IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


උමාඔය ව්‍යාපෘතියෙන් හානි වූවන්ට වන්දි ගෙවන්න වාර්තාවක් දෙන්නැයි නියෝග

(තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ)            

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය හේතුවෙන් වගා හානි වූ ගොවීන්ට ගොවිජන සේවා දෙපාර්තමේන්තුව වන්දි ගෙවා ඇති ආකාරය පිළිබඳ දැක්වෙන සවිස්තර වාර්තාවක් ලබන ජූලි 20 වැනිදා අධිකරණයට ඉදිරිපත් කරන්නැයි ශ්‍රේෂ්ඨාධිකරණය  නීතිපතිවරයාට අද (5) නියෝග කළේය.

අධිකරණය මෙසේ නියෝග කළේ උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය නිසා වගා බිම් වලට හානි සිදුවීමෙන් සිය මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇතැයි කියමින් ගොවින් පිරිසක් ගොනු කළ පෙත්සමක් අද කැඳවූ අවස්ථාවේදීය.

මෙම පෙත්සම ප‍්‍රියන්ත ජයවර්ධන, ප‍්‍රීති පද්මන් සූරසේන සහ යසන්ත කෝදාගොඩ යන මහත්වරුන්ගෙන් සමන්විත ත‍්‍රීපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ල ඉදිරියේ කැඳවිණි.

එහිදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි  නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් පාරින්ද රණසිංහ මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් කියා සිටියේ උමා ඔය බහුකාර්ය ව්‍යාපෘතිය හේතුවෙන් සිදු වූ ජල කාන්දුව මේ වන විට සම්පූර්ණයෙන්ම නැවැත්වීමට කටයුතු කර ඇති බවයි.

ගොවීන්ගේ ගොවිබිම්වල පවතින භූගත ජල මට්ටම මේ වනවිට යහපත් මට්ටමක පවතින බවත් මේ හේතුවෙන් ඔවුන්ට ඉදිරියේදී වගා කටයුතු කිරීමට හැකියාවක් පවතින බවත් නියෝජ්‍ය  සොලිසිටර් ජනරාල්වරයා අධිකරණයට දන්වා සිටියේය.

මෙහිදී පෙත්සම්කරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥ රවීන්ද්‍රනාත් දාබරේ මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් කියා සිටියේ මෙම ව්‍යාපෘතිය හේතුවෙන් වගා හානි වූ ගොවීන්ට ගෙවිය යුතු වන්දි පිළිබඳව ගොවිජන සේවා දෙපාර්තමේන්තුව මඟින් තක්සේරුවක් සිදුකළද, එම දෙපාර්තමේන්තුව විසින් සිදුකළ තක්සේරු වටිනාකමට සමාන වන්දි මුදලක් ගෙවීමට රජය කටයුතු කර නැතැයි චෝදනා කළ නීතිඥ දාබරේ මහතා මේ හේතුවෙන් ගොවීන් දැඩි අපහසුතාවකට පත්ව සිටින බවද සඳහන් කළේය.

ඉදිරිපත් වූ කරුණු සළකා බැලූ ත‍්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ල ගොවීන්ට දැනට ගෙවා තිබෙන වන්දි හා ගෙවීමට නියමිතව තිබෙන වන්දි මුදල් පිළිබඳ දැක්වෙන සවිස්තර වාර්තාවක් ජූලි 20 වැනිදා අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නීතිපතිවරයාට නියම කළේය.



අදහස් (0)

උමාඔය ව්‍යාපෘතියෙන් හානි වූවන්ට වන්දි ගෙවන්න වාර්තාවක් දෙන්නැයි නියෝග

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 143 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 760 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 373 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site