(විනීතා ගමගේ, නිමල් අල්ගෙවත්ත සහ අමල් වික්‍රමරත්න)
ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතාගේ නෝර්වුඩ් කතාව බෙදුම්වාදයට රුකුලක් යැයි, ජාතික විශ්ව විද්‍යාල ආචාර්ය සංගමයේ ප්‍රධාන ලේකම් ආචාර්ය චන්න ජයසුමන මහතා නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියි.
ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වූ ඉන්දීය අග්‍රාමාත්‍යවරයා ශ්‍රී ලංකාවේ එක් ජනකොටසක් පමණක් ප්‍රසිද්ධ මහජන හමුවකදී ඇමතීම වැරදි පූර්වාදර්ශයක් බවත් ඉන්දීය අගමැතිවරයාගේ කතාව උඩරට දමිළ ජනතාවට හැර රටේ අන් ජනකොටස් සදහා අදාළ නොවන බවත් එම නිවේදනයේ සඳහන් වේ.
ඉන්දීය අග්‍රාමාත්‍යවරයා නෝර්වුඩ් හිදී කළ ප්‍රකාශය පිළිබඳ බලවත් අප්‍රසාදය පළකරන ජාතික විශ්ව විද්‍යාල ආචාර්ය සංගමයේ ප්‍රධාන ලේකම් ආචාර්ය චන්න ජයසුමන මහතාගේ අත්සනින් නිකුත් කරන ලද එම නිවේදනයේ විශේෂයෙන් සඳහන් වන තවත් කරුණු 5 කි.
- ඉන්දියානු වතු දෙමළ ජනතාව ඉන්දීය සංස්කෘතිය පවත්වාගෙන යන බව පවසමින් එයට අනුබල දීම සහ එකී ජනතාව මෙරට සංස්කෘතියට අවශෝෂණය වීම අධෛර්යමත් කිරීමකි. ඉන්දීය සංස්කෘතිය මෙරට පවත්වාගෙන යෑමේ කිසිදු අවශ්‍යතාවක් අපි නොදකිමු. තව ඉන්දීය අගමැතිවරයාගේ මේ අදහස් වත්මන් රජය ක්‍රියාවට නංවනවායැයි පවසන සංහිඳියා ප්‍රතිපත්තිවලටද පටහැනිය.
- වතු දෙමළ ජනතාව ඉන්දියානු සම්භවයක් ඇති ඉන්දීය ඩයස්පෝරාවක කොටසක් ලෙස හැඳින්වීම ඉතා වැරදි ප්‍රකාශයකි. එමගින් උඩරට වතු දෙමළ ජනතාව තුළ වැරදි මානසික තත්වයක් ගොඩ නැඟේ. එම ජනතාව ඉන්දීය ඩයස්පෝරාවක කොටසක් නොව ශ්‍රී ලංකාවේ පුරවැසියෝ වෙති.
- ඉන්දීය අගමැතිතුමාගේ සමස්ථ කතාව තුළින් ගම්‍ය වන්නේ ඔහු ශ්‍රී ලංකාවේ වතු දෙමළ ජනතාව සැලකුවේ අසල්වැසි විදේශ රටක ජන කොටසක් ලෙස නොව ඉන්දියාවේ ප්‍රත්‍යන්ත ප්‍රාන්තයක ජන කොටසක් ලෙස බවයි. දකුණු ආසියානු රටක දේශපාලන නායකයකු සිය ජන්ද දායකයන් අමතමින් විවිධ පොරොන්දු ලබා දෙන ආකාරයටම ඉන්දීය අගමැතිවරයාද නෝර්වුඩ්හිදී විවිධ ප්‍රකාශ නිකුත් කළේය.
- ඉන්දීය සම්භවයක් ඇති දෙමළ ජනයා ඒකරාශී වූ එම රැස්වීමේ දී ඉන්දීය අග්‍රාමාත්‍යාවරයා කළ ප්‍රකාශ ශ්‍රී ලංකාවේ බෙදුම්වාදයට උල්පන්දම් දීමක් ලෙස ද අපි හඳුනා ගනිමු. ශ්‍රී ලංකාවේ ප්‍රධාන සංස්කෘතියට බද්ධ නොවූ ඉන්දීය ඩයස්පෝරාවක් ශ්‍රී ලංකාවේ කඳුකරයේ පවත්වාගෙන යෑමේ ඉන්දීය උවමනාව අනාගත ශ්‍රී ලංකාවේ තවත් බෙදුම්වාදී ප්‍රශ්නයකට මූල බීජ සපයන බව අපගේ වැටහීමයි.
- ඉන්දීය දේශපාලන සහ ඔත්තු සේවා මගින් බිහි කළ සහ නඩත්තු කළ උතුරේ ත්‍රස්තවාදී කණ්ඩායම් නිසා ශ්‍රී ලංකාවේ සිංහල-දෙමළ-මුස්ලිම් ජනතාව දස දහස් ගණනක් මියගොස් අතිමහත් දේපළ හානියක් සිදු විය. උතුරේ සිදු වූ අවාසනාවන්ත සිදුවීම් කඳුකරයේ කිසිදිනක හෝ ඇති නොවීමට වග බලා ගැනීම අප සියලු දෙනාගේ වගකීමකි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ කතාව 100% හරි. හැබැයි මේ දාන අදහස් පලකරන එකකුත් නෑ,... මොකද දැනටම ලංකාවට එන ඉන්දියානු බලපෑම් උත්සන්න වෙලා....
