( නාලක සංජීව දහනායක)
බන්ධනාගාරගතව සිටින පර්පචුවල් ටේරෂරිස් සමාගම් සමූහයේ අධ්‍යක්‍ෂ අර්ජුන් ඇලෝසියස්ගේ මෙට්ටය යට තිබියදී සොයාගත් ජංගම දුරකථනවලින් ඇමතුම් ලබාදුන් අය පිළිබඳව සහ ඔහුට ජංගම දුරකථන තුනක් හා සිම්කාඩ්පත් පහක් ලැබුණු ආකාරය පිළිබඳව වහාම හෙළි කරන ලෙස ඒකාබද්ධ විපක්‍ෂය රජයෙන් ඉල්ලීමක් කරයි.
බත්තරමුල්ල, නෙළුම්මාවතේ පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු කාර්යාලයේදී අද (06) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත‍්‍රී තේනුක විදානගමගේ මහතා මෙම ඉල්ලීම කළේය.
මන්ත‍්‍රීවරයා මෙසේද පැවසීය
බන්ධනාගාර ගතව සිටින අර්ජුන් ඇලෝසියස්ගේ මෙට්ටය යට තිබිලා සිම්කාඩ් පහක් හා දුරකථන තුනක් හමුවී තිබෙන බව මාධ්‍ය වාර්තා කර තිබුණා. මේ සත්‍ය තත්ත්වය අධිකරණයට වාර්තා කිරීම සම්බ්නධයෙන් අපි නීතිපති දෙපාර්තමේන්තුවට ස්තූතිය පළ කරනවා.
බන්ධනාගාර ගතව සිටින අයට සිම්කාඩ් සහ දුරකථන ලැබුණේ කොහොමද කියලා රජය ඉතාම ඉක්මනින් හෙළි කළ යුතුයි.
එමෙන්ම ඒ දුරකථනවලින් ඇමතුම් ගත්තේ කාටද කියන එකත් හෙළි කළ යුතුයි. බන්ධනාගාර ගතවන පුද්ගලයන්ට දුරකථන පහසුකම්, නිදාගන්න මෙට්ට ආදි පහසුකම් ලැබෙන්නේ නැහැ. දේශපාලන පළිගැනීම් මත මමත් සිරගතව සිටියා. අර්ජුන් ඇලෝසියස්ට ලැබෙන පහසුකම් නොලැබුණ බවද කීය.
අල්ලස් හෝ දුෂණ කොමිෂන් සභාවට ඉදිරිපක් කළ පැමිණිල්ලක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා දීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී ෂෙහාන් සේමසිංහ මහතා අද (06) එහි පැමිණියේය.
පර්පෙචුවෙල් ටෙෂරීස් සමාගමේ හිමිකරු වන අර්ජුන ඇලෝසියස් සහ මන්ත්‍රී සුජීව සේනසිංහ මහත්වරුන් අතර පැවැති දුරකතන සංවාදයක් පිළිබඳව සහ සුජිව සේනසිංහ මහතාගේ හා ඔහුගේ ඥාතීන්ගේ වත්කම් සම්බන්ධයෙන් මීට පෙර අවස්ථාවකදී අල්ලස් හෝ දුෂණ කොමිෂන් සභාවට ෂෙහාන් සේමසිංහ මහතා කළ පැමිණිල්ලකට අදාලව මෙම ප්‍රකාශය ලබා දීමට නියමිතව තිබිණි.
(ඡායාරූපය - ඉෂාන් සංජීව)

2025 දෙසැම්බර් මස 18
468
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
251
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1042
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
‘ඇලෝසියස් හිරේදී ඇමැතුම් ලබා දුන්නේ කාටදැයි හෙළි කරන්න‘
nuwan Friday, 06 July 2018 12:38 PM
පුළුවන් නම් ඇමතුම් ලැබුණු අයගේ නම් හෙළි කරන්න. අනිවාර්යයෙන් මාමාටත් කතා කරන්න ඇති.
Raveendra Saturday, 07 July 2018 03:04 AM
පතිරණ මයා අපට " 0.00000000001% පමණ යම්කිසි " විශ්වාසයක් තිබෙනවා... ඔබ ගැන එය වර්ධනය කර ගැනීමට උත්සාහ කරන්න. අප, ඔබ අදාළ මූසල පාටට මෙන් අනෙකුත් රටේ තිබෙන මූසල පාටවලටත් අපගේ කිසිදු පැහැදීමක් නැති බවත් සඳහන් කිරීමට කැමැත්තෙමු. ඔබත් අපගේ බදුමුදල් වලින් යහමින් තුන්වේල පිනට ගිලදමන බොබිලෙක් බවත් සඳහන් කරන්නෙමු. මඩවලක ලැග්ගොත් අම්බරුවන් සමග ගොඩඑන්නේ මඩත් සමග බව වෙද්‍යවරයෙක් වන ඔබ නොදැනීම පිළිබඳව අප කනගාටු වන්නෙමු.