ඉන්දියානු නාවික හමුදාවට අයත් ‘ශර්දුල්’ නෞකාවේ පැමිණි වෛද්‍ය කණ්ඩායම මගින් ආපදාවන්ට ලක් වූ ජනතාවට සහන සැළසීමේ කටයුතු වල නිරත වෙමින් සිටී.
ඒ අනුව කළුතර දිස්ත්‍රික්කයේ බුලත්සිංහල ප්‍රදේශයට බලපා ඇති ගංවතුර තත්ත්වය හේතුවෙන් විපතට පත් ජනතාව වෙනුවෙන් වෛද්‍ය සායනයක් බුලත්සිංහල දියකඩුව පාසලේ දී අද (29) පවත්වන ලදි.
මෙම වෛද්‍ය සායනය සඳහා ඉන්දීය නාවික හමුදාවට අයත් වෛද්‍ය නිලධාරියෙක් සහ වෛද්‍ය සහයක නාවිකයින් දෙදෙනෙක් සහභාගි වූහ.
ඊට අමතරව ශ්‍රී ලංකා නාවික හමුදාවට අයත් වෛද්‍ය අංශයේ නාවික පුද්ගලයින් කිහිප දෙනෙකුද මෙයට එක්වූහ. මෙම සායනය මගින් එම ප්‍රදේශයේ අවතැන් වූ පුද්ගලයින් 50 කට වැඩි පිරිසකට වෛද්‍ය ප්‍රථිකාර ලබා ගැනීමට අවස්ථාව උදා විය


COMMENTS
බැරිද මේ දොස්තරල තව ටික දවසක් තියා ගන්න,? මොකද අපේ දොස්තර සංගමයෙ තව ඇරියස් ස්ට්‍රයික් එකක් තියෙනව. අර රජයේ වෛද්‍ය විද්‍යාලවල දෙමව්පිය සංගමයට පොලීසියෙන් කඳුලු ගෑස් ගහපු එකට
මේගොල්ලොත් පුද්ගලික වෛද්‍ය විද්‍යාල වල ඉගෙනගත්තු කට්ටියද දන්නේ නෑ.
අනේ දරුවනි, ඕකට පස්සේ තව සුනාමියක් එවනවා මේ දොස්තර සංගමය. ඊකටත් බෙහෙත් දීලම යන්න. කැමති කාලයක් ඉන්න පුළුවන්. කොහොමත් අපිත් ඔහෙන් ආපු කට්ටියනේ.
සමාවෙන්න... මේ වෛද්‍යවරුන්ගෙ ප්‍රමිතිය ගැන අපේ වෛද්‍ය සංගමයටවත් මහාචාර්ය කාලෝ ෆෝන්සේකා මැතිඳුන්ටවත් ගැටළුවක් නැද්ද?
තව රටවල් කීපයකින් වෛද්‍ය කණ්ඩායම් ගෙන ආ යුතුයි.
සෞඛය ඇමතිතුමනි, කට්ටිය ඔහොමම තියා ගන්න.. දොස්තර වර්ජනයදී ආපහු ගෙන්නන්න අවශ්‍ය නැහැ..
ඒ අය ඉතා හොඳ සේවයක් දෙනවා. අපේ දොස්තරලා මොනවද කරන්නේ. තාම හිස් සයිටම් විරෝදී වැඩද. මේ අයගේ හිස් මොළ තාම මිනිස්සු වෙනුවෙන් කැපකරන්න හිතක් නැද්ද. මේ අය හිතන්නේ තමන්ගේ බඩ ගැන, කාර් පර්මිට් ගැන විතරයි. මිනිස්සුන්ව හූරගෙන කනවා. ඇයි මේ අයට බැරි වුනේ අර හෙලිකොප්ටෝර් එකේ මැරුන අම්මගේ ළමය බේරගන්න මේ අය බුදිද. මේ අයට ඉදිරිපත්වෙන්න තිබුනානනේ ගුවන්හමුදාවේ අයත් එක්ක මිනිස්සුන්ට සහන දෙන්න. කොච්චර බඩදරු අම්මල ගංවතුරට අහුවුනාද. අපේ දොස්තරලා සහ දේශපාලකයින් අතර ලොකු වෙනසක් නැ. ඒ වුනාට දේශපාලකයෝ මේ අයට වැඩිය ටිකක් හොදයි.
මේ සියලු දොස්තරවරුන්ට මගේ ප්‍රණාමය
ෂයිලොක් වගේ මස් රාත්තලම ඉල්ලන දොස්තරල කට්ටිය මේ දිනවල ටී වී එකේ මානුෂික මුහුණුවරක් පෙන්වාගෙන උපදෙස් නිකුත් කරනව. එයාලම තමයි ටික දිනකට කලින් කිසිම මානුෂික කමක් නැතුව ස්ට්‍රයික් කලේ.
මම දන්නා තරමට තවම වෛද්‍ය සංගමය හරහා මෙවැනි කිසිම කටයුත්තක් සිද්ද කලේ නැහැ..දැන් ඔන්න එයි ඉන්දියානු දොස්තරලා බැස්ස නිසා...
මේ දොස්තරවරුන්ට සියලුම ලංකාවාසීන් වෙනුවෙන් මගේ ප්‍රණාමය. ඉන්දියාවේ සිට මෙරටට පැමිණ ඔවුන් අවංකව කරන්නාවූ සේවය අගේ කොට සලකමු. ඔවුන්ව විවේචනය නොකරමු. ස්තුතිය් ඔබට.
ජනතාව වෙනුවෙන් පෙනී ඉන්නවා කියපුදොස්තරලා කෝ??? දැන්වත් ජනතවට ඇත්ත තේරුම් ගියොත් හොඳි.
ඉන්දියාවේ දොස්තරලා කරන සේවා පෙන්නුවට ලංකාවේ දොස්තරලා කරන දේවල් පෙන්නන්නේ නෑ