IMG-LOGO

2025 ඔක්තෝබර් මස 26 වන ඉරිදා


උතුරු කොරියාව අන්තර්මහද්වීපික මිසයිලයක් අත්හදා බලයි

උතුරු කොරියාව තවත් අන්තර් දිගු දුර බැලැස්ටික් මිසයිලයක් අත්හදා බැලූ බව දකුණු කොරියානු සහ ඇමෙරිකා එක්සත් ජනපද බලධාරීහූ අද (4) ප්‍රකාශ කළහ.  එමෙන්ම අන්තර් මහද්වීපික බැලැස්ටික් මිසයිලයක් සාර්ථකව අත්හදා බැලූ බව ඒ බව සනාථ කරමින් උතුරු කොරියානු රාජ්‍ය මාධ්‍යයද වාර්තා කර තිබිණි. 

උතුරු කොරියාව මේ අත්හදා බැලීම කරනු ලැබුවේ ජී 20 රටවල රාජ්‍ය නායකයන් මේ සතිය අවසානයේදී උතුරු කොරියාවේ ආයුද වැඩසටහන සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට නියමිත දින කිහිපයක් තිබියදීය.

උතුරු කොරියාව අඟහරුවාදා (4) අත්හදා බැලූ මිසයිලය කිලෝමීටර 930ක් දුරක් ගෙවා ජපානයේ විශේෂිත ආර්ථික කලාපයට පතිත වී ඇතැයි දකුණු කොරියානු හමුදා සහ ජපාන රජය නිවේදනය කළේය. උතුරු කොරියාවේ මෙම ක්‍රියාව පැහැදිලිවම එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්ති උල්ලංඝණය කිරීමක් යැයි ද ජපාන රජය ප්‍රකාශ කළේය. 

මිසයිලය හඳුනාගත් බවත් එය ලුහුබැඳ ගිය බවත් ඇමෙරිකා එක්සත් ජනපදයේ ශාන්තිකර කලාපයේ අණදෙන නිලධාරීවරයා පැවැසීය. මිසයිලය යවා ඇත්තේ උතුරු කොරියාවේ අගනුවර වන ප්යොන්ග්යැන්ග් සිට කිලෝමීටර 100ක් වයඹ දෙසට වන්නට පිහිටි පැන්ග්යොන්හි පිහිටි කඳවුර සිටය. මිසයිලය ගමන් ගත් සම්පූර්ණ කාලය මිනිත්තු 37ක් යැයි ද පැවසේ. 

මෙම සිදුවීමත් සමඟ දකුණු කොරියානු ජනාධිපති මූන් ජායි ඉන් හදිසි ජාතික ආරක්ෂක කවුන්සිලයේ රැස්වීමක් කැඳවා තිබූ අතර උතුරු කොරියාව අත්හදා බලා ඇත්තේ අන්තර් මැදි බැලැස්ටියක් මිසයිලයක් වුවද එය අන්තර් මහද්වීපික මිසයිලයක් වීමේ හැකියාවක් ද තිබෙන බව පවසා තිබේ. 

ජාත්‍යන්තර ප්‍රජාව දිගින් දිගටම කරන අනතුරු ඇඟවීම් නොසලකා හරිමින් උතුරු කොරියාව ඇමෙරිකාවට පහර දිය හැකි න්‍යෂ්ටික යුද ශීර්ෂයක් සහිත අන්තර් මහද්වීපික බැලැස්ටික් මිසයිලයක් සංවර්ධනය සිදු කරමින් සිටින බව වාර්තා වේ. 

මේ අතර උතුරු කොරියාවේ ආයුද වැඩසටහන සම්බන්ධයෙන් වඩාත් අර්ථවත් අයුරින් කටයුතු කරන්නැයි රුසියානු හා චීන ජනාධිපතිවරුන්ගෙන් ඉල්ලා සිටින බව ද ජපාන අගමැති ෂින්සෝ අබේ පැවැසීය. 


