(රොමේෂ් මධුෂංඛ)
උතුරු පළාත් සභාවේ පුරප්පාඩු අමාත්‍ය ධූර දෙක සඳහා නව අමාත්‍යවරුන් දෙදෙනකු පත් කිරීමේදී පළාත් සභාවේ මන්ත්‍රීවරුන් දෙපිරිසක් අධ්‍යාපන අමාත්‍යධූරයට නම් දෙකක් ලබා දීම නිසා එම පළාත් සභාව තුළ ගැටලුකාරී තත්ත්වයක් ඇතිවීමේ අවධානමක් මතුව ඇතැයි ආරංචි මාර්ග පවසයි.
උතුරු පළාත් ප්‍රධාන අමාත්‍යවරයාට එරෙහිව විශ්වාශ භංග යෝජනාව බාර දුන් ඉලංගෙයි තමිල් අරුසකච්චි පක්ෂයේ මන්ත්‍රීවරුන් ඇතුළු පිරිස නව අධ්‍යාපන අමාත්‍යවරයා වශයෙන් එමානුවේල් ආනෝල්ඩ් මහතා නම් කර ඇත.
එම විශ්වාසභංගයට විරෝධය පෑ මන්ත්‍රීවරුන් 15 දෙනාගෙන් යුත් පිරිස නව අධ්‍යාපන අමාත්‍යවරයා වශයෙන් කන්දයියා සර්වේෂණ් මහතාගේ නම යෝජනා කර ඇත.
මේ අතර උතුරු මහඇමැතිවරයාට පක්ෂපාති මන්ත්‍රීවරුන් 15 දෙනා සහ සී.වී.විග්නේෂ්වරන් මහතා අතර පැවති විශේෂ සාකච්ඡාවකදී නව අධ්‍යාපන ඇමැති වශයෙන් කන්දයියා සර්වේෂන් මහතාගේ නම සහතික කරගෙන තිබේ.
ඉලංගෙයි තමිල් අරුසකච්චි පක්ෂ මන්ත්‍රීවරුන්ගේ යෝජනාව ප්‍රතික්ෂේප කිරීම නිසා පත් කැරෙන නව අමාත්‍යවරුන්ට ඉදිරියේදී විරෝධතා ඇති වෙනු ඇතැයි පළාත් සභා මන්ත්‍රීවරු පවසති.
2025 දෙසැම්බර් මස 04
686
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
553
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
448
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
උතුරු පළාත් සභාව යළිත් කැළඹෙයි