චන්ද්‍ර සේන ගමගේ
එදිරියේදි එන ජනාධිපතිවරණයේදි එක්සත් ජාතික පක්ෂය නව නායකත්වයක් යටතේ තරග කරන බව ධීවර හා ජලජ සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙද ආරච්චි මහතා අද (12) සවස තංගල්ල මැඩිල්ල ප්‍රදේශයේ පැවති ජනහමුවකදී පැවසීය.
‘‘එක්සත් ජාතික පක්ෂය මේ රටේ අනාගතය සඳහාත් පක්ෂයේ අභිවෘධිය සදහාත් දේශපාලනික තීන්දු තීරන රැසක් ගැනීමට බලා කරනවා . පසු ගිය පළාත් පාලන මැතිවරණයෙන් පසුව රාජපක්ෂ කල්ලියේ ප්රචණ්ඩ ක්‍රියා වැඩි වී තිබෙනවා. බෙලිඅත්තේ හිටපු මැරයෙකු ගේ පුතෙකු වු පළාත් සභා මන්ත්‍රී කෙනෙක් එයාගෙ නෝනත් සමග අහිංසක බස් රියදුරකුට පහර දෙන හැටි අපි දැක්කා. පහුගිය ආණ්ඩු කාලයේ බොහෝ අය හැසිරුණේ ඔය විධියට තමයි. නමුත් අපි අපේ පාක්ෂිකයන්ට එවැනි තත්වයකට වැටෙන්න දෙන්නේ නෑ.‘‘
COMMENTS
ඒ වගේම පාක්ෂිකයින් මහදවල් මහබැංකු කඩන තත්ත්වයකට වැටෙන්න දෙන්නත් එපා...
ඔය කතාව දැන් අවුරුදු විස්සක් විතර අහලම එපා වෙලා.
කවුරු ආවත් මහින්දගේ ජය නවතන්න කාටවත් නොහැකිය. හේතුව මේ ආණ්ඩුව පොදුජනතාව අමතක කිරීම නිසා. සහනාධාර සියල්ලම කපා මැති ඇමැතිවරු සුරසැප විඳිති. දිලිප් ගේ අාසනේවත්, සජිත්ගේ අාස්නේවත් දිනාගන්න බැරිව කයිය ගහනවා.
අරන් තියන, කරලා තියන තීන්දු තීරණ හොඳටම ඇති... රටේ විකුණන්න දෙයක් යූ.එන්.පී. එකට දැන් නැහැ. මට කියන්න කැමතියි ආයේ කවදාවත් ඕකෙන් ජනාධිපති කෙනෙක් එන්නේ නැහැ. කරුණාකරලා ඔය අදහස අත් හැරලා දාන්න.
"මොකටද නායකයා ඉද්දි නව නායකයෙක්? ඔය හදන්නේ නව නායකයෙක් කියලා අර ඉස්කෝලේ යන ළමයෙක් වගේ සුදු ඇඳගෙන, රබර් සෙරෙප්පු කටු දෙකක් දාගෙන මිනිස්සු ගොනාට අන්දන්න පුළුවන් කියලා හිතාගෙන ඉන්න නායකයා ගේන්නද? එයාට මොනවද කරන්න පුළුවන්? හැබැයි මොනවත් බැරිවුණාට හොරකම් කරයි. තමන්ගේ අයට සලකයි. ඒ වගේ අයට වඩා ඉන්න නායකයා හොඳයි කියලා තමයි මම නම් හිතන්නේ...
හීනෙකින්වත් ඔය වගේ දෙයක් සිදු වෙන්නේ නැහැ. ඒක ඉර, හඳ වගේ අපිට විශ්වාසයයි.
මහන්සි වෙන්න එපා......ලබනපාර කොහොමත් පරාදයි.................
ඔයා හරිම හොරා අනේ.......සජිත් මල්ලි ගැන නේද කියන්නේ....?
2020 දී අගමැති වෙනුවට ජනාධිපති වෙන්න කෙනෙකුගේ සිතේ පිළිසිඳගෙන ඇති සිහිනය සැබෑ කරගැනීම උදෙසා පක්ෂය, රට හෝ ආණ්ඩුව වෙනුවට වෙන වෙන "ඩීල්" ක්‍රියාත්මක කරන බව පෙනෙන්නට ඇති බවයි හන්දියේ කඩේ ළඟ කට්ටිය කියන්නේ. ගම්මට්ටමේ ජනතාව දුරස්තර කරගෙන "රාජකීය ටයි කෝට් සමාජයත් හිත මිත්‍ර සංගමයත්" ලංකර ගෙන වැඩ කරනතුරාවට නායකයා වෙනස් කල තරමින් ඡන්දයකින් දිනන්න හැකිවෙන එකක් නැහැ. එක්කෙනෙක් එයාව බලයට පත්කළ කණ්ඩායම නැති බංගස්තාන කරදමා හිටපු කෙනාටම බලය පුජාකර ඇඟ බේරාගෙන පැත්තකටවෙන්නට මාන බලන අතරේ අනෙත් කෙනා තනියම ජනාධිපති වීමෙන් අනතුරුව දේශපාලනයට සමුදෙන්නයි මේ හදන්නේ. ඊළඟ උපන්දිනය දවසේ පක්ෂ නායකත්වය වෙන කෙනෙකුට බාරදෙන්නලු දැන් හිතාගෙන ඉන්නේ. සේරම දැන් "වහෙන් ඔරෝ" සෙල්ලමේ නියැලී ඉන්නා අතර වාරයේ බලය ලබාගැනීම සඳහා අල්ලනවා කියපු හොරු සේරම දැන් ජය පැන් බොන්න පටන් අරගෙන.