(රොයිටර් 055)



අදහස් (4)

උතුරු කොරියාව අන්තර්මහද්වීපික මිසයිලයක් අත්හදා බලයි

ආරියතිලක Tuesday, 04 July 2017 03:01 PM

උතුරු කොරියාවේ මෙම ක්‍රියාව නොහික්මුණ, දඩබ්බර, ලෝක සාමයට තර්ජනයක් වූ ක්‍රියාවකි. එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් ඉවත් වීම, ලෝක රාජ්‍ය සම්මුතීන් උල්ලංඝනය කිරීම, උමතු යුද මානසිකත්වය, කලාපයේ සාමයට තර්ජනයක් වීම, ලෝක රාජ්‍ය තාන්ත්‍රික හා මානව ගරුත්වය කෙලෙසීම, සහ පදනම් විරහිත යුද මානසිකත්වයකින් ලෝකයේ යුද ගිනි ඇවිලීමට උත්සාහ කිරීම යන කරුණු සැලකිල්ලට ගෙන එක්සත් ජාතීන්ගේ සංවිධානයත්, විශේෂයෙන් ඇමෙරිකාව, රුසියාව, චීනය යන ලෝක රාජ්‍ය නායකයනුත්, සියලු රාජ්‍ය විසිනුත් උතුරු කොරියාවට සම්බාධක පනවා අනාගතයේ ලෝකය අස්ථාවර විය හැකි මෙම තත්වය මර්දනය කළ යුතුය. රුසියාව සහ චීනය දෙබිඩි ප්‍රතිපත්තිය අත්හල යුතුය.

:       358       214

Nandalal DE SILVA - France Tuesday, 04 July 2017 06:06 PM

උතුරු කොරියාවේ නායකයායි කියාගන්නා මේ කොල්ලා හදන්නේ ඉල්ලන් කන්නයි ! ඔවුන් උඩ යවන්නේ සරුංගල් නොවෙන බව මොහුව පාලනය කරන උතුරු කොරියානු යුද හමුදාව තවම තේරුම් නොගැනීම මුළු කලාපයේම සාමය අනතුරට පත් කර ඇත. සිය රටේ ජනතාව බඩගින්නේ තබමින්, ශීලාචාර ලෝකයේ පහලම මට්ටමේ සිටිමින් මිසයිල යැවීම කරන්නේ ඔවුන්ගේ මහන්තත්වය ලොවට පෙන්වීමට මිස වෙන කුමකටද ? ඇමරිකාව ඇතුළු ලෝක ප්‍රජාවම ඔවුන්ට එරෙහිව පනවන සම්භාදක තුට්තුවකටවත් මායිම් නොකර සිදුකරන මේ සෙල්ලම වැඩි කලක් යාමට පෙර අවසන් වන්නේ, උතුරු කොරියාවේ අසරණ ජනතාව සහ මුළු රටම අළු දුවිලි බවට පත්වීමෙන් බව මුන්ට කියා දීමට කවුරුවත් තවම සමත් වී නැති බව නම් පැහැදිලිවම පේනවා !!

:       418       592

piyal Wednesday, 05 July 2017 12:17 PM

එතකොට මිසයිල අත්හදා බලන්න පුළුවන් ඇමෙරිකාවට විතරද? දන් නැති නිසයි අහන්නේ...

:       134       25

Nandalal DE SILVA - FranceFriday, 07 July 2017 07:30 AM

අපෝ නැහැ! උතුරු කොරියාව ඇමරිකාව සමග පුළුවන්ද ? රටවල් දෙකේ ජනතාව ජීවත්වන ක්‍රම දිහා බලන්න. කොරියාවේ මහපාරවල් තිබුණත් ඒවායේ යන්න වාහන තිබේද? එරටේ යුධ හමුදාවට වඩා බඩගිනි හමුදාවක් තිබෙනවා. චීනය, රුසියාව, දකුණු කොරියාව වැනි රටවල් දරිද්‍රතාවයෙන් පෙළෙන කොරියාවට දෙන මානුෂික ආධාර ඩොලර් කෝටි ගණන්, මහා පරිමාණයේ න්‍යෂ්ටික හෝ වෙනත් අවි නිපදවීමට යොදා ගැනීම කිසිසේත් අනුමත කරන්න පුලුවන්ද ? ඔන්න ඕකයි වෙනස !!!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1458 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1310 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 473 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site