(හර්ෂණ තුෂාර සිල්වා)

ශ්‍රී ලංකා නාවික හමුදා අත්අඩංගුවේ තිබෙන ඉන්දීය ධීවර යාත්‍රා සම්බන්ධයෙන් උතුරේ ධීවරයන්ගේ අදහසට පිටින් කිසිවක් නොකරන බව ධීවර හා ජලජ සම්පත් අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි. 

අත්අඩංගුවේ තිබෙන ඉන්දීය ධීවර බෝට්ටු නිදහස් කිරීම සඳහා කිසිදු අයුරකින් පියවර ගෙන නොමැති බව පවසන අමාත්‍යවරයා බෝට්ටු නිදහස් කරන්නේ නම් එය කරන්නේ අත්අඩංගුවට ගත් පිළිවෙළට යැයි ද කියයි. 

“ඒ වගේම බෝට්ටු නිදහස් කරද්දි යන වියදම ඉන්දියාවට දරන්න වෙන විදියට තමයි අපි ඒ කටයුත්ත කරන්නේ” යැයි අමාත්‍යවරයා ප්‍රකාශ කරයි.

ඉන්දියානුවන්ට අයත් ධීවර යාත්‍රා 151 ක් දැනට අත්අඩංගුවේ තිබෙන බව ශ්‍රී ලංකා නාවික හමුදාවේ මාධ්‍ය ප්‍රකාශක කමාන්ඩර් චමින්ද වළාකුළුගේ මහතා පවසයි.