ඇමරිකා එක්සත් ජනපදයට අයත් ගුවන්යානාවලින් සමන්විත ප්‍රහාරක නෞකා කණ්ඩායමක් 1985 වසරට පසු පළමු වරට ශ්‍රී ලංකාවට හෙට(28) කොළඹ වරායට පැමිණීමට නියමිතය.
මෙම ප්‍රහාරක නෞකා සමූහයට යූඑස්එස් නිම්ට්ස්, යූඑස්එස් ප්‍රින්ස්ටන්, යූඑස්එස් හොවාර්ඩ්, යූඑස්එස් ශවුප්, යූඑස්එස් පින්ක්නේ සහ යූඑස්එස් කිඩ් යන යන නෞකා අයත් වේ. එසේ පැමිණෙන නෞකා ඔක්තෝබර් 31වැනිදා කොළඹ වරායෙන් පිටත්වේ.
ශ්‍රී ලංකා හා එක්සත් ජනපද නාවික හමුදාව අතර සම්බන්ධතාවයන් දිනෙන් දින වර්ධනය වීම මනාව පැහැදිලි කරමින් එම නෞකා මෙරටට පැමිණෙන අතර දෙරට අතර පැවැති ද්විපාර්ශ්වික CARAT නාවික අභ්‍යාසය සාර්ථකව අවසන් කිරීම ඉන් සංකේතවත් කෙරේ.
මෙම ප්‍රහාරක නෞකා කණ්ඩායම ශ්‍රී ලංකාවට පැමිණීමත් එම නෞකාවන්ට අවශ්‍ය භාණ්ඩ සහ සේවාවන් ශ්‍රී ලංකාවෙන් මිලදී ගැනීමත් දහස් ගණනක් එක්සත් ජනපද නාවිකයන් මෙරටට පැමිණීමත් තුළින් ශ්‍රී ලංකාවේ ආර්ථිකයට රුපියල් ට්‍රිලියන 1.54ක පමණ වාසියක් අත්වන බවටත් ඇස්තමේන්තු කර තිබේ.
මෙහි රැඳී සිටින කාලයේ ලාබ නොලබන ආයතන සමග වැඩ කිරීමටත්, රෝහල්, අනාථ නිවාස සහ වෙනස් ස්ථානයන්හි ප්‍රජා සේවයේ නිරතවීමටත් ඔවුහු අපේක්ෂා කරති.
කොළඹ නගරය දැක බලා ගැනීමටත් එහි අත්දැකීම් විඳ ගැනීමටත් තම කණ්ඩායම ආශාවෙන් පසුවන බව එම නෞකා කණ්ඩායමේ අණදෙන නිලධාරී රියර් අද්මිරාල් ග්‍රෙගරි හැරිස් පවසයි.
මෙහි පැමිණෙන නිම්ට්ස් නෞකාව තට්ටු 23කින් සමන්විත වන අතර ආසන්න වශයෙන් මීටර් 333ක පමණ දිගකින් යුක්තය. පුද්ගලයින් 5000කට එහි නවාතැන් පහසුකම් ඇති අතර එහි මුළුතැන්ගෙය මගින් සෑම දිනකම ආහාරවේල 18000ක් සපයනු ලබයි.


COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.