ක.ග කරුණාරත්න
පොලොන්නරුව, පරාක්‍රම සමුද්‍රය වාරිමාර්ග ඉංජිනේරු අසේල උදයංග මහතාට ක්ෂේත්‍රයේ රාජකාරි කටයුත්තක් සඳහා ගොස් සිටියදී බැණ තර්ජනය කර පහර දී රාජකාරියට බාධා කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් රිමාන්ඩ් කර සිටි සැකකරුවන් දෙදෙනා රුපියල් ලක්ෂය බැගින් ශරීර ඇප දෙකක් මත මුදා හරින ලෙස පොලොන්නරුව මහේස්ත්‍රාත් ලුසාකා කුමාරි ධර්මකීර්ති මහත්මිය අද(21) නියෝග කළාය.
මෙසේ ඇප මත මුදා හරින ලද්දේ එක්සත් ජාතික පක්ෂයේ පොලොන්නරුව දිස්ත්‍රික් ප්‍රධාන සංවිධායකවරයෙකු වන පොලොන්නරුව, රෝහල හන්දිය, සෙන්ට්‍රල් ෆාමසි ලිපිනයේ පදිංචි ජයසුන්දර කෝරලේ මුදියන්සේ රාලහාමිලාගේ සුජීව නිශාන්ත ගුණතිලක සහ පොළොන්නරුව, දෙකේ ඇළ, පත්තිනි පෙදෙස අංක 479 ලිපිනයේ පදිංචි එස්.එම් බුද්ධික රුවන් කුමාරසිංහ යන දෙදෙනාය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd