අජන්ත කුමාර අගලකඩ
ලබන ජනවාරි පළමු වැනි දා සිට ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබූ ඇස්බැස්ටස් තහනම තාවකාලිකව අත්හිටුවීමට රජය තීරණය කර ඇතැයි වාර්තාවේ.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයයේදී අද දහවල් පැවැති කැබිනට් රැස්වීමේදී මෙම තීරණය ගෙන තිබේ.
ඇස්බැස්ටස් නිෂ්පාදනය සඳහා යොදා ගනු ලබන අමුද්‍රව්‍ය ආනයනය ලබන පළමු වැනිදා සිට තහනම් කිරීමටත්, ලබන 2020 සිට ඇස්බැස්ටස් සම්පූර්ණයෙන් තහනම් කිරීමටත් රජය මුලදී තීරණය කර තිබිණි.
රුසියානු රජය ශ්‍රී ලංකාවේ තේවලට ඉකුත්දා තහනමක් පැනවූ අතර ඊට හේතුව ශ්‍රී ලංකා රජය ඇස්බැස්ටස් තහනම් කිරීම බවට දේශපාලන කරළියේ කතා බහට ලක් විය. ඇස්බැස්ටස් සඳහා අමුද්‍රව්‍ය සපයන රටවල් අතර රුසියාව ප්‍රධාන තැනක් ගන්නා බව ද වාර්තාවේ.
COMMENTS
යහපාලන රජය ඇමරිකාව සතුටු කිරීමට ඇස්බැස්ටස් තහනම් කර අනාගත්තා..............
අනේ ජනපති තාත්තේ .ඔබතුමා ප්‍රතිපත්ති රකින්නේ නැතිව ශ්‍රීලනිපෙ ප්‍රතිපත්ති රකින්නේ කොහොමද.ඇස්බැස්ටෝස් වලට වෙනදේම මයිලෝ වලටත් වෙනවා කියල අපි දන්නවා ගිරිය පුප්පන් මර ලතෝනි දෙනකොට............
ඔක්කොම පොලිටික්ස්!
ලංකාවේ තියෙන දේශපාලන සුත්තර අන්තර්ජාතික වැඩ වලට පටලවා ගැනීම මෝඩකමක් විය හැකියි...........
අපේ ලොක්ක මහලොකුවට පසුගියකලේ ගත්ත බොහෝ තීරණ වලට වුන අනිසංසයම තමා මේකටත් වුනේ........ මේකත් අන්තිමට පුස්සක්, ඇස්බැස්ටෝස් නතර කිරීම හරි තීරණයක් , නමුත් ඉදිරියට වැඩ කරනකොට බොරු පුරාජේරු සුරංගනා කතා අඩුකර වැඩක් ඉවර කරලා ඒගැන කතාකරන්න පුරුදුවෙන්න, රුසියාවත් එක්ක හැප්පෙන්න අමරුයි. නමුත් මේවට ක්‍රම සහ විධි තිබේ , ලංකාවට ඇස්බැස්ටෝස් ගෙන්වන්නේ සුලුපිරිසකි මොවුන් ජනාධිපති මන්දිරයට ගෙන්වා ඔවුන් සමග පෞද්ගලිකව කෙලින් කතා කරන්න....කියන දේ අහන්නේ නැත්නම් එකෙකෙන් දෙන්නෙක් සුදු ඩිෆෙන්ඩර් එකක පොඩි සවාරියක් එක්කරගෙන යන්න , එතකොට අනිත් පුද්ගලයන් නිකම්ම කියනදේ අහවි , ලංකාවෙන් ඇස්බැස්ටෝස් ඇනවුම් කරන්නේ නැත්නම් තහනමත් නැතුවම ප්‍රශ්නේ ඉබේම විසදෙනවනේ ? ප්‍රේමදාස රාජපක්ෂ යන ජනාධිපතිවරු මෙම ක්‍රම අනුගමනය කලා , ප්‍රේමදාස ජනාධිපති යමක් පොරොන්දු වුනොත් හොඳින් හෝ නරකින් හෝ පොරොන්දුව ඉටු කලා ජවිපෙ කැරැල්ල මර්ධනය කලා , රාජපක්ෂ ජනාධිපති කාටවත් නැමෙන්නේ නැතුව උතුරේ යුධය ඉවර කලා , මේ ඔබේ වාරය
මේ අයට මෙහෙම දෙයක් කරන්නත් කොන්ද පණ නෑනේ................
කොහොමද රතු කුරුමිණියාගේ වැඩ.........
හොම්බ බිම ඇන ගත්ත නේද?
ලංකාවේ පාලනය තියෙන්නේ විදේශික රටවල. ලංකාව දැනටමත් චීන සහ ඉංදියාවේ 80% පාලනය තියෙන්නේ. මෝඩ පාලකයෝ ඉන්න තාක් ගොඩයාමක් නෑ.
තමන්ට රුසියාවෙන් ආරාධනා කරපු එකට පාරම් බෑවට වඩා ඇත්තටම ආරාධනා කලේ මොකටද කියලා තේරුම් අරගත්තා නම් නේද හොඳ?
අපිට ආත්මයක් තිබේද යන්න ගැන සැකයි. අපි තවදුරටත් අනුන් යටතේද ඉන්නේ?
දේශපාලකයින් අදහස් දැක්වූ පමණින් ඒවා සත්‍ය වේවිද? මේ ගැන ඇත්ත තත්වය සොයාබලන්නට ජනාධිපතිවරයා ඇතුළු අදාළ බලධාරීන් අසමත් ඇයි? ඇසිබැස්ටෝස් ගැන තීරණය කරද්දී දූරදර්ශී ලෙස ක්‍රියා නොකළේ ඇයි?
අනේ සිරිසේන මොකෝ වුණේ...
ඇස්බැස්ටස්, සංවර්ධිත රටවල තහනම් කර තිබේ. ශ්‍රී ලංකාවෙන්ද හැකි ඉක්මණින්ම එසේ කළ යුතුය.
ඔන්න සිරිසේන මහත්තයා... ලෝකේ ජයග්‍රහණය කරපු හැටි ලෝකේ වටේම ඇවිදලා .... අය්යෝ සල්ලි
තුන්වන ලෝකයේ නොදියුණු රටවලට ස්ථිර ප්‍රතිපත්ති නැහැ. ඒකත් හරියට එච්.සී.එෆ්.සී. තහනම වගේ අද නෙවෙයි හෙට...!
ඇස්බැස්ටස් නිෂ්පාදනය නතර කල යුතුව තිබුනේ බොහෝ කලකට පෙර සිටයි.
ලොව බලවතුන්ගෙන් සිදුවන බලපෑම්. කැන්සර් බෙහෙතුත් රුසියාවෙන් ගෙන්වන්න වේවි. අපේ ආර්ථිකය ශක්තිමත් කර ගැනීමයි පිළිතුර. රටේ දියුණුවට සියලු දෙනා කැප වෙමු.
කුරුමිණියෙක් කල හදියක්, ආයේ ඇස්බැස්ටෝස් හොඳ වෙලා...
අනේ මන්ද? රටක් දණින් වැටුනම කොයි තරම් පුරාජේරු ගැහුවත් වැඩක් තියෙනවද? ඇස්බැස්ටෝස් වලින් පිළිකා හැදෙනවා. ඒක ලොවම පිලිගත් සත්‍යයක්. දැන් කරන්න යන්නෙ අපේ තේ ටික විකුණගන්න දුප්පත් ජනතාව බිල්ලට දෙන්නයි.
තේ ටික විකුණාගන්න ඕනනේ...
පළමුවෙන් අනිත් රටවලින් ගෙනෙන ඒවා නවත්වමු.
ඔය නම් ඡන්දෙ පරදින්න වැඩක් තමා..
තනි තීරණයක් අරගෙන හොඳ දෙයක් කරන්න කොන්ද පණ නැහැ.
ඒ කියන්නේ පුටින් මහත්තයා ඒක ඊ මේල් කරලා පෙන්නුවා මිතුරුකම...
පුටින්ට කැමති අය ඉදිරිපත් වෙන්න... ගහන්න අප්පුඩියක්...
කෝ අපේ එඩිතර "සිංහයා"? අනේ ඌටත් බලවතුන් ඉදිරියේ දෙකට නැමෙන්න සිදුවුණානේ.
අපි හරිම අසරණ ජාතියක් විදියට තමා ලෝකය දකින්නේ.. ඔබලා යැපෙන්නේ අපෙන් කියන මතය තමයි ලෝකයේ බොහෝ රටවල තියෙන්නේ...
රුසියාවේ තේ තහනම ලංකාවෙන් පනවපු ඇස්බැස්ටෝස් තහනම නිසා බව මම වෙනත් පුවතක මීට දින ගණනකට කලින් සඳහන් කළා. මේ හා බැඳුණු රුසියාවෙන් ගෙන්වන්න යන තවත් අපට අනවශ්‍ය දෙයක් මීට අදාල බව දැන් සඳහන් කරලා තියන්නම් ඔබේ දැනගැනීම පිණිස....
