IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


ඇමරිකාවෙන් ශ්‍රී ලංකාවට බලකිරීමක්

(හර්ෂණ තුෂාර සිල්වා)

ජාත්‍යන්තර මහජන සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුව ආගමික විශ්වාසවලට සහ සංස්කෘතික සම්ප්‍රදායවලට ගරු කරන්නැයි ශ්‍රී ලංකාවට බල කර සිටින බව ඇමෙරිකා එක්සත් ජනපදය ප්‍රකාශ කරයි.

එසේ කිරීම තුළින් ජනතාවට සිය විශ්වාසවලට අනුකූලව ඔවුන්ගේ ආදරණීයන්ට නිසි පරිදි සමුදීමට අවස්ථාව උදා වනු ඇතැයි ද ඇමෙරිකා එක්සත් ජනපදය සඳහන් කරයි.

ඇමෙරිකා එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව වෙනුවෙන් එම දෙපාර්තමේන්තුවේ දකුණු හා මධ්‍යම ආසියානු කාර්යාලය ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් මේ බව සඳහන් කර තිබේ.
 
‘කොවිඩ්-19’ ඛේදවාචකය හේතුවෙන් විශාල පිරිසකට ජීවිත අහිමි වී ඇතැයි ද එම ට්විටර් පණිවුඩයේ දැක්වේ.
 
එම ට්විටර් පණිවුඩය නිකුත් වීමෙන් පසු ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපතිනි ඇලෙයිනා බී. ටෙප්ලිට්ස් මහත්මිය ද ට්විටර් පණිවුඩයක් නිකුත් කර ඇත.
 
ශ්‍රී ලංකාවේ අනිවාර්ය ආදාහන ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් ඇමෙරිකාව සිය සැලකිල්ල සහ මහත් ඕනෑකම ශ්‍රී ලංකා රජයට දැනුම් දී ඇති බවත් ශ්‍රී ලංකාවේ බහුවිධ ප්‍රජාවල සම්ප්‍රදායවලට ගරැ කරන්නැයි බල කර සිටින බවත් ඇමෙරිකානු තානාපතිනිය සිය ට්විටර් පණිවුඩයේ සඳහන් කර ඇත.
 
ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශවලට අනුව ‘කොවිඩ්-19’ ආසාදනය වී මිය යන පුද්ගලයන්ගේ සිරුරු භූමදානය කළ හැකි බව ද එම සංවිධානයේ මාර්ගෝපදේශ උපුටා දක්වමින් තානාපතිනිය තවදුරටත් සඳහන් කර ඇත.
 
මේ අතර ජාත්‍යන්තර මහජන සෞඛ්‍ය මාර්ගෝපදේශ හා අනුකූලව ඔවුන්ගේ ඇදහිලි පිළිපැදීම සඳහා අවසර දීමෙන් ඔවුන්ගේ අයිතිවාසිකම් සහ අභිමානය සඳහා ගරැ කළ යුතු වේ යැයි මෙරට ඇමෙරිකානු තානාපතිනිය මීට පෙර නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර තිබිණි. 



අදහස් (7)

ඇමරිකාවෙන් ශ්‍රී ලංකාවට බලකිරීමක්

මුණසිංහ Sunday, 31 January 2021 12:24 PM

තමන්ගේ රටේ කෝවිඩ් පාලනය ගැන බලා ගත්තොත් මීට නරකද? අපේ වැඩ අපි බලාගන්නම්...

:       0       0

fairoos Sunday, 31 January 2021 12:40 PM

එයාලා කියනවා අපි කරන්න ගියොත් ලංකාවේ ඉන්න අයගේ තරම අඩුවෙනවනේ...

:       0       0

Deepal Nirosh Sunday, 31 January 2021 03:31 PM

ඔය බහුවිධ සංස්කෘතිවලට ගරු කරන්න කලින් ලොකු කුඩා ප්‍රබල දුබල හැම රටකම අනන්‍යතාවයට ගරු කරන්න පුරුදු වෙලා ඉන්න.

:       0       0

69lakshaya Monday, 01 February 2021 03:54 AM

ඇමෙරිකාවේ කවුද අපිට බලපෑම් කරන්න. අපි 30 අවුරුදු යුද්ධයක් කරලා දින්නා. ඇමෙරිකාව වැඩක් බලාගෙන පරිස්සමෙන් ඉන්න.

:       0       0

amila Monday, 01 February 2021 06:53 AM

අපේ අය කවුරුවත් මේවට කතා නැහැ.

:       0       0

Rohini Monday, 01 February 2021 01:27 PM

ශ්‍රී ලංකාව ඉතා කුඩා රටක් වන අතර ඇමෙරිකාව තරම් විශාල නැත. ශ්‍රී ලංකාව පොළවේ සිට අඩි 4. 5 ගැඹුර කපන කොට ජලය මතුවෙනවා. ඒ සමග වෛරසය භූගත ජලයට වෛරසය මිශ්‍රවීමට ඉතා ඉක්මණින් විය හැකියි. ඇමරිකාව වගේ මුඩුබිම් ශ්‍රී ලංකාවේ නැත. ඇමරිකාවේ සීඝ්‍රයෙන් මේ වෛරසය පැතිරීමද මෙයට එක් කරුණක් විය හැක. ශ්‍රී ලංකාවේ රජය මෙය පාලනය කරන බැවින්..., ශ්‍රී ලංකාවට බලපෑම් කිරීමට ඇමරිකාව යුතුකමක් නොවේ.

:       0       0

chandima Thursday, 04 February 2021 05:22 PM

ඒත් ඉතින් යන්න හිත දෙන්නේ නැහැනේ...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 602 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 294 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1094 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site