IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


ඉංගිරියේදී ධාවනය වු ලංගම බසයක රෝදයක් ගැලවී විසි වෙයි


( කේ බුද්ධික කුමාරසිරි )
 
මගීන් පුරවා ගත් ඉංගිරිය සිට පිටකොටුව දක්වා ධාවනය වෙමින් තිබූ ලංකා ගමනා ගමනා මණ්ඩලයේ බස් රථයක ඉදිරිපස රෝදයක් මීගොඩ උඩගෙවත්ත ප‍්‍රදේශයේදී එක්වරම ගැල වී ඉවතට යාමෙන් අද (13) උදෑසන අනතුරක් සිදු වී ඇතැයි මීගොඩ පොලිසිය පවසයි.


බස් රථයෙන් ගැලවුණු රෝදය මාර්ගයේ දකුණු පැත්තට විසිවී ගොස් අසල පෞද්ගලික ආයතනයක ගේට්ටුවේ වැදී නතර වී ඇතැයිද එම අනතුරින් ගේට්ටුව ගැල වී විසි වී තිබූ බවත් සඳහන් කළ පොලීසිය සිදු වී මෙන් කිසිවකුට හානියක් සිදු වී නැතැයිද සඳහන් කළේය.


 අනතුරට ලක් වූ බස් රථය හෝමාගම ඩිපෝවට අයත් බස් රථයක් වන අතර එය ඉංගිරිය නගරයෙන් අලුයම 6 ට පමණ පිටකොටුව දක්වා යාමට ගමන් අරඹා ඇති බවත් මීගොඩ වටරැක ප‍්‍රදේශයේදී බස් රථයේ රියදුරුට යම් වෙනසක් දැනී බස් රථයේ ගැටළුවක් පවතින බව කොන්දොස්තරවරයා මාර්ගයෙන් හෝමාගම ඩිපෝවට දැනුම් දී සෙමෙන් ධාවනය කිරීම නිසා සිදු වීමට තිබූ විශාල අනතුරක් වැළකී ඇති බවද පොලිසිය පවසයි.
 


 



අදහස් (1)

ඉංගිරියේදී ධාවනය වු ලංගම බසයක රෝදයක් ගැලවී විසි වෙයි

ravi Monday, 13 August 2018 01:48 PM

ඇයි මේ... "රෝද" අතරමගදී බස් එක දාල දුවන්නේ.. ?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 135 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 950 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site