(රංජිත් රාජපක්‍ෂ සහ මහින්ද නිශ්ශංක)
පස්කඳු හා ගල් කඩා වැටීම හේතුවෙන් නානුඔය දුම්රිය ස්ථානයට සීමා කර තිබු උඩරට දුම්රිය මාර්ගයේ ගමනාගමන කටයුතු අද (03) යථා තත්ත්වයට පත් කළ බව දුම්රිය පාලක මැදිරිය පවසයි.
ඒ අනුව නානුඔය දුම්රිය ස්ථානයට පමණක් ධාවනය වූ කොළඹ-බදුල්ල දුම්රියන් අද සිට සුපුරුදු පරිදි බදුල්ල දුම්රිය ස්ථානය දක්වාම ධාවනය වේ.
නමුත් දැනුම්දෙන තුරු කොළඹ-බදුල්ල රාත්‍රී තැපැල් දුම්රිය නානුඔයට පමණක් ධාවනය කිරීමට තීරණය කර ඇති බවද දුම්රිය පාලක මැදිරිය පවසයි.
පසුගිය දින කිහිපය තුළ මධ්‍යම කදුකරයට ඇදහැළුණු අධික වර්ෂාව හේතුවෙන් එම මාර්ගයේ ඉදල්ගස්හින්න සහ ඔහිය දුම්රිය ස්ථාන අතර දුම්රිය උමං මාර්ගය අසල විශාල පස් කන්දක් සහ ගල් පර්වත කිහිපයක් කඩා වැටිමෙන් මාර්ගය අවහිර වී තිබිණි.
අදින් ඇරඹෙන ශ්‍රී පාද වන්දනා වාරය හේතුවෙන් දුම්රියෙන් පැමිණෙන වන්දනාකරුවන් සහ සංචාරකයන් වෙනුවෙන් හැටන් දුම්රිය ස්ථානයේ සිට නල්ලතන්නිය දක්වා විශේෂ බස් රථ සේවාවක් යෙදවීමට හැටන් ලංගම ඩිපෝව කටයුතු කර තිබේ.



2025 දෙසැම්බර් මස 16
14
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
815
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
595
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
උඩරට දුම්රිය ගමන් සුපුරුදු පරිදි