IMG-LOGO

2025 නොවැම්බර් මස 19 වන බදාදා


එක්සත් රාජධානිය ගාසා තීරයේ ගැටුම් ගැන සොයයි

ගාසා තීරයේ සිදු වූ ප්‍රචණ්ඩ ක්‍රියා සම්බන්ධයෙන් ස්වාධීන පරීක්ෂණයක් කළ යුතු යැයි එක්සත් රාජධානිය අද (15) ප්‍රකාශ කළේය. 

ඊශ්‍රායල - ගාසා දේශසීමාවේ පැවැති විරෝධතා අතරවාරයේදී ඊශ්‍රායල ආරක්ෂක අංශ එල්ල කරන ලද ප්‍රහාරවලින් පලස්තීන වැසියන් 60කට ආසන්න පිරිසක් ජීවිතක්ෂයට පත්වීමෙන් පසු එක්සත් රාජධානිය ඒ බව ප්‍රකාශ කළේය.

ඊශ්‍රායලයේ ඇමෙරිකා එක්සත් ජනපද තානාපති කාර්යාලය ජෙරුසලමට ගෙන යෑමත් සමඟ ගාසා තීරයේ වීදිවලට පලස්තීන වැසියන් 40,000කට ආසන්න පිරිසක් පැමිණි අතර ඊශ්‍රායල - ගාසා දේශසීමාවේ පැවැති විරෝධතා ප්‍රචණ්ඩකාරී ස්වභාවයක් ගත්තේය.

ඊශ්‍රායල ආරක්ෂක අංශ සහ පලස්තීන වැසියන් අතර ගැටුම් ද ඇතිවිය. ගැටුම් හේතුවෙන් 2,000කට වැඩි පිරිසක් තුවාල ලැබූ බව ගාසා සෞඛ්‍ය අමාත්‍යාංශ ආරංචි මාර්ග සඳහන් කළේය. 

“ගාසා තීරයේ සිදු වූ සිදුවීම් සම්බන්ධයෙන් කෙරෙන ස්වාධීන පරීක්ෂණයකට එක්සත් රාජධානිය සහාය දක්වනවා” යැයි බ්‍රිතාන්‍යයේ මැදපෙරදිග කටයුතු පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය ඇලිස්ටයාර් බර්ට් පැවැසීය.

ඇමෙරිකා තානාපති කාර්යාලය ජෙරුසලමට ගෙන යෑමට එක්සත් රාජධානිය සහාය පළ නොකරන බව කී නියෝජ්‍ය අමාත්‍ය ඇලිස්ටයාර් බර්ට් එය කලාපයේ සාමයට හිතකර තීරණයක් නොවන බව ද කීවේය. මෙම සිදුවීම් පාදක කරගෙන හෝ කලාපයට සාමය ගෙන ඒමට පියවර ගත යුතු යැයි ද හෙතෙම කීය. 

ඊශ්‍රායලය නිර්මාණය කරන ලද්දේ 1948 වසරේ අද (15) වැනි දිනක වන අතර පලස්තීන ජනතාව තම ගම් බිම් අත්හැර පලා ගියේද අද වැනිද දිනකදීය. එම සිදුවීම්වලට අදට වසර 70ක් සැපිරීම නිසා විරෝධතා උත්සන්න වූ අතර බෙත්ලෙහෙමේද විරෝධතා පැවැත්විණි. මෙම දිනය ‘නක්බා දිනය’ එසේත් නැතිනම් ඛේදවාචකයේ දිනය යනුවෙන් ද හඳුන්වයි. 

ගාසා තීරයේ සිදු වූ ජීවිත හානි සම්බන්ධයෙන් දැඩි ලෙස කම්පාවටත් කනගාටුවත් පත්වන බව ප්‍රකාශ කළ එක්සත් රාජධානියේ විදේශ අමාත්‍ය බොරිස් ජොන්සන් සාමකාමී විරෝධතාවලින් ප්‍රචණ්ඩකාරී පිරිස් තම පටු වුවමනා ඉටු කරගෙන ඇතැයි ද කීය. 

“අවි ආයුද භාවිත කිරීමේදී සීමාවක් හා සංයමක් පවත්වා ගන්නැයි”ද විදේශ අමාත්‍යවරයා ඊශ්‍රායලයට අවධාරණය කළේය. මේ අතර ස්වාධීන පරීක්ෂණයකට තමන් ද සහාය දක්වන බව ජර්මනිය අද (15) නිවේදනය කළේය.

ඒ.එෆ්.පී

055



අදහස් (0)

එක්සත් රාජධානිය ගාසා තීරයේ ගැටුම් ගැන සොයයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 61 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 897 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2523 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

Our Group Site