(සිරාජ් හසීම්)
ආරක්ෂක හමුදාව විසින් සංවිධානය කරන උත්සව හා වැඩසටහන් සදහා උතුරේ පාසල් සිසුන් සහභාගී කරගැනීම වහාම නවතා දැමිය යුතු යැයි දෙමළ ජාතික සන්ධාන උතුරු පළාත් සභා මන්ත්‍රී එම්.කේ.සිවාජිලිංගම් මහතා එම පළාතේ අධ්‍යාපන බලධාරීන්ගෙන් ඉල්ලා ඇත.
එමෙන්ම අධ්‍යාපන අමාත්‍යංශය හැර වෙනත් කිසිදු ආයතනයක් විසින් පවත්වන උත්සව වලටද සිසුන් සහභාගී නොකරන ලෙසටද ඔහු ඉල්ලා ඇත.
යාපනය දිස්ත්‍රීක් සම්බන්ධීකරණ කමිටු රැස්වීමේ දී ඔහු මෙම ඉල්ලීම කර ඇති අතර මේ සම්බන්ධයෙන් සැලකිල්ලක් දක්වමින් ඉදිරියේදී ක්‍රියාමාර්ගයක් ගන්නා බවට අධ්‍යාපන අමාත්‍යවරයා මෙහිදී සහතික වී තිබේ.
COMMENTS
මෙතුමාත් යන්නද කොහේද?
සිසුන් කිසිම දේශපාලන හෝ හමුදාමය උත්සව රාජ්‍ය උත්සව වලට සහභාගි විය යුතු නැත. ඔවුන් තම පාඩම් වලට මුල් තැන දී දෙවනුව ක්‍රීඩා සහ පෞරුෂත්වය සහ පරෝපාකාරය පුරුදු කරවන බාලදක්ෂ වැනි කටයුතු සහ අධ්‍යාපන චාරිකා වල නියුතු විය යුතුය.
මේ යහපාලන රජයට කුමක් වෙලාද? නැතිවෙන සිංහල අයිතිය ගැන කතා කරන අපිට නීතිය ක්‍රියාත්මක කරන්නේ... පාලකයින්ට මේවා ඇසෙන්නේ නැද්ද?
දකුණේ අපිට දමිල ජනතාවත් එක්ක සමගියෙන් ඉන්න පුළුවන්නම්, උතුරේ මේ අයට ඉන්න බැරි ඇයි?
ප්‍රභාකරන්ට වූ දේ මතකයිනේ...
එහෙ ඉන්නේ අමුතු ළමයි වෙන්න ඇති නේද? ඒ හින්දා බය ඇති....
එහෙම කියන්නෙ කොහොමද බලය තියෙන්නේ?
උතුරේ පමණක් නොව, දකුණේත් පාසල් සිසුන් දේශපාලනමය උත්සව වලට සහභාගී කරගැනීම නවතා දැමිය යුතුයි.
කවුරු කිව්වත් මේ අදහස හොඳයි. කිසිම දරුවෙක් අධ්‍යාපනික වැඩසටහනකට මිසක් වෙන උත්සව වලට සහභාගි නොකළ යුතුයි .
හොඳින් කතා කළහොත් සහජීවනය ඇති කල හැකියි.
ළමයින් හමුදාවේ වැඩ සටහන් වලට යවන්නත් එපා. හැබැයි උතුරේ ගංවතුර වගේ ආපදාවන් වලදී හමුදාවට බේරගන්න මහන්සි වෙන්න කියන්නත් එපා. දෙමල අයියලම ඒවත් කරගත්තොත් තමා හොඳ.