වොෂින්ටන්හිදීය (රොයිටර්)
ඉකුත් සතියේදී සිවිල් වැසියන් ඉලක්ක කරගෙන ගෑස් ප්‍රහාරයක් එල්ල කිරීමට ප්‍රතිචාර දැක්වීමක් ලෙස ඇමෙරිකා එක්සත් ජනපදය, බ්‍රිතාන්‍ය සහ ප්‍රංශය ඇතුළු ඒකාබද්ධ හමුදා සිරියාවට ගුවන් ප්‍රහාර මාලාවක් එල්ල කළේය.
සිරියානු ජනාධිපති බෂාර් අල් අසාද්ගේ ආණ්ඩුවට විරුද්ධව සටන් වදින කැරැලිකරුවන්ගේ පාලනයේ තිබෙන ඩූමා ප්‍රදේශයට රසායනික ප්‍රහාරයක් එල්ල කළ බවට රජයේ හමුදාවලට චෝදනා එල්ල විය. සිරියානු ආණ්ඩුව මෙන්ම රුසියාව ද එම චෝදනා ප්‍රතික්ෂේප කළ අතර මෙම සිදුවීම නිසා එක්සත් ජාතීන්ගේ සංවිධානය තුළ බෙදීමක් ද හට ගත්තේය.
සිරියානු යුද්ධය ආරම්භ වීමෙන් අනතුරුව ඇමෙරිකා එක්සත් ජනපදය ප්‍රමුඛ බටහිර රටවල් සිරියානු ජනාධිපති බෂාර් අල් අස්දාගේ නායකත්වයෙන් යුතු රජයේ හමුදාවලට එරෙහිව දියත් කරන විශාලතම ප්‍රහාරය සහ මැදිහත්වීම ද මෙයයි. සිරියානු ජනාධිපතිවරයාගේ සහ රජයේ හමුදාවලට එරෙහිව හමුදාමය ක්‍රියාමාර්ග ගත යුතු යැයි ඇමෙරිකා එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිකුරාදා (13) රාත්‍රියේ නිවේදනය කළ අතර ගුවන් ප්‍රහාර එල්ල කරන ලෙස ද අණ දුන්නේය. ඔහු අණදුන් විගස සිරියාවේ ඩැමැස්කස් නුවරින් විශාල පිපිරුම් හඬවල් ඇසිණි. ඉන් ටික වේලාවකට පසු බ්‍රිතාන්‍ය සහ ප්‍රංශ ගුවන් හමුදාද එම ප්‍රහාරවලට එක්වූ බව බ්‍රිතාන්‍ය අගමැතිනි තෙරේසේ මේ සහ ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්රෝන් පැවැසූහ.
අසාද් ආණ්ඩුව රසායනික අවි භාවිතය නතර කරන තුරු මේ ආකාරයෙන් අඛණ්ඩව ගුවන් ප්‍රහාර එල්ල කරන බව ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් පැවැසීය.
වසර හතක් තිස්සේ දිග්ගැස්සෙන් සිරියානු සිවිල් යුද්ධයට ඇමෙරිකාව ප්‍රමුඛ බටහිර රටවල් සම්බන්ධව සිටියද සිකුරාදා (13) රාත්‍රියේ සහ සෙනසුරාදා (14) අලුයම් කාලයේ එල්ල කරන ලද ගුවන් ප්‍රහාර මාලාව බටහිර රටවල් සිරියාවේ කරන ලද විශාලතම මැදිහත් වීම විය. එය රුසියාවට එරෙහිව කරන ලද ප්‍රහාරයක් ද විය. ඇමෙරිකාව ප්‍රමුඛ බටහිර රටවල් ආණ්ඩුව විරෝධී කැරැලිකරුවන් සහ විපක්ෂ කණ්ඩායම්වලට සහාය දක්වන අතර රුසියාව සිරියාවේ ජනාධිපති බෂාර් අල් අසාද් ප්‍රමුඛ ආණ්ඩුවට සහ රජයේ හමුදාවලට සහාය දක්වයි. රුසියාව සිරියානු සිවිල් යුද්ධයට මැදිහත්වූයේ 2015 වසරේදීය.