ඇත්තනේ කතාව..... මිනිස්සුන්ට කිව්වේ ජාත්‍යන්තර වෙසක් උත්සවේකට එනවා කියලනේ. ඇවිත් වෙන දෙයක්නේ කළේ...
අපේ අය රෑට වැටිච්ච වලේ දවල්ටත් ඕනා කමින්ම පනින්න හරි දක්ෂයිනේ....
වතු දෙමළ ජනතාව ඉන්දීය සංස්කෘතිය පවත්වාගෙන යන එක වරදක් වෙන්නේ කොහොමද? විදෙස් රටවල වෙසෙන සිංහලයන් සිංහල සංස්කෘතිය එම රට වල පවත්වා ගෙන යන එකත් වරදක්ද?
හරියට හරි...ඉන්දියානු අගමැති ඇතුළු දකුණු ඉන්දියානු අය හැම වෙලාවේම හිතන්නේ ලංකාව ඉන්දියාවේ කොටසක් කියලා... ඉන්දියාව නිසා අපිට තවමත් කිසිම දෙයකින් හොඳක් වෙලා නැ...
මේක නැති ප්‍රශ්නයක් ඇති කරන්නයි හදන්නේ... වතුකරයේ මිනිස්සු ගැන මම හොඳින් දන්නා කෙනෙක්...ඒ හින්දා මේවා ගැන හොයන්නේ නැතුව ඉන්නවා නම් හොඳයි...
අපේ ලොක්ක පුටුව ලැබුණ ගමන් ගියේ දඹදිව වන්දනාවේ. එතුමයි නෝනයි දෙන්නම ඇන්දේ ඉන්දීය ඇඳුම්... ලංකාවේ ඇඳුම් නෙවෙයි. පරණ පින්තුර බලන්න. ඉතින් මෝදී මහත්මයා හිතන්න ඇති එයා මේ එන්නේ ඉන්දියාවේ ප්‍රාන්තයකට කියලා...
ඉන්දීය සංස්කෘතියක් පවත්වා ගැනීම අවශ්‍ය නොවන බව එම සංගමය කීවත් දවස පුරා ඉන්දීය සිනමා, රූපවාහිනී නාට්‍ය දර්ශනය, මුහුරත් උළෙලවල් පැවැත්වීම, ඉන්දීය සිනමා, ඇඳුම් හා විලාසිතා අනුකරණය, ඉන්දීය ගීත, ගායනා සියලු දේ ඈත අතීතයේ සිට මේ දක්වා කොපි කිරීම, ඉන්දීය හින්දු දෙවිවරු ඇදහීම් වැනි සියලුම දේවල් කල හැකිනම් වතුකරයේ ජනතාවට පමණක් ඉන්දීය සංස්කෘතියක් පවත්වා ගැනීමට කිසිඳු බාධාවක් තිබිය නොහැක....
බුද්ධිමත්ව බැලුවොත් කතාව නම් ඇත්ත තමා....
අපේ කට්ටියට කොහොම කළත් වැඩක් නෑ... සහ හොඳක් නෑ. කොහොමහරි වැරැද්දක් තමයි හොයන්නේ. මොකද එහෙම නැත්නම් අපේ කට්ටියට නින්ද යන්නේ නෑ...
ඒත් තවත් එක් දේශපාලකයෙක්... ලාභ සහ පහසු සටන් පාඨය තමයි භාවිතා කරන්නේ...
ඔබතුමන්ලාගේ නිගමනය හා මම එකඟ වෙමි. නමුත් තියෙන ප්‍රශ්නය නම් එය මේ යහපාලනය මොන ආකාරයෙන් දකීද යන්නයි. මොකද ඒ අයට එක ඇසක්වත්, කනක්වත් තියේද යන්නයි.
අපේ උගතුන් සුළු පිරිසකට හෝ සත්‍යය අවබෝධ වීම සතුටට කරුණකි. නමුත් මේ සිංහල 8 සහ 10 සමත් අපි ඕනෑම සිංහල නොවුණ ජාතිවාදයකට මුහුණ දීමට සුදානම්. දේශපාලනයට මේවා තේරෙන්නේ නැතුවද .... එසේ නැතිනම් මේවා පේන්නේ නැතිද?
මා ජාතිවාදියෙක් නොවේ. උඩරට වෙසෙන සිංහල මිනිසුන්ගේ ඉඩම් මංකොල්ල කා සුද්දා වතු ඇතිකලා. එම නිසා එම ප්‍රදේශවල පාරම්පරික පදිංචි කරුවන්ටත් ඉඩම් ගෙවල් නැහැ. ඔවුන් ගැන බලන්න කවුරුවත්ම නැහැ. ඔවුන්ගෙන් සමහර පුද්ගලයින් වැඩ කරන්නේ මේ වතුවලම තමයි.
ඉන්දියාවට බය වෙන්න එපා....
ඉන්දියාවෙන් ලංකාවට සේවකයන් ගෙනත් තිබෙන්නේ එක්දහස් අටසිය ගණන්වලදී. දැන් ඉන්නේ හතරවෙනි පස්වෙනි පරම්පරාවල්. අපිට තවම බැරිවුණා. එ් අය ලාංකිකයන් වශයෙන් හිතන්න... අකල්පමය වෙනසක් ඇතිකරන්න.
සිංහල අය හින්දි චිත්‍රපට බලන තරම දැක්කොත් නම් මෝදි බොලිවුඩයකුත් ලංකාවේ ස්ථාපනය කරයි නොමිලේ. වතුකරය අමතක කරලා සිංහලයන්ට පොරොන්දු දෙයි.