සිංගප්පූරුවේදීය (ඒ.එෆ්.පී)
“ඇමෙරිකා එක්සත් ජනපදය සහ උතුරු කොරියාව අතර නව සබඳතා” සහ “ආරක්ෂක සහතිකය” යන කරුණු ජනාධිපති ට්‍රම්ප් සහ උතුරු කොරියානු නායක කිම් ජොන් උන් අත්සන් කළ ලියවිල්ලේ සඳහන්ව ඇතැයි වාර්තා වේ.
කලක් සතුරන් වූ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ උතුරු කොරියානු නායක කිම් ජොන් උන් මෙම ඓතිහාසික හමුවේදී නැවත එකිනෙකා හමුවන බව ද ප්‍රකාශ කළහ.
කොරියානු අර්ධද්වීපය සම්පූර්ණයෙන්ම න්‍යෂ්ටික අවිවලින් තොර කලාපයක් බවට පත් කිරීමත් ඇමෙරිකා එක්සත් ජනපදය උතුරු කොරියාවේ ආරක්ෂාව පිළිබඳ සහතික වීමත් යන කරුණු ද අදාළ ලියවිල්ලේ සඳහන් යැයි වාර්තා වේ.
න්‍යෂ්ටික අවිහරණය සම්බන්ධයෙන් විමසූ විට “අපි එම ක්‍රියාවලිය ආරම්භ කරනවා” යැයි ද “එය ඉක්මනින්ම ආරම්භ කරනවා” යැයි ද ජනාධිපති ට්‍රම්ප් පැවැසීය.
055
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd