(රංජිත් රාජපක්ෂ)
කොළඹ කොටුවේ සිට බදුල්ල දක්වා ධාවනය වු උඩරට මැණිකේ දුම්රිය පීලි පැනිමෙන් ඇණහිට තිබු උඩරට දුම්රිය මාර්ගයේ ගමනා ගමන කටයුතු යළි යථා තත්ත්වයට පත් කළ බව නාවලපිටිය දුම්රිය පාලක මැදිරිය පවසයි.
එම දුම්රිය රොසැල්ල සහ හැටන් දුමිරිය ස්ථාන අතර පීලිපැනිමට ලක්වී තිබිණි.
පීලිපැන තිබු දුම්රිය මැදිරිය දුම්රිය නඩත්තු අංශයේ සේවකයන් විසින් පීලිගත කරනු ලැබ අලාභහානි වී තිබු දුම්රිය මාර්ගය පිළිසකර කිරිමෙන් පසු උඩරට දුම්රිය මාර්ගයේ ගමනා ගමන කටයුතු අද පස්වරු 2.30 ට යථා තත්ත්වයට පත්විය.
මේ හේතුවෙන් උඩරට දුම්රිය මාර්ගයේ ගමනා ගමන කටයුතු පැය තුනක් ඇණහිට තිබිණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd