IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


ඊපිආර්එල්එෆ් නියෝජිතයන් තමිල් අරසු කච්චි පක්ෂයට

(සිරාජ් හසීම්)
 
දෙමළ ජාතික සන්ධානයෙන් ඉවත්ව ගිය ඊ.පී.ආර්.එල්.එෆ් පක්ෂයේ නියෝජිතයින් දෙමළ ජාතික සන්ධානයේ ඉලංගයි තමිල් අරසු කච්චි පක්ෂය හා එක් වෙමින් සිටින බව උතුරේ දේශපාලන  ආරංචි මාර්ග සඳහන් කර සිටියි.

ඉලංගයි තමිල් අරසු කච්චි පක්ෂයේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයින් කිහිප දෙනෙකු විසින් ඊ.පී.ආර්.එල්.එෆ් පක්ෂයේ නියෝජිතයින් තම පක්ෂයට එක්කර ගැනීමේ උත්සහයේ නිරතව සිටින බවද පැවසේ.

සිවශක්ති ආනන්දන් මන්ත්‍රීවරයා සමගින් ඊ.පී.ආර්.එල්.එෆ් පක්ෂය වෙනුවෙන් සඳුදා (20) සාකච්ඡාකට සහභාගී වූ මුලතිව් දිස්ත්‍රික් උතුරු පළාත් සභා මන්ත්‍රී ටී.රවීහරන් මහතා එදින මාවෙයි සේනාධිරාජා මහතාගේ කාර්යාලයට පැමිණ ඉලංගයි තමිල් අරසු කච්චි පක්ෂය හා එක්වී ඇත.

එම සන්ධානයේ ආරංචිමාර්ග තවදුරටත් සදහන් කර සිටින්නේ ඊ.පී.ආර්.එල්.එෆ් පක්ෂය නියෝජනය කරන උතුරු පළාත් සභා මන්ත්‍රීන් දෙදෙනෙකු සහ නැගෙනහිර පළාත් සභා මන්ත්‍රීවරයකු ඉදිරි මැතිවරණයට පෙරාතුව ඉලංගයි තමිල් අරසු කච්චි පක්ෂයට එක්වීමට නියමිත බවයි.

උතුරේ දේශපාලන විචාරකයින්ද පෙන්වා දෙන්නේ දෙමළ ජාතික සන්ධානය අතහැර ගිය ඊ.පී.ආර්.එල්.එෆ් පක්ෂය ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම් මහතාගේ නායකත්වයෙන් යුතු දෙමළ ජාතික ජනතා පෙරමුණ සමගින් සන්ධාන ගත වුවත් දෙමළ ජාතික සන්ධානයට අභියෝගයක් එල්ල කළ හැකි තරම් ජනතා සහායක් පළාත තුළ ගොඩනඟාගෙන නොමැති බවයි.



අදහස් (0)

ඊපිආර්එල්එෆ් නියෝජිතයන් තමිල් අරසු කච්චි පක්ෂයට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 50 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 843 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 609 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site