(අකිල බද්දෙවිතාන)
නිරිත දිග මෝසම නිසා දැනට පවතින අධික වැසි සහිත කාලගුණය ඉදිරි දින දෙකේ දී ද පැවැතීමට ඉඩ ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
බස්නාහිර, දකුණ, මධ්‍යම සහ සබරගමු පළාත්වලට මිලි මීටර් 100ත් 150ත් අතර ඉතා තද වැසි ඇතිවිය හැකි බවත් විශේෂයෙන්ම ගාල්ල, මාතර, රත්නපුර සහ කළුතර දිස්ත්‍රික්කවලට මෙම වැසි තදින් බලපැවැත්විය හැකි බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙක් පැවසීය.
ගිගුරුම් සහිත මෙම වැසි සමග තද සුළංද ඇතිවිය හැකි බවත් කාලගුණ අනාවැකි සඳහන් කරයි.
මේ අතර දිවයිනට නිරිත දෙසින් පවතින ක්‍රියාකාරී වලාකුළු පද්ධතිය හේතුවෙන් කොළඹ සිට ගාල්ල හරහා හම්බන්තොට දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවලට ඉතා තද වැසි හෝ ගිගුරුම් සහිත වැසි බලාපොරොත්තුවන බවද එම මුහුදු ප්‍රදේශවලට පැයට කිලෝමීටර් 60 – 70 දක්වා පමණ වන ඉතා තද සුළංද පැවතිය හැකි බව කියති.
මේ අතර පෙරදින උදෑසන සිට ගාල්ලට ඇතිවූ තද වර්ෂාපතනයත් සමග නායයෑමේ අනතුරු ඇඟවීම් ද නිකුත් කර ඇතැයි ආපදා කළමනාකරණ අමාත්‍යංශය පවසයි.
ඒ අනුව ගාල්ල හා නුවරඑළි දිස්ත්‍රික්කවල යටලමත්ත හා ගිනිගත්හේන යන ප්‍රදේශවලට නායයෑමේ අනතුරු නිවේදන නිකුත් කර ඇත.
2025 දෙසැම්බර් මස 30
102
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
739
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
365
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
ඉදිරි දින දෙකේදිත් අධික වැසි