ හෙළිදරව් කිරීම වඩාත් සුදුසු බව ද එතුමා සඳහන් කළේය.
මන්ත්‍රීවරයා මේ බව පැවසුවේ විපක්‍ෂනායක ආර්. සම්බන්ධන් මහතා සමඟ අද පෙරවරුවේ පැවති හමුවෙන් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දක්වමිනි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එහෙනං බැඳුම්කරය ගැන ආණ්ඩුවේ එක පාර්ශවයක් පමණක් අල්ලාගෙන ඔය හැටි දෙස් දෙවොල් තියන්නේ මක්කටෙයි?
කාටවත් එහෙම චෝදනා තිබුනා කියාලා කිව්වේ නැහැනේ අහුවෙනකල්ම? කාගේ කාගේත් කිල්ලෝටවල හුණු තියෙන බව මහජනතාව දන්නවා.
කන්න ඕනෑ උනාම කබරගොයා තලගොයා කරනවා. අනේ අපිට කන් ඇහෙනවනේ, ඇස් පේනවනේ මේ කට්ටියගේ කියුම් කෙරුම් අහන්න බලන්න.
ඔය ඔක්කොම කොහොමත් එකයි.
අපි දේසපාලුවන් එකගොඩට දමන්නේ ඔවුන් මොන පැත්තකින් හෝ දූෂණවලට ගෑවී සිටින නිසා. සියලු දෙනාම වාහන බලපත්‍රය විකුණනවානේ ඉතින් එකගොඩේ නොවෙයිද? මොනවාද මේ කතා
ඔය මහත්තයලගේ කට්ටිය කවුරුත් එක වල්ලේම පොල් වගේ තමයි!අපි නොදන්නවය ඒ කාලේ ඔය කවුරු කවුරුත් සන්වර්දනේ වෙච්ච හැටි!