(පාලිත ආරියවංශ)
උමාඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතියේ උමං මාර්ගය සැදීමේදී හානි සිදුවු නිවාස පිළිබදව තක්සේරු වාර්තා ලබාගැනීමේ ඇති පමාව නිසා වන්දිගෙවීම ප්‍රමාද වී ඇතැයි වාර්තා වේ.
සුළු හානි සිදුවූ නිවාස යළි පදිංචියට සුදුසු දැයි නිර්දේශ කර වාර්තා ලබාදීම ප්‍රමාද වීම නිසා එම නිවැසියන්ද දුෂ්කර තාවයට පත්ව ඇත.
තක්සේරු නිළධාරින් ප්‍රමාණවත් නොවීම හා ගොඩනැගිලි පර්යේෂණ නිලධාරින් ප්‍රමාණවත් නොවිම මීට හේතුව බව පැවසේ .
මේ පිළිබදව බණ්ඩාරවෙල ප්‍රාදේශීය ලේකම් නිහාල් ගුණරත්න මහතාගෙන් කළ විමසීමකදී පැවසුවේ ලේකම් කොට්ඨාශයේ නිවාස 2302ක හානි පිළිබදව මේ වන විට වාර්තා වී ඇති බවයි .
ඉන් තක්සේරු කළ නිවාසවලින් 1300 කට වන්දි ගෙවා ඇති බවත් තවත් නිවාස 61කට වන්දිගෙවීමට ඇති බවත් ඒ මහතා කීවේය.නිවාස 941 ක් සදහා තක්සේරු වාර්තා ලබාගත යුතුව ඇතැයි ද ඒ මහතා කීය.
බණ්ඩාරවෙල පවතින තත්වය අනුව නිවාස හානි තවමත් සිදුවන බැවින් මේ ප්‍රමාණය තවත් වැඩිවීමට ඉඩ ඇති බවද ඒ මහතා පැවසීය.
මේ පිළිබදව ඌව ප්‍රධාන අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතාගෙන් කළ විමසීමකදී පැවසුවේ මෙම කාරණය තමාගේ සභාපතිත්වයෙන් යුත් බදුල්ල දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවටද ඉදිරිපත් වූ බවත් වෙනත් පළාත් වලින් හෝ මෙම නිලධාරින් ගෙන්වාගෙන නිවාස හානි තක්සේරු කඩිනම් කීරීමට එහිදී තීර්ණය කළ බවත් ය.
2025 දෙසැම්බර් මස 16
44
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
838
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
607
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
උමාඔය හානි වූ නිවාස තක්සේරුව ප්‍රමාදයි