(මොහොමඩ් ආසික්)
කටුගස්තොට පොලිස් බල ප්‍රදේශයට අයත් ගම්මානයක උපන් හැටියේ බිළිඳියක නිවස අසල කැළයකට විසි කර තිබියදී පොලීසිය විසින් බේරාගනු ලැබ රෝහල් ගත කළද බිළිඳිය රෝහලේදී මියගොස් ඇතැයි පොලිසිය පවසයි.
පොලීසියට ලැබණු තොරතුරක් අනුව එම නිවසට ගිය පොලීසිය පෙකිණිවැල කපා කැළයට විසිකර සිටි බිළිඳිය කටුගස්තොට රෝහලට ඇතුළත් කරනු ලැබ ඇති අතර වැඩිදුර ප්‍රතිකාර සඳහා මහනුවර මහ රෝහලට ඇතුළත් කරනු ලැබ තිබේ. එසේ වුවත් රෝහලේදී අද(25) එම බිළිඳිය මිය ගොස් ඇත.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් තව දුරටත් පරීක්ෂණ පැවැත්වූ පොලීසිය බිළිඳියගේ මව අත් අඩංගුවට ගෙන ඇති අතර ඇය 27 හැවිරිදි කාන්තාවකි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මිනිස් ජීවිතයක අගයක් නොදන්නාවූ මෙහෙමත් පහත් සමාජයක්!! මිනිස් සාරධර්ම පිරිහී ගිය මෙහෙමත් සමාජයක්. දරුවෙක් නැතිව ඉන්න, දරුවෙක් හදාගන්න සොයන කෙනෙකුට මේ දරුවා භාරකලානම්!
මෙලෙස දරුවකු විසි කරන්නට පළමු හේතුව වන්නෙ, දරුවා නොව, සමාජයෙන් ලැබෙන ගැරහුම් අවලාද නිසාවෙනි. පුහු කන්‍යාභාවයත්, මිත්‍යාදෘෂ්ඨියත් නොමැති සංස්කෘතියද බලෙන් බදාගෙන සිටින නොමිනිසුන් නිසාවෙනි. එක් කටකථාවකින් ජීවිතයක් කණපිට පෙරළිය හැකිබව නොදන්නාමෙන් සිටින මිනිසුන්(විශේෂයෙන්ම ගැහැණුන්) නිසාවෙනි. සමාජය ගොඩ බැනීමට නම් කුඩා දරුවාගෙ සිට පෙරළියක් සිදුකල යුතුය.
හදා ගන්න දරුවෙකු ලබා ගැනීමත් ලංකාවේ ලේසියෙන් කරගන්න බැහැ. අදාළ නීති රීති පරික්ෂාකිරීම් අවශ්‍යයි. නමුත් අදාළ දරුවාට අවුරුදු 25 ක් වෙනකම් සහ භාර ගන්නකැමති යුවලවල් හැරමිටියෙන් යනකන් පරිවාස උසාවි වල කල් මරනවා. ඉතින් කාටවත් යහපතක් වෙන්නේ නැහැ. මගේ පිටරට ඉන්න ඥාතියෙකු දරුවෙක් හදා ගන්න ගිහින් අන්තිමේ ලංකාවේ පරිවාසයේ ගෙරවිල්ල නිසා වැඩේ ඇත ඇරියා. දැන් ඔන්න ඉන්දියාවේ අනාත දරුවෙකු රජ පැටියෙකු වගේ සැප දීලා හදා ගන්නවා.
මම කියන්නේ මෙහි වැරැද්ද අපේ සමාජයේ... බුද්ධි මත්ව සිතා අපේ සිතුම් පැතුම් වෙනස් කරන තුරු මෙය නිම නොවේ. දරුවන් දහදහස් ගණනක් මිය යි.