තේ වලින් අපේ ආර්ථිකය ගොඩ ගන්න බැරි බව අපේ බුද්ධිමත් පාලකයන්ට තේරෙන්නේ නැද්ද? බෑවුම් අඩු කඳු අශ්‍රිතව තිබෙන තේ වගාව ඉවත් කරලා අඹේවෙල වගේ කිරිපිටි කර්මාන්ත ශාලා හැදුවොත් නරකද? කිරි පිටි ආනයනය අඩු කරගන්න පුළුවන්... මස් නිෂ්පාදනය වැඩි වේවි... කොම්පෝස්ට් පොහොර නිෂ්පාදනය වැඩි වේවි.. ජීව වායු නිෂ්පාදනය වැඩි වේවි... කඳුකරයේ සෝදා පාළුව අඩු වේවි... සුද්ද එදා ඇති කරපු ආර්ථික උපායමාර්ග අදට ගැලපෙන්නේ නැහැ. ඒවා බුද්ධිමත්ව සිතා බලා වෙනස් කල යුතුයි. රටේ ඉන්න දක්ෂම දරුවෝ යන්තම් විශ්වවිද්‍යාලයෙන් පිට වෙද්දීම විදේශ රටවලින් ආචාර්ය උපාධි සහ විවිධ වරදාන දීලා දියුණු රටවලට ගෙන්වා ගන්නවා. මේ රටේ ඉතුරු වෙන්නේ ඉතාම අතලොස්සක්. රටේ සිදුවන බුද්ධි ගලනය මේ සියලු දේට බලපානවා.
දුර දක්නා තීරණ ගෙන රට දියුණු කරන යහපාලන රජයට අපේ සහය දෙමු.
එහෙනම් දැන් ඇස්බැස්ටෝස් වල පිළිකා කාරක නැති වේවි. පෙරලෙන පැත්ත හොඳයි කිව්වලු !!
මෙහෙමත් නෝන්ඩි ආණ්ඩුවක්. මතකද මහින්ද මහත්තයා ඇන්කර් තහනම් කරලා නවසීලන්ත අගමැතිව දණගස්සලා මෙහෙට ගෙනාපු විදිය...
අැස්බැස්ටෝස් මෙන්ම පීවීසී ජලනලත් ලෝකයේ දියුණු නොදියුණු බොහෝ රටවල් තහනම් කරලා වසර ගාණක් වෙනවා. රුසියාව ලංකාවෙන් තේ ආනයනය නැවැත්තුවා කියලා අපි මේ හානිදායක අැස්බැස්ටෝස් ගෙන්වන එක අනුවණ ක්‍රියාවක්. තේ අපනයනය කිරීමට විකල්ප රටවල් මුලින් සොයා බලා තිබිය යුතුය. ජනතාව රජයක් සහ රාජ්‍ය නිලධාරීන් නඩත්තු කරන්නේ මේවට තමයි.
රුසියාව ලංකාව වගේ මෝඩ වැඩ කරන්නේ නැහැ. අනික රටක් වුණාම වගකීමක් ප්‍රතිපත්තියක් තියෙන්න ඕනෑ. රට වෙනුවෙන් තීරණයක් ගත්තොත් එ්ක ස්ථීරවම කරන්න නිකන් බොරු කතා නොකියා. ඇස්බැස්ටස් කොම්පැනියෙන් හොඳ ජරාවක් දෙන්න ඇති....
ලංකා ඊ නිවුස් මේක කිව්වේ තහනම් කල දවසේමයි. ඔවුන්ගේ වෙබ් අඩවිය වාරණය කර සත්‍ය වසන් කිරීමට උත්සාහ කිරීම අසාර්ථක ව්‍යායාමයක්...
මොන රජයක්ද මේ. හැම නීතියම පස්සට දානවා. පස්ස දොරින්ම පලයල්ලා.
හරිම කතාව මිලියන් ගාණක් ගත්ත එක නේද?
විශිෂ්ඨ තීරණයක් ජනපතිතුමනි.
මේ රටේ කොහේද හොද වැඩක් කරන්නේ - ආණ්ඩුව ගෙනියන්නේ බිස්නස් කාරයෝ මිසක් මයිත්‍රී රනිල් හෝ මහින්ද හෝ නෙවෙයි