රොමේෂ් මධුෂංඛ
උතුරු පළාත් සභාවේ දෙමළ ජාතික සන්ධාන මන්ත්‍රී තුරෙයිරාසා රවිහරන් මහතා අද (10) සවස මුලතිව් පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය.
මෙසේ පළාත් සභා මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගෙන ඇත්තේ රජයේ දේපලවලට හානි කිරීම සම්බන්ධයෙන් වූ පැමිණිල්ලකට අනුවය.
පසුගිය 2 වැනි දා මුලතිව් ධීවර පරික්ෂක කාර්යාලය ඉදිරිපිටදී මුලතිව් ධීවරයින් පිරිසක් සමඟ ධීවර පරික්ෂක කාර්යාලයට කඩා වැදී එම කාර්යාලයේ තිබූ දේපලවලට දැඩි ලෙස හානි කිරීම සම්බන්ධයෙන් මුලතිව් ධීවර පරික්ෂක කාර්යාල නිලධාරීන් පිරිසක් විසින් මුලතිව් පොලීසියට සිදු කරන ලද පැමිණිල්ලකට අනුව මුලතිව් පොලීසිය විසින් පරික්ෂණ සිදු කිරීමෙන් පසුව මන්ත්‍රීවරයා අද (10) සවස අත්අඩංගුවට ගනු ලැබීය.
මුලතිව් ධීවර පරික්ෂක කාර්යාලයට මුලතිව් ධීවරයින් සමඟ ටී.රවිහරන් මන්ත්‍රීවරයා කඩාවැදී රජයේ දේපල වලට හානි කරමින් විරෝධතාවයේ නිරත වූවේ මුලතිව් මුහුදේ සිදු කෙරෙන අනවසර දැල් ආම්පන්න යොදා සිදු කෙරෙන ධීවර කටයුතු වහාම නවතන ලෙසට ඉල්ලමිනි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හා හා සහජීවනයට හානිවෙයි.
දේශපාලකයෙක් නේද? උපරිම අයුරින් නීතිය ක්‍රියාත්මක කරන්න.
රජයේ දේපලවලට හානි කරන සියලු දෙනාගෙන්ම අලාභය අය කර ගැනීම අනෙක් අයටත් හොඳ පාඩමක් .
අත්අඩංගුවට ගනියි. කිසිම දෙයක් වෙන්නේ නැහැ.