අංජුල මහික වීරරත්න වියට්නාමයේ හැනොයි නුවර සිට
ශ්‍රී ලංකාව හා ඉන්දුනීසියාව අතර මිත්‍ර සබඳතා තව තවත් ශක්තිමත් කර ගනිමින් ඉන්දීය සාගරයේ නිදහස් නාවික ගමනාගමනය හා සාමය ආරක්‍ෂා කර ගැනීමේ වැඩපිළිවෙළ සඳහා එක්ව කටයුතු කළ යුතු බව ඉන්දුනීසියානු ජනාධිපති ජොකෝ විදොදෝ මහතා සහ ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අතර පැවති ද්විපාර්ශවික සාකච්ඡාවේ දී අවධාරණය කෙරිණි.
අද (12) උදෑසන වියට්නාමයේ හැනොයි නුවර මෙලියා හෝටලයේ දී පැවති මේ සාකච්ඡාවේ දී, යුරෝපීය වෙළෙඳපොළෙහි ප්‍රමාණවත් කොටසක් අත්පත් කර ගැනීම සඳහා දෙරට එක්ව පොදු උපාය මාර්ගයක් ආරම්භ කිරීම පිළිබඳව ද අවධානය යොමු කළේය.
ශ්‍රී ලංකාව සහ ඉන්දුනීසියාව අතර වෙළෙඳ, ආයෝජන සහ ව්‍යාපාරික අවස්ථාවන් පුළුල් කරලීමේ අරමුණ ඇතිව දෙරටේ සාමාජිකයන්ගෙන් සැදුම්ලත් ඒකාබද්ධ කමිටුවක් මගින් කාලරාමු සහිත වැඩපිළිවෙළක් සකස් කිරීමට ද, එමඟින් අනාගතයේ දී දෙරට අතර නිදහස් වෙළෙඳ ගිවිසුමක් ඇති කර ගැනීමේ පදනම සැකසීමට ද එකඟත්වයට පැමිණියේය.
සංචාරක ක්ෂේත්‍රයේ වර්ධනය සඳහා සාමුහිකව ගත හැකි පියවර සම්බන්ධයෙන් ද, දෙරටේ හමුදා අතර අන්තර් හුවමාරු ආරක්‍ෂක වැඩසටහන් සංවිධානය කරලීම සම්බන්ධයෙන් ද මෙහිදී අදහස් හුවමාරු කර ගැනිණි.
ශ්‍රී ලංකා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සුභ පැතුම් වික්‍රමසිංහ මහතා විසින් ඉන්දුනීසියානු ජනාධිපතිවරයා වෙත පිරිනමන ලදී.
සංවර්ධන උපාය මාර්ග හා ජාත්‍යන්තර වෙළඳ අමාත්‍ය මලික් සමරවික්‍රම, අග්‍රාමාත්‍ය ලේකම් සමන් ඒකනායක, වියට්නාමයේ ශ්‍රී ලංකා තානාපතිනි හසින්ති දිසානායක, අග්‍රාමාත්‍ය අතිරේක ලේකම් සමන් අතාවුදහෙට්ටි සහ විශේෂ සහායිකා සැන්ඩ්‍රා පෙරේරා යන මහත්ම මහත්මීහු ශ්‍රී ලංකාව නියෝජනය කරමින් මේ අවස්ථාවට සහභාගී වූහ.



2025 දෙසැම්බර් මස 04
234
0
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
387
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
386
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ඉන්දුනීසියා ජනපති සමඟ අගමැති ද්විපාර්ශික සාකච්ඡාවක්
දයාවතී Wednesday, 12 September 2018 09:58 AM
එහෙ ජනාධිපතිනියත් අපේ අගමැතිනිය වගේම කෙනෙක්ලු නේද..? අනේ මන්දා.. අපිට ඕනෙ නැහැ ඔය පුද්ගලික ඒවා...
රාජ් Wednesday, 12 September 2018 12:14 PM
දයාවතී නෝනේ, ඒ ගොල්ලෝ "අරවර්ගයේ" නිසා ඔයාලට හරි ප්‍රශ්නයක්ලු නේද..?
Raveendra Wednesday, 12 September 2018 10:40 AM
මල්ලියේ මං මේ මලයට කියන්නමයි හිටියේ .... මේගැන කාටවත් කියන්න එපා හොදේ...." බැංකු එහෙම කඩනවනම් කියන්න මං ගාව හොද ගෝලයෙක් ඉන්නවා" ..මිනිහගේ ගණුදෙනුත් හරිම සාධාරණයි . වැඩේ අත්දුටුයි සත්‍යයි ඉක්මන් කරන්න මිනිහව අල්ලගන්න හරිම අමාරුයි. එතරම් කාර්යබහුලයි.
ඇත්ත සත්‍යපාල Wednesday, 12 September 2018 11:51 AM
ලෝකයේ හොඳම "සේල්ස් රෙප්" ලෝකය වටේ ඇවිදිමින් ලංකාවේ කෑලි කෑලි එක එක රටට විකුණලා එනවා.