IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


ඉන්දියාවෙන් වැඩම කරවු ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේලා මහජන ප්‍රදර්ශනයට

(ඩයනා උදයංගනී)
          අග‍්‍රාමාත්‍ය කාර්යාලය සහ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානය එක්ව සංවිධානය කරන බුද්ධ රශ්මි වෙසක් කලාපය යටතේ අරලිය ගහ මන්දිරයේදී ප‍්‍රදර්ශනය කෙරෙන ඉන්දියාවේ සාරානාත්හි වරනාසි නුවර සහ පකිස්ථානයේ සිට ශ්‍රී ලංකාවට ප‍්‍රථම වරට වැඩම කරවූ ශ්‍රී සර්ඥ ධාතූන්වහන්සේලා සහ විදේශීය කෞතුක වස්තු ප‍්‍රදර්ශනය වෙනුවෙන් තැන්පත් කිරීම අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතාගේ ප‍්‍රධානත්වයෙන් අද (29)  සිදු කැරිණි. 

එහිදී අග‍්‍රාමාත්‍යවරයා විසින් සරානාත් සිට වැඩම කරවූ ධාතූන් වහන්සේලා කරඬුවෙහි තැන්පත් කරනු ලැබිය.

නේපාලයෙන් හා භූතානයෙන් මෙරටට වැඩම කරවන ලද ඉපැරණි දීපංකර බුද්ධ ප‍්‍රතිමාව, ශාක්‍ය මුනි බුද්ධ ප‍්‍රතිමාව, මෛත‍්‍රී බෝසත් ප‍්‍රතිමාව ඇතුලූ කෞතුක වස්තු රැසක් මෙහිදී ප‍්‍රදර්ශනය කෙරේ.

සර්වඥ ධාතූන් වහන්සේලා ඇතුලූ බෞද්ධ කෞතුක වස්තු වැඳපුදා ගැනීමේ අවස්ථාව අද පස්වරු 7.00 සිට මැයි 03 වන දින පෙරවරු 4.00 දක්වා අඛණ්ඩව මහජනතාවට හිමි වන බව සංවිධායක මණ්ඩලය පවසයි. 

බුද්ධ රශ්මි වෙසක් කලාපය අරලියගහ මන්දිරය හා ගංගාරාම විහාරස්ථානය අවට පරිශ‍්‍රය තුළ අද සිට මැයි 3 වැනිදා දක්වා  පැවැත්වේ.


         ඡායාරූප - ලහිරු හර්ෂණ



අදහස් (2)

ඉන්දියාවෙන් වැඩම කරවු ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේලා මහජන ප්‍රදර්ශනයට

A.Samathasena. Sunday, 29 April 2018 03:04 PM

සාදූ සාදූ සාදූ .කව්රු කලත් මෙවන් දේ රටටම වාසනාවන්.

:       0       57

janahitha Sunday, 29 April 2018 10:03 PM

ඔය අත ගහන්නේ හදවතින්මද ?

:       0       19

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 660 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 321 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1109 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site