IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


උත්සව සමයේ ගම්බිම් බලා යන්න අමතර ප්‍රවාහන පහසුකම්

(ඩයනා උදයංගනී)
 
එළඹෙන උත්සව සමයේදී සිය  ගම්බිම් බලා ගමන් ගන්නා මගීන්ගේ පහසුව සදහා අමතර ප‍්‍රවාහන සේවාවන් යොදවා ඇති බව මගී ප‍්‍රවාහන කළමනාකරණ සහ විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය පවසයි.
 
සියලූම ලං.ග.ම බස් රථ රියදුරන්ගේ හා කොන්දොස්තරවරුන්ගේ නිවාඩු මෙම මස 26 වැනිදා සිට 2020 ජනවාරි 01 දා දක්වා අවලංගු කිරීමට ද පියවර ගෙන තිබේ. 
 
කොළඹ, පිටකොටුවේ සිට දිවයිනේ සෑම ප‍්‍රදේශයකටම බස් රථ 30-100 දක්වා අමතර බස් රථ යෙදවීමට පියවර ගෙන ඇති අතර විශේෂයෙන් හැටන්, බදුල්ල,  නුවරඑළිය, වවුනියාව හා යාපනය දක්වා එම අමතර බස් වාර ගණනාවක් යෙදවීමට පියවර ගෙන ඇතැයි එම අමාත්‍යාංශය පවසයි.
 
අධිවේගී මාර්ගයේ මාකුඹුර, කොට්ටාව, කඩවත, කඩුවෙල, මාතර, ගාල්ල, මීගමුව, පර්යන්ත කරා උපරිම බස් රථ සේවාවක් යෙදවීමට කටයුතු යොදා තිබේ.

කොළඹ කොටුවේ සිට මහනුවර දක්වා මෙම මස 23 දින සිට විශේෂ සුඛෝපභෝගී දුම්රියක් ධාවනය කෙරෙන අතර 24, 27 හා 29 දිනයන්හි දී බදුල්ල සිට කොළම දක්වාත්, කොළඹ සිට බදුල්ල දක්වාත් විශේෂ දුම්රිය සේවා ක‍්‍රියාත්මක කිරීමට මෙන්ම අයහපත් කාලගුණය හේතුවෙන් නායයෑම්  ආදිය නිසා දුම්රිය මාර්ග අවහිර වුවහොත් ඒ සඳහා අමතර බස් යෙදවීමට ද පියවර ගෙන ඇතැයි අමාත්‍යාංශය සහන් කරයි.


 
 



අදහස් (0)

උත්සව සමයේ ගම්බිම් බලා යන්න අමතර ප්‍රවාහන පහසුකම්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 358 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 214 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1009 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site