055

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ ප්‍රහාර ඔය කියන තරම් ප්‍රභල ප්‍රහාර නොවන බවයි කියවෙන්නේ. ඇමෙරිකානු මිත්‍ර සන්ධානය එල්ල කරපු සියලුම ප්‍රහාර රුසියානු ගුවන් ආරක්ෂණ කලාපයට ඇතුළුවෙලා නැති බව ප්‍රකාශ කළා. ඒ කියන්නේ රුසියානු යුධ ශක්තිය පොඩ්ඩක් කොනිත්තලා, හුරලා බැලුවට පහරක් ගන්න ඇමෙරිකාව උනත් බයයි කියන එකයි. ඒ කොහොම උනත් ආයේ ලෝක යුද්ධයක්නම් එපා..!!
එන පොට හොද නෑ...
සිරියාවත් තවත් ලිබියාවක් ඉරාකයක් කරන්න යන්නේ කට්ටිය එකතු වෙලා. මට පුදුම ප්‍රංශය මේ ප්‍රහාර වලට එකතු වුණෙ ඇයි කියලයි .
කොහොම කොහොමහරි ලෝකේ ඉන්න බලවත්තු සේරමටික එකතුවෙලා මේ මුළු ලෝකෙම විනාශ කරලා දාන දවස තව වැඩි ඈතක නෙවෙයි වගේ.
මගේ අදහස නම් මැද පෙරදිග අයත් යම් ප්‍රති ප්‍රහාරයක් දෙයි හරි වෙලාව බලලා මීට පෙර වුනේ එහෙමයි.
රටකට නැගිටින්න දෙන්නේ නෑ
සිරියාවේ ජනතාවට දැන් වෙලා තියෙන්නේ ගහෙන් වැටුන මිනිහට ගොනා ඇන්නා වගේ දෙයක් .
රුසියානු බලය මැද පෙරදිග ව්‍යාප්ත වීමට අැමරිකානු සංධානය අකමැතිය. රුසියාවට තව මැදපෙදිග සිටින මිතුරන් වන්නේ සිරියාව හා ඉරානයයි. ඔවුන් අඩපන කිරීම අැමරිකාවේ මූලික අරමුණයි. අරමුණ රුසියාව හුදකලා කිරීමයි. එතකොට ඔවුන්ට ලෝකය තුළ හිතුමතේ කරනම් ගැසිය හැකිය. අැමරිකාව කෙසේවෙතත් යුරෝපා රටවල්නම් ගොන් පොරේකට මැදිවුන මයිනට වෙච්ච දේ තමයි වෙන්නේ. රුසියානු න්‍යෂ්ඨික බෝම්බ වලට කෙලින්ම ගොදුරු වෙන සීමාවේ සිටී.
පුටින් මහතා වචනෙන් හරි අපි ඔබට සහයෝගය.
මේ රටවල තෙල් තිබුනෙ නැත්නම් මේ දේ කිසිම බලගතු රටකට ඇති වෙන්නෙ නෑ. එහෙනම් පැත්ත පලාතෙ බලන්නෙ නෑ.
රුසියාව හුදකලා කිරීම... රුසියාව කියන රට ලෝකයා දන්නේ ඇමරිකාව සොයාගන්නත් කලින්. තවටික කාලෙකින් හුදකලා වන්නේ ඇමරිකාවයි. ඒ පෙට්‍රෝ ඩොලරය වෙනුවට පෙට්‍රෝ යුආන් ලෝකය පිළිගත් විටයි. දැනටමත් යුක්‍රේනයට තෙල් දීමට සෞදිය කැමැත්ත පළකර ඇත.