IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


උතුරු මහඇමැති නව පක්ෂයකින් මහඇමැති පුටුවට තරග කිරීමේ සූදානමක්


                     
(රොමේෂ් මධුෂංඛ)

දෙමළ ජාතික සන්ධානයෙන් උතුරු පළාත් සභාවේ මහඇමැති අපේක්ෂකත්වය සී.වී.විග්නේෂ්වරන් මහතාට නොදෙන හේතුවෙන් නව පක්ෂයකින් උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය තනතුරට තරග කිරීමට සූදානමක් ඇති බවටත් තම පක්ෂය ඊට සහය දීමට සූදානම් බවත් ඊ.පී.ආර්.එල්.එෆ් පක්ෂ නායක සුරේස් ප්‍රේමචන්ද්‍රන් මහතා කියා සිටියේය.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා මේ බව කියා සිටියේ පසුගියදා දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන් මහතා විසින් උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය ධූරය සී.වී.විග්නේෂ්වරන් මහතාට ඉදිරි පළාත් සභා මැතිවරණයේ දී ලබා නොදෙන බවට සිදු කළ ප්‍රකාශය හේතුවෙන් උතුරු පළාත් ප්‍රධාන අමාත්‍යවරයාගේ ඉදිරි දේශපාලන කටයුතු පිළිබඳ විමසීමේදී මාධ්‍යට අදහස් දක්වමිනි.

එහිදී සුරේස් ප්‍රේමචන්ද්‍රන් මහතා වැඩිදුරටත් මෙසේ පැවසීය.

‘උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී.විග්නේෂ්වරන් මාධ්‍යට කියල තිබුණා මේ සතිය තුළ අලුත් පෙරමුණක් හදන බවට ඒක ඇත්තනම් අපි එතුමත් එක්ක කටයුතු කරන්න සූදානම් වෙලයි ඉන්නේ එම පෙරමුණේ ප්‍රතිපත්ති හා ව්‍යවස්ථාව දෙමළ ජනතාවගේ ප්‍රශ්න වලට පිළිතුරු ලබා දෙන ආකාරයට සකස් වෙලා තිබෙනවා නම් අපි ඔවුන් සමඟ සාකච්ඡා කරන්න දැන් වුණත් සූදානමිනුයි ඉන්නේ දෙමළ ජාතික සන්ධානයෙන් අවස්ථාව නැති නිසා උතුරු පළාත් ප්‍රධාන අමාත්‍යවරයා වශයෙන් සී.වී.විග්නේස්වරන් මහතාම නැවත කටයුතු කිරීම බොහෝ ජනතාවකගේ අවශ්‍යතාවයක් වගේම ඉල්ලීමකුත් තිබෙනවා.



අදහස් (4)

උතුරු මහඇමැති නව පක්ෂයකින් මහඇමැති පුටුවට තරග කිරීමේ සූදානමක්

Mahee Wednesday, 18 April 2018 07:04 AM

අරයගේ ප්‍රජාතන්ත්‍ර ස්වරූපයේ අවතාරය !!!

:       22       27

FRANK Wednesday, 18 April 2018 08:30 AM

මෙයා මොකෙන් ආවත් කොටියම තමයි..

:       24       33

sharp eye Wednesday, 18 April 2018 09:37 AM

හොඳ දෙයක්. ඔබතුමාට තේරුම් ගන්න පුළුවන් ඔබ තුමාගේ වැඩ ජනතාව පිළිගන්නවද නැද්ද කියලා.

:       2       21

Sanath Thursday, 19 April 2018 06:14 AM

විග්නේශ්වරන් මහත්තයා හිතාගෙන ඇති මහින්ද මහත්තය වගේ එතුමත් ජනප්‍රිය පුද්ගලයෙක් කියලා. එකනේ පොහොට්ටුව වගේ පෙරමුණක් හදන්න යන්නේ. මෙතුමා තල මලක් උස්සගෙන ආවත් TNA එකේ උදව් නැතුව ප්‍රාදේශීය සභා මන්ත්‍රී කෙනෙක්වත් වෙන්න බැහැ.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 153 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 775 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 377 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site