රොයිටර් ඇසුරිනි - 055
උතුරු කොරියාව තම හමුදාවේ 85 වැනි සංවත්සර උළෙල හමුදා අභ්‍යාස ද කරමින් අඟහරුවාදා දිනයේදී සමරනු ලැබීය. කොරියානු අර්ධද්වීපයේ අර්බුදකාරී තත්ත්වය දිනෙන් දින උග්‍ර අතට හැරෙන අවස්ථාවකදී තම හමුදා බලය පෙන්වමින් උතුරු කොරියාව හමුදාව 85ක් ගෙවීමේ සතුට සමරද්දි ඇමෙරිකාව දකුණු කොරියාව වෙත සබ්මැරීනයක් එවීය.
ඇමෙරිකාවට අයත් ප්‍රහාරක ගුවන් යානා 100කට වැඩි සංඛ්‍යාවක් රැගෙන යා හැකි ඇමෙරිකා නාවික හමුදාවට අයත් යුඑස්එස් කාල් වින්සන් නෞකාව මේ වනවිට කොරියානු අර්ධද්වීපය වෙත ළඟා වෙමින් තිබේග දකුණු කොරියාව වෙත ළඟා වූ සබ්මැරීනය යු එස්එස් මිචිගන් බව පැවසෙන අතර ඊට න්‍යෂ්ටික මිසයිල ප්‍රහාර එල්ල කිරීමේ හැකියාව ද තිබේ. ඒ අතරවාරයේදී උතුරු කොරියාව සම්බන්ධයෙන් අවධානයෙන් කටයුතු කරන දකුණු කොරියාවේල ජපානයේ සහ ඇමෙරිකා එක්සත් ජනපදයේ නිලධාරීහු ටෝකියෝවලදී හමු වී සාකච්ඡා පැවැත්වූහ.
එක්සත් ජාතීන්ගේ සම්බාධක නොසලකා හරිමින් උතුරු කොරියාව තවත් න්‍යෂ්ටික හෝ දිගු දුර මිසයිලයක් අත්හදා බලනු ඇතැයි පසුගිය සති කිහිපයේදී ජාත්‍යන්තරය තුළ බියක් ඇති කර තිබිණිග විශේෂයෙන්ම අඟහරුවාදා දිනයේදී ඔවුන් එවැනි අත්හදා බැලීමක් කරනු ඇතැයි ඇමෙරිකාව සහ දකුණු කොරියාව පසුගිය දින කිහිපයේදී නිරන්තරයෙන් පැවැසීයග
එහෙත් න්‍යෂ්ටික හෝ මිසයිල අත්හදා බැලීම් වෙනුවට උතුරු කොරියාව නැගෙනහිර වෙරළ තීරයේ වොන්සැන් පළාතේ දිගු දුර කාලතුවක්කු ඒකක ස්ථාපිත කරමින් සජිවී යුද අභ්‍යාසකය නිරත වූ බව දකුණු කොරියා ආරක්ෂක අංශ නිවේදනය කළේය. වොන්සන් හි උතුරු කොරියාවට අයත් ගුවන් කඳවුරක් තිබෙන අතර එහි මිසයිල ද අත්හදා බලයි.




COMMENTS
ලෝකෙට පරකාසේ ගෙදරට මරගාතේ කියල කියමනක් තියනවා.
හිට්ලර් වගේ හිතන ඒකාධිපතියන් කිහිපදෙනෙක් ලෝකය වැනසුව. හැබැයි ඉවරවුනේ තමන්ටම විනාශය ලබාගෙන. කිම් ජොං කොහාටද?
උතුරු කොරියාව නිකන් ඉල්ලාගෙන බඩ පිරෙන්නම කන්න හදනවා.
විරයා වගේ හිටියට වැඩේ වැරදුණොත් මැරෙන්නේ අහිංසක රට වැසියෝ...