බිමල් ශ්‍යාමන් ජයසිංහ
සිවිල් ඉංජිනේරුවකු බව පවසා තරුණියන්ට විවාහ පොරොන්දු දී ඔවුන් සතු දේපල හා මුදල් වංචා කළ පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව මිරිහාන විශේෂ අපරාධ මෙහෙයුම් ඒකකය කියයි.
පෙදරේරුවකු වන අත්අඩංගුවට ගත් පුද්ගලයා මේ වන විට කාන්තාවන් 100 අධික ප්‍රමාණයක් ඇසුරු කර ඇති බවත් ඔහු සන්තකයේ තිබු ජංගම දුරකතන සිම් කාඩ්පත් හතරෙහි තිබු අංක අනුව අනාවරණය වු බව පොලිසිය කියයි.
ඔහු එලෙස වංචා කර සන්තකයේ තබා ගෙන සිටි මෝටර් රථයක් , ලැප්ටෝප්, පරිගණකයක් හා මුදලින් රුපියල් පනස් දහසක මුදලක් පොලිසිය බාරයට ගෙන තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මං හිතන්නේ නෑ මිනිහ බොරුවක් කළා කියල. කාන්තාවෝ 100 ක් ඔය විදිහට රවටන්න ඉන්ජිනේරුවෙකුට තියා ඉංජිනේරු විද්‍යාව උගන්වන මහාචාර්ය වරයෙකුටවත් බෑ. අර පංච තන්ත්‍ර කතාවේදී විෂ්ණු දෙවියන් වගේ රඟ පාල වැඩේ අහු වෙන්න යනවෙලාවේ විෂ්ණු දෙවියෝ ඒ වඩු බාස් උන්නැහේට දඬුවම් කලාද, නැහැ නොවැ. ඒ වෙනුවට මිනිහට තැනගේ බලයත් එක්ක දේවත්වයක් දුන්න. ඒ වගේ මෙයා අහු වෙච්ච වෙලාවේ ඒ දක්ෂකම වෙනුවෙන් අපිත් ඉංජිනේරු කමක් දෙමු කියලයි මං නම් කියන්නේ.