(විනීතා එම් ගමගේ, අනීෂා මානගේ සහ ආරියදාස කොඩිතුවක්කු)
මෙරට ධීවර වරායන්ගෙන් පිටත්ව මුහුදු ගිය බහුදින ධීවර යාත‍්‍රා 20 කට ආසන්න ප‍්‍රමාණයක් අම්ෆන් සුළි කුණාටුව හේතුවෙන් ඉන්දුනීසියානු මුහුදු සීමාව දෙසට ගසාගෙන ගොස් ඇතැයි ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව කියයි.
කුඩාවැල්ල, ගාල්ල හා අම්බලන්ගොඩ ධීවර වරායන්ගෙන් මුහුදු ගිය බහුදින ධිවර යාත‍්‍රා මෙසේ සුළිකුණාටුවට හසුවී ඉන්දුනීසියානු මුහුදු සීමාවට ගසාගෙන ගොස් ඇතත් එම යාත‍්‍රාවලට හෝ යාත‍්‍රාවල සිටි කිසිවෙකුටත් හානියක් වී නැතැයි ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ සහකාර අධ්‍යක්ෂ (ජාත්‍යන්තර මුහුදු )එම්.එම් ආරියරත්න මහතා පැවැසීය.
එම යාත‍්‍රා ඉන්දුනීසියානු මුහුදු සීමාවට ඇතුල් වී ඇතත් එයින් කිසිවක් එරටට ඇතුල් වී නැති බවත් මේ වනවිට කුණාටුවෙන් ඇතිවූ අනතුරුදායක තත්ත්වය මගහැරී ඇති බැවින් එම යාත‍්‍රා යළි ජාත්‍යන්තර මුහුදු සීමාවට ඇතුල් වෙමින් සිටින බවත් ආරියරත්න මහතා කීවේය.
මෙම යාත‍්‍රා ඉන්දුනිසියානු මුහුදු සීමාවට ඇතුල් වී ඇත්තේ නීති විරෝධී මසුන් මැරීමකට නොවන සුළි කුණාටුවේ බලපෑමෙන් යැයි මේ වනවිට ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යංශය හරහා ඉන්දුනීසියානු රජයට දැනුම් දුන් බව ද හෙතෙම සඳහන් කළේය.
ඉදිරි දිනවල දී මෙම යාත‍්‍රා නිරුපද්‍රිතව දිවයිනට ලඟාවනු ඇතැයි ද, සමහර යාත‍්‍රාවල පවතින ඉන්ධන ප‍්‍රමාණවත් නොවන බැවින් ඔවුන් එන මඟට ඉන්ධන හා ආහාර සහිත යාත‍්‍රා යැවීමට කටයුතු කරන බව ද ආරියරත්න මහතා කියා සිටියේය.
සුළිකුණාටුව පිළිබඳව දැනගැනීමට පෙර අපේ‍්‍රල් මාසයේ මුල් සතිවල මුහුදු ගිය යාත‍්‍රා මෙසේ කුණාටුවට හසුවී ඇතැයි ද කුණාටුව සම්බන්ධ දැනගැනීමෙන් පසු කිසිදු ධීවරයෙකු මුහුදු නොගිය බව ද පැවසූ ආරියරත්න මහතා අනතුරු නිවේදන නොතකා නිවස අසල වැල්ලෙන් මුහුදු ගිය කුඩා යාත‍්‍රාවක් ඊට හසුවී එහි ගිය දෙදෙනො මිය ගොස් ඇතැයි ද පැවැසීය.
කුඩාවැල්ල ධීවර වරායෙන් මුහුදු ගිය සුරේෂ් 3, වියානා, දැහැමි 1, විස`දි, තවීන්, දිල්මිණ පුතා, සිසිර 3, සයුරි 6, ඔසල් 5, නිලාන් සහ ශානක පුතා යන ධීවර යාත‍්‍රා මෙම යාත‍්‍රා අතර ඇතැයි තංගල්ල පොලිසිය කියයි.
2025 දෙසැම්බර් මස 04
635
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
528
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
431
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ඉන්දුනීසියානු මුහුදු සීමාව දෙසට ධීවර යාත්‍රා 20 ක් ගසාගෙන